Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

චැම්පියන්ස් කුසලාන පාකිස්තානයට

ICC Slideචැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් හිටපු ශූර ඉන්දියාව ලකුණු 180කින් පරාජය කළ පාකිස්තානය පළමු වරට කුසලාන දිනා ගැනීමට සමත් විය.
ඕවල් පිටියේදී පැවැති අවසන් මහා තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 50දී කඩුලු 4ට ලකුණු 338ක් ලබාගත් අතර, ඉන්දියාවට පන්දුවාර 30.3කදී ලබාගත හැකිවූයේ ලකුණු 158ක් පමණි.
මෙම අවසන් මහා තරගයේදී තියුණු සටනක් අපේක්ෂා කළද තුන් ඉරියව්වෙන්ම ඉන්දියාව පරාජය කළ පාකිස්තානය අවසානයේදී සටනකින් තොර ජයක් ලැබිය.
පාකිස්තානය වෙනුවෙන් සියලුම පිතිකරුවන් සිය යුතුකම් කොටස ඉටු කළ අතර, නවක පිතිකරු ෆකාර් සමාන් පන්දු 106කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 114ක් වාර්තා කරමින් සුපිරි ඉනිමක නිරත විය.
ආරම්භක පිතිකරු අසාර් අලී ලකුණු 59ක්ද, බාබර් අසාම් ලකුණු 46ක්ද, මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57ක්ද වාර්තා කිරීමට සමත් වූහ.
ලකුණු හඹායාමට පිටියට පිවිසි ඉන්දීය පි‍ලේ ලකුණු අතර සිටි පළමු පිතිකරුවන් තිදෙනා ක්‍රීඩා ගාරයට යැවීමට මොහොමඩ් අමීර් සමත් වීමෙන් පාකිස්තානයට ජය මාවත විවර විය.
රෝහිත් ෂර්මා (0), විරාත් කෝලි (5), ෂිකර් ධවාන් (21) දැවී යාමෙන් පසු යුවරාජ් සිං සහ කෙදර් ජදාව් දවා ගැනීමට ෂඩාබ් ඛාන් සමත් වීමෙන් කඩුලු 5ක් ලකුණු 54ක් තුළ බිඳ වැටුණි.
හුදෙකලා සටනක නිරත වූ හර්දික් පාන්ඩයා පන්දු 43කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සහිතව ලකුණු 76ක් ලබා දුවද්දී දැවී යාමකට හසු වීමෙන් පසු පසුපෙළ බිඳ දැමීමට හසන් අලී සමත් විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ මොහොමඩ් අමීර් සහ හසන් අලී කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර,
ෂඩාබ් ඛාන් කඩුලු 2ක් බිඳ හෙළීය.

PAKISTAN

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 2414

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 2387

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1319

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2763

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4229

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10473

Please publish modules in offcanvas position.