Coss Ear2
lakbima.lk
COSS Ear 1

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (14දා) කාඩිෆ්හි පැවැති එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය.
මේ අනුව අද (15දා) පැවැත්වෙන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා සමග ලබන 18දා පාකිස්තානය අවසන් මහා තරගයට ක්‍රීඩා කරයි.
මෙම තරගාවලියේදී ආසියානු කණ්ඩායම් දෙකක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමද කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.
ඊයේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 211කට සීමා කිරීමට පාකිස්තානු වේග පන්දු යවන්නෝ සමත් වූ අතර, ලකුණු 212ක ඉලක්කය පන්දුවාර 37.1කදී කඩුලු 2ක් දැවී ලබා ගනිමින් අවසානයේදී පහසු ජයක් වාර්තා කළේය.
පාකිස්තානු ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ හසන් අලී ලකුණු 35කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, රුම්මාන් රීස් සහ ජුනේඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
මොහොමඩ් අමීර් ආබාධයක් හේතුවෙන් තරගයට ක්‍රීඩා නොකළද ඔහුගේ අඩුව පිරිමැසූ සෙසු වේග පන්දු යවන්නෝ ප්‍රබල එංගලන්ත පිතිකරු ලැයිස්තුවට තියුණු තර්ජනයක් එල්ල කළේය.
එංගලන්තය වෙනුවෙන් ජොනී බේස්ටෝව් ලකුණු 43ක්ද, ජෝ රූට් ලකුණු 46ක්ද වාර්තා කළහ.
ලකුණු හඹායාමේදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන අසාර් අලී සහ ෆකාර් සමාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සම්බන්ධතාවක් වාර්තා කළ අතර, ෆකාර් සමාන් පන්දු 58කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 57ක් වාර්තා කළේය.
සාර්ථක ඉනිමක නිරත වූ අසාර් අලී පන්දු 100කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 76ක් වාර්තා කළේය.
පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගිය බාබර් අසාම් නොදැවී ලකුණු 38ක්ද මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 31ක්ද වාර්තා කරමින් 38 වැනි පන්දු වාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1242

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 707

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4108

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2357

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4389

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5545

Please publish modules in offcanvas position.