Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාදයේ ආශ්‍රිත ආබාධ වැළැක්වීමට විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.පසුගිය කාලය පුරා ක්‍රීඩකයන්ගේ ඇතිවූ ආබාධ සලකා බැලීමෙන් පසු පාදයේ සහ වළලුකර පිළිබඳ විශේෂඥයකු වන නිකලස් ස්පේ‍රන්ජර් මහතාගේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබේ.මේ අනුව මීට පෙර එක් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණි නිකලස් ස්පේ‍රන්ජර් මහතා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සාකච්ඡාකොට පාදවල හැඩය අනුව පාවහන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.
මෙහි දෙවැනි පියවර වශයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ස්පේ‍රන්ජර් මහතා අදාළ පාවහන් නිර්මාණය කිරීම සඳහා සිය උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබේ.ඊයේ (26දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී නිකලස් ස්පේ‍රන්ජර් මහතා පැවසුවේ ක්‍රීඩකයන්ගේ පාද සහ වළලුකර ආරක්ෂා කර ගනිමින් ආබාධ වළක්වා ගැනීම 100ක් සිය දායකත්වය කණ්ඩායමට ලබා දීමට ඉවහල් වන බවයි.
මේ අනුව පාවහන් මෙන්ම ව්‍යායාම් වැඩපිළිවෙළක්ද සිදුකළ යුතු බවත්, සාර්ථකව මෙය සිදු කිරීමෙන් ආබාධ වළක්වා ගැනීමට හැකි බවයි.
මෙම වැඩපිළිවෙළ සඳහා පූර්ණ වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරන බවත් එය වියදමක් නොව ආයෝජනයක් ලෙස සලකා කටයුතු කරන බව ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසීය.මෙහිදී අදහස් දැක්වූ ඉහළ දක්ෂතා වර්ධන කළමනාකරු සයිමන් විල්ස් පැවසුවේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම්වල මෙම වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
මේ අනුව ක්‍රීඩකයන්ගේ පාදයේ හැඩය අනුව පාවහන් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත්, බොහෝ විට ආබාධවලට ලක්වන වේගපන්දු යවන්නන්ගේ ආබාධ අවම කර ගැනීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බවයි.

මංගල ධර්මප්‍රේම

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4591

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click