lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ජයග්‍රහණය නාවික හමුදාවට

ශ්‍රී ලංකා අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි සමස්ථ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදාව පසුගිය 18 වන දින සමත් විය. එම තරඟාවලිය ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කර තිබිණි.

මහනුවර, දිගන ප්‍රදේශයේ “වික්ටෝරියා ගොල්ෆ් කන්ට්‍රි රිසෝට්” හි පැවති එම තරඟාවලිය සඳහා යුද හමුදා, ගුවන් හමුදා කණ්ඩායම් මෙන්ම, කොළඹ රාජකීය ගොල්ෆ් සංගමය, වික්ටෝරියා ගොල්ෆ් කණ්ඩායම් සහ ඒකාබද්ධ ගොල්ෆ් ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කරමින් තරඟකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. කෙසේ වෙතත් ඔවුන් සියළු දෙනා අභිබවමින් නාවික හමුදා කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේ සමස්ථ ශූරතාවය, ක්‍රීඩා සමාජ තරඟාවලි සමස්ථ ශූරතාවය මෙන්ම තනි, තනිව සංවිධානය කර තිබූ, ලංව පිහිටීම තරඟඉසව්ව, දිගු දුර පහර දීමේ ශූරතාවය, ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය, දළ ලකුණු ලබා ගැනීමේ ශූරතාවය සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තවද, පසුගිය වසරේ (2016) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදී පවත්වන ලද ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේද ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන අතර, එතුමා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි. ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ නවීන පහසුකම් වලින් යුත් ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ස්ථාපිත කර ඇති අතර, නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව,වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ “ඇක්වා”ගොල්ෆ්පිටිය ස්ථාපිත කර ඇත.

තවද, මෙම වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 11 වන අන්තර්ජාතික හමුදාක්‍රීඩා කවුන්සිල (CISM)ගොල්ෆ් ශූරතාවලියේ සභාපතිවරයා ලෙස නාවික හමුදාධිපතිතුමා ඒකමතිකව තෝරා පත් කර ගෙන ඇති අතර, එම තරඟාවලිය සඳහා රටවල් 15 ක් සහභාගී වීමට නියමිතව ඇත.

අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි ජයග්‍රාකයන්

1.    ලංව පිහිටීම තරඟඉසව්ව                     -           සාමාන්‍ය නැවි, ජීවීසී උදයංග

2.    දිගු දුර පහර දීමේ ශූරතාවය                  -           බල නැවි, ආර්එම්එස් රූපසිංහ

3.    ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය     -           ශාරීරික අභ්‍යාසක, ඩබ්එම් වෛද්‍යරත්න

4.    දළ ලකුණු ලබා ගැනීමේ ශූරතාවය  -                සාමාන්‍ය නැවි, ටී ශිවකුමාර්

5.   ශුද්ධ ලකුණු ලබා ගැනීමේ අනු ශූරතාවය-       සාමාන්‍ය නැවි, ටී ශිවකුමාර්    

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 8

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2886

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1476

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9690

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4252

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1553

Please publish modules in offcanvas position.