Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිම්බාබ්වේ තරග 3-2 කින් එක්දින තරගාවලිය ජය ගනියි


ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් එක්දින තරගයෙන් තියුණු සටනකින් පසු කඩුලු 3 ක ජයක් ලැබූ සිම්බාබ්වේ තරගාවලිය 3-2 ලෙස ජය ගැනීමට සමත් විය.
මෙම ජය වසර 2009 ට පසු සිම්බාබ්වේ විදේශයකදී ලැබූ පළමු තරගාවලි ජය ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 203 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වූ අතර ලකුණු 204 ක ඉලක්කය පන්දුවාර 38.1 කදී කඩුලු 7 ක් දැවී පසු කිරීමට පිතිකරුවෝ සමත් වූහ.ලකුණු හඹා යාමේදී සිම්බාබ්වේට සාර්ථක ආරම්භයක් ලබාදුන් මසකඩ්සා සහ මිරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් තැබිය.
මිරේ ලකුණු 43 කට දවා ගැනීමට අකිල ධනංජය සමත්වූ අතර පන්දු 86 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 73 ක් ලැබූ මසකඩ්සා දවා ගැනීමට මාලිංග සමත්විය.
ඉන් පසු ක්‍රියාත්මක වූ අකිල සිම්බාබ්වේට තියුණු තර්ජනයක් එල්ල කරමින් ලකුණු 37 ක් ලැබූ මුසකන්ඩාගේ කඩුල්ලද සහිතව කඩුලු 4 ක් බිඳ හෙලූ අතර මාලිංග සිය දෙවැනි කඩුල්ල ලෙස වොලර් දවා ගැනීමත් සමගම සිම්බාබ්වේ කඩුලු 7 ක් ලකුණු 175 ක් තුළ බිඳ වැටුණි.
පිටියේ එක්වූ සිකන්දර් රාසා සහ නායක ක්‍රීමර් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 29 ක සම්බන්ධතාවක් තබමින් සිම්බාබ්වේ ජය තහවුරු කළේය.
රාසා හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සහිතව නොදැවී ලකුණු 27 ක් ලබා හයේ පහරකින් ජය තහවුරු කළේය. නායක ක්‍රීමර් නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය.පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය කඩුලු 4 ක් බිඳ හෙලූ අතර මාලිංග කඩුලු 2 ක් බිඳ හෙලීය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල කිරීමට සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් සමත්වූ අතර සිකන්දර් රාසා සහ ග්‍රැහැම් ක්‍රීමර් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූහ.
තරගාවලිය පුරා ලකුණු අතර සිටි දික්වැල්ල ලකුණු 3 කට දවා ගැනීමට චටාරා සමත්වීමෙන් පසු කුසල් මෙන්ඩිස් (01) සහ උපුල් තරංග (06) පිටියෙන් ඉවත් කිරීමට රාසා සමත්වීමෙන් කඩුලු 3 ක් ලකුණු 31 ක් තුළ බිඳ වැටුණි.
නායක මැතිව්ස් සහ
ධනුෂ්ක ගුණතිලක එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු මැතිව්ස් ලකුණු 24 කට දවා ගැනීමට ක්‍රීමර් සමත් විය.
ධනුෂ්ක සහ අසේල එක්ව ඉනිම ගොඩනංවමින් සිටියදී පන්දු 86 කදී හතරේ පහර 5 ක්
සහිතව ලකුණු 52 ක් ලැබූ ධනුෂ්ක ක්‍රීඩාගාරයට යැවීමට විලියම්ස් සමත් වීමෙන් ශ්‍රී ලංකා සටන අඩපණ විය.
වනිඳු හසරංග ලකුණු නොලබාම රාසාට ගොදුරු වූ අතර කුලසේකර ක්‍රීමර් හමුවේ ලකුණු 5 කට දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ 6 වැනි කඩුල්ල ලකුණු 120 දී බිඳ වැටුණි.
අකිල ධනංජය ලකුණු 7 කට වොලර්ට ගොදුරු වූ අතර අසේල සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 50 ක සම්බන්ධතාවක් තැබිමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 203 ක් රැස් කර ගත හැකිවිය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අසේල පන්දු 81 කදී හතරේ පහර 4 ක් සහිතව නොදැවී ලකුණු 59 ක් ලබාගත් අතර
දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තේය.
සිකන්දර් රාසා ලකුණු 21 ට කඩුලු 3 ක්ද, ක්‍රීමර් ලකුණු 23 ට කඩුලු 2 ක්ද බිඳ හෙලූ අතර චටාරා, විලියම්ස් සහ වොලර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව


නිරෝෂන් දික්වැල්ල ඇ. මුවර් ප. චටාරා3
ධනුෂ්ක ගුණතිලක ක.මු.ක. ප. විලියම්ස්52
කුසල් මෙන්ඩිස් ඇ. ක්‍රීමර් ප. සිකන්දර් රාසා1
උපුල් තරංග ප. සිකන්දර් රාසා 6
ඇන්ජලෝ මැතිව්ස් ඇ. මසකඩ්සා ප. ක්‍රීමර්24
අසේල ගුණරත්න (නොදැවී)59
වනිඳු හසරංග ඇ. ක්‍රීමර් ප. සිකන්දර් රාසා0
නුවන් කුලසේකර ප. ක්‍රීමර් 5
අකිල ධනන්ජය ඇ. මුසකන්දා ප. වොලර්7
දුෂ්මන්ත චමීර (නොදැවී)18
අතිරේක 28
මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී)203
කඩුලු බිඳ වැටීම :- 1-3, 2-13, 3-31, 4-78, 5-119, 6-120, 7-126, 8-153
පන්දු යැවීම :- සිකන්දර් රාසා 10-1-21-3, ටෙන්ඩායි චටාරා 9-1-49-1, ග්‍රැහැම් ක්‍රීමර් 10-1-23-2, ක්‍රිස් මෝෆු 6-0-36-0, ෂේන් විලියම්ස් 10-0-41-1, මැල්කම් වොලර් 5-0-21-1


සිම්බාබ්වේ

හැමිල්ටන් මසකඩ්සා ඇ. කුලසේකර ප. මාලිංග73
සොලමන් මිරේ ප. ගුණරත්න 43
කෙනත් මුසකන්ඩා ඇ. ද සිල්වා ප. ධනන්ජය 37
කේ‍ර්ග් අර්වින් ක.මු.ක. ප. ධනන්ජය  2
ෂේන් විලියම්ස් ඇ. මෙන්ඩිස් ප. ධනන්ජය2
සිකන්දර් රාසා (නොදැවී) 27
මැල්කම් වොලර් ඇ. හා ප. මාලිංග1
පීටර් මුවර් ඇ. මෙන්ඩිස් ප. ධනන්ජය1
ග්‍රැහැම් ක්‍රීමර් (නොදැවී)11
අතිරේක 7
මුළු ලකුණු (පන්දුවාර 38.1කදී කඩුලු 7ක් දැවී)204
කඩුලු බිඳ වැටීම :- 1-92, 2-137, 3-148, 4-152, 5-165, 6-172, 7-175
පන්දු යැවීම :- ලසිත් මාලිංග 10-0-44-2, නුවන් කුලසේකර 3-0-25-0, අසේල ගුණරත්න 4-0-23-1, අකිල ධනන්ජය 10-1-47-4, වනිඳු හසරංග 6.1-0-45-0, දුෂ්මන්ත චමීර 4-1-16-0, ධනුෂ්ක ගුණතිලක 1-0-2-0

මංගල ධර්මප්‍රේම සූරියවැව සිට

 

IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1579

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2368

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5442

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5169

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5871

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10036

Please publish modules in offcanvas position.