Coss Ear2
lakbima.lk
COSS Ear 1

පන්දු යැවීමේ වෙනසක් සමග ශ්‍රී ලංකාව අද අවසන් සටනට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පස්වැනි එක්දින තරගය අද (10දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගයෙන් තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන බැවින් උණුසුම් තරගයක් සඳහා දෙපිලම සූදානමින් පසුවෙයි.
අනපේක්ෂිත ලෙස සිම්බාබ්වේ තරගාවලිය සම කිරීම නිසා අවසන් තරගයේ පීඩනය මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට එල්ලවී තිබේ.
සිව්වැනි තරගයේදී පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා අද පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ. සිව්වැනි තරගයට ක්‍රීඩා නොකළ නුවන් කුලසේකර, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය කෙරෙහි අද තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. 
සිව්වැනි තරගයෙන් පසු නායක මැතිව්ස්ද පැවැසුවේ පිතිකරුවන් ලකුණු 300 සීමාව ඉක්මවුවද එය ආරක්ෂා කර ගැනීමට පන්දු යවන්නන් අසමත්වීම කනගාටුවට කරුණක් බවයි.
පසුගිය සෙනසුරාදා පැවැති සිව්වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 4 ක ජයක් ලැබූ සිම්බාබ්වේ තරගාවලිය 2-2ක් ලෙස සම කිරීමට සමත් විය.
එම තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 6 ට ලකුණු 300 ක් ලැබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට සිම්බාබ්වේ පන්දුවාර 21 කදී කඩුලු 3 ට ලකණු 139 ක් ලබා සිටියේය.
ඉන්පසු ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට සිම්බාබ්වේට පන්දුවාර 31 කදී ලකුණු 219  ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 29.2 කදී කඩුලු 6 ට ලකුණු 219 ක් ලබා ජය ගනිමින් තරගාවලිය සම කිරීමට සිම්බාබ්වේට හැකිවිය.
සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 56 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 69 ක් ලබාගත් කේ‍ර්ග් අර්වින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මෙම තරගයේදී සිදුවූ විශේෂතම සිදුවීම වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීමයි.
පිට පිටම තරග දෙකකදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 කට වැඩි සම්බන්ධතාවක් තැබූ පළමු පිතිකරු යුගලය ලෙස දික්වැල්ල සහ ධනුෂ්ක වාර්තා ‍පොතට එක්විය.
මෙහිදී දික්වැල්ල පිට පිටම දෙවැනි ශතකය වාර්තා කරමින් පන්දු 118 දී හතරේ පහර 8 ක් සහිතව ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් විය.
මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක සම්බන්ධතාවක් වාර්තාවූ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 101 කදී හතරේ පහර 7 ක් සහිතව ලකුණු 87 ක් වාර්තා කළේය.
නායක මැතිව්ස් සහ උපුල් තරංග එක්ව ලකුණු 41 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු තරංග (22) රාසාට ගොදුරු වූ අතර අසේල ගුණරත්න (01) සහ කුසල් මෙන්ඩිස් (00) පිටියෙන් ඉවත් කිරීමට මෝෆු සමත් විය.
පන්දු 40 කදී හයේ පහර 2 ක් සහිතව ලකුණු 42 ක් ලැබූ මැතිව්ස් අවසන් පන්දුවේදී චටාරාගේ පන්දුවකට දැවී යන විට ශ්‍රී ලංකාව ලකුණු 300 ක් රැස් කරගෙන තිබුණි.
ලකුණු 301 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් වන මසකඩ්සා සහ මිරේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 67 ක සම්බන්ධතාවක් තැබූ අතර මසකඩ්සා (28) සහ මිරේ (43) පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත් විය.
මුසකන්ඩා පන්දු 22 දී හතරේ පහර 5 ක් සහිතව ලකුණු 30 ක් ලබා චමීරට ගොදුරු වුවද ලකුණු වේගය රඳවා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.
වර්ෂාවෙන් පසු විලියම්ස් (06) දවා ගැනීමට අසේල සමත් වූ අතර රාසා ලකුණු 10 කට දවා ගැනීමට වනිඳු සමත්විය.
වොලර් (20) සහ අර්වින් (නොදැවී 69) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් තබමින් සිම්බාබ්වේ ජය තහවුරු කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළීය.
 
මංගල ධර්මප්‍රේම සූරියවැව සිට

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 748

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 358

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3465

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1962

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5048

Please publish modules in offcanvas position.