Coss Ear2
lakbima.lk
COSS Ear 1
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ඉදිරි සිව් වසරක පාලන කාලයක් සඳහා පැවැති නිලවරණයේදී හිටපු සභාපති සුගත් තිලකරත්න වැඩි ඡන්ද 47කින් පරදවමින් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සභාපති තනතුර සඳහා තේරී පත්විය.
කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැති මෙම නිලවරණයේදී ‍ලේකම් තනතුර සඳහා ප්‍රේමා පින්නවල සහ භාණ්ඩාගාරික තනතුර සඳහා ශාන්ත ද සිල්වා යන මහත්වරුන් නිතරගයෙන් පත්වූහ.
සභාපති, උප සභාපති සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා එහිදී ඡන්ද විමසීම් සිදු කෙරුණි.
සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටි තිදෙනා අතුරින් ජී.එල්.එස්. පෙරේරා මහතා නාම යෝජනාව ඉල්ලා අස්කර ගත් අතර, ඉන් අනතුරුව සභාපති තනතුර සඳහා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතා අතර පැවැති ඡන්ද විමසීමේදී පාලිත ප්‍රනාන්දු මහතාට ඡන්ද 79ක් ලැබුණු අතර, සුගත් තිලකරත්න මහතාට ලැබුණේ ඡන්ද 32ක් පමණි.
උප සභාපතිවරු 7ක් සඳහා 13 දෙනෙක් අතර පැවැති ඡන්ද විමසීමේදී ලාල් චන්ද්‍රකුමාර (68), ජී.එල්.එස්. පෙරේරා (67), එච්.ඩබ්ලිව්. නිමල්සිරි (66), අනිල් වීරසිංහ (61), ඒ.එම්.එන්. අක්මාල් (53), නයන්තිකා කුමාරි චන්ද්‍රසේන (44) සහ අයිරංගනී රූපසිංහ (39) යන මහත්ම මහත්මීන් වැඩි ඡන්දයෙන් උප සභාපති තනතුරු සඳහා පත්වූහ.
උප භාණ්ඩාගාරික සඳහා පැවැති ඡන්ද විමසීීමේදී එච්.ඒ. උපාලි මහතා ඡන්ද 65ක් ලබා ගත් අතර, ඒ සඳහා තරග වැදුණු සම්පත් ජයසේන මහතාට හිමිවූයේ ඡන්ද 44කි.
මෙවර මලල ක්‍රීඩා සම්මේලනයේ සටහන්කරු තනතුරට සමන් කුමාර ගුණවර්ධන මහතා 23 වැනි වරටත් නිතරගයෙන් පත්වූ අතර, උප ‍ලේකම් තනතුර සඳහා නාම යෝජනා නොතිබුණු බැවින් එම තනතුරට නිලධාරියෙක් පත්කර ගැනීම ලබන මහාසභා වාරයේදී සිදුකරන බව නව මලල ක්‍රීඩා ‍ලේකම්වරයා සඳහන් කර සිටියේය.
ඉදිරි සිවු වසර සඳහා සභාපති තනතුරට පත්වූ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ මලල ක්‍රීඩාව වත්මන් තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ප්‍රබල මෙහෙයුමක් කිරීමට සිදුවී ඇති බවයි.
“පසුගිය කාලය තුළදී ලොකුම ප්‍රශ්නය තිබුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩාංගණ නොලැබිමයි. ඒ වගේම මලල ක්‍රීඩා පුහුණු සංචිත, කනිෂ්ඨ සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ වශයෙන් නියමාකාරව නඩත්තුවක් තිබුණේ නැහැ. පුහුණුකරුවන් පිළිබඳව මලල ක්‍රීඩා පාලනයෙන් නිසි ඇගයීමක් වුණේ නැහැ.
ජාත්‍යන්තර ආරාධිත තරග සඳහා හරිහැටි තෝරා බේරා නොගෙන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරගවලට යැව්වා. එහෙම යැව්වා කියලා ඔවුන්ගේ දස්කම් දියුණු කරගන්න බැරිවුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය වුණා විතරයි. මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරලා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා” යැයි නව සභාපති පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය. 
“මේ වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට තිබෙන ලොකුම අභියෝගය ජූලි මාසයේ පැවැත්වෙන ආසියාතික මලල ක්‍රීඩා උළෙලයි. ඒ සඳහා තවම සූදානමක් නැහැ. තේරීම් තරග මේ සතියේදී පැවැත්වෙනවා. ඒ වුණත් දක්ෂයන් තෝරා පුහුණු කරන්න කාලය මදි. කෙසේ වෙතත් අපි හොඳ කණ්ඩායමක් තෝරාගෙන තරගාවලියට යවනවා” යැයි පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවැසීය.
 
සුනිල් අභයවර්ධන
IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 27

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6217

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5199

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3113

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3067

Please publish modules in offcanvas position.