Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සෆ්රාස්ගේ සුපිරි පිතිහරඹයෙන් පාකිස්තානය අවසන් පූර්ව වටයට

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (12දා) කාඩිෆ්හි පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කළ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.
මේ අනුව එංගලන්තය සහ පාකිස්තානය අතර පළමු අවසන් පූර්ව තරගය හෙට (14දා) කාඩිෆ්හිදී පැවැත්වේ.
ඊයේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2කදී ලකුණු 236කට දැවී ගිය අතර පාකිස්තානය පන්දුවාර 44.5කදී කඩුලු 7කට ලකුණු 237ක් ලබමින් ජය වාර්තා කළේය.
ඊයේ තරගයේදී ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමට අනගි අවස්ථාවක් හිමිවී තිබුණද අවශ්‍යම අවස්ථාවේදී සෆ්රාස් අහමඩ් ලබාදුන් පහසු උඩපන්දුවක් තිසර පෙරේරා අතින් ගිලිහී යාමෙන් අවසානයේදී සෆ්රාස් තරගයේ වීරයා බවට පත්විය.
සෆ්රාස් ලකුණු 38ක් ලබා සිටියදී මාලිංගගේ පන්දුවකට තිසර පෙරේරා අතට ලබාදුන් පහසු උඩපන්දුව ගිලිහී ගිය අතර, ඊළඟ පන්දු වාරයේදී යළිත් සෆ්රාස් ලබාදුන් උඩපන්දුවක් අතිරේක ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න අතින් ගිලිහී ගියේය.
ඉන් උපරිම ප්‍රයෝජන ගත් සෆ්රාස් අහමඩ් පන්දු 79කදී හතරේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 61ක් ලබමින් පාකිස්තානය අවසන් පූර්ව වටය දක්වා රැගෙන ගියේය.
සෆ්රාස්ට අනගි සහයක් ලබාදුන් මොහොමඩ් අමීර් නොදැවී ලකුණු 28ක් ලැබූ අතර, සෆ්රාස් සහ අමීර් අතර 8 වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 75ක් විය.
ලකුණු හඹායාමේදී ෆකාර් සමාන් (50) සහ අසාර් අලී (34) වේගවත් ආරම්භයක් ලබා දුන්නද ඉන්පසු පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් කඩුලු 6ක් ලකුණු 137ක් තුළ බිඳ වැටුණි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සාර්ථක පන්දු යැවීමක නිරත වුවද පන්දු රකින්නන් දැක්වූ දුර්වලතා හේතුවෙන් අවසානයේදී පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් ප්‍රදීප් ලකුණු 60ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, මාලිංග, ලක්මාල් සහ තිසර එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 13කට දැවී ගියද දික්වැල්ල සහ මෙන්ඩිස් එක්ව සාර්ථක සම්බන්ධතාවක් තැබිමට සමත් වූහ.
මෙන්ඩිස් (27) දවා ගැනීමට හසන් අලී සමත් වීමෙන් පසු චන්මාල් ලකුණු නොලබාම දැවී යාමෙන් කඩුලු 3ක් ලකුණු 83කදී බිඳ වැටුණි.
දික්වැල්ලට එක්වූ නායක මැතිව්ස් තරගයේ 31 වැනි පන්දු වාරය වන විට ලකුණු 78ක සම්බන්ධතාවක් තබමින් කඩුලු 3ට ලකුණු 161ක් ලබා ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.
එහෙත් අමීර්ගේ පන්දුවකට මැතිව්ස් දැවී යාමත් සමගම ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 7ම ලකුණු 75කට දැවී යාම කණගාටුදායක සිදුවීමක් විය.
නිරෝෂන් දික්වැල්ල පන්දු 86කදී හතරේ පහර 4ක් සහිතව ලකුණු 73ක් ලබාගත් අතර, මැතිව්ස් ලකුණු 39ක්ද, අසේල ගුණරත්න ලකුණු 27ක්ද ලක්මාල් ලකුණු 26ක්ද වාර්තා කළහ.
පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජුනේඩ් ඛාන් සහ හසන් අලී කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර, මොහොමඩ් අමීර් සහ ෆාහිම් අෂ්රෆ් කඩුලු දෙක බැගින් බිඳ හෙළීය.
{jcomments on}
 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2457

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2400

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3910

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5277

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click