Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෙස විරුදාවලිය ලත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන තරගාවලිය අද (23දා) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
මෙවර ඕස්ට්‍රේලියානු පිල ස්ටීවන් ස්මිත් විසින් මෙහෙයවනු ලබන අතර, එංගලන්ත පිල ජෝ රූට් විසින් මෙහෙයවනු ලබයි.
ඕස්ට්‍රේලියාවට වාසිදායක ලෙස සැලකෙන ගැබා ක්‍රීඩාංගණයේදී මෙවර පෙරළියක් ඇති කිරීමට එංගලන්ත පිල සූදානමින් පසුවෙයි.
ඕස්ට්‍රේලියාව ගැබා ක්‍රීඩාංගණයේදී 1988න් පසු ටෙස්ට් තරගයක් පරාජය වී නොමැති අතර, එහිදී සහභාගි වූ තරග 28න් 21ක් ජයගෙන තරග 7ක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ. 
මෙවර ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කරන නායක ස්මිත්, වෝනර් මෙන්ම උස්මාන් කවාජා ගැබා පිටියේ පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වා තිබේ.
එහෙත් වෝනර් සුළු ආබාධයකට ගොදුරු වී ඇති අතර, ඔහු ආවරණය කිරීමට ග්ලෙන් මැක්ස්වෙල් කැඳවා තිබේ.
ඕස්ට්‍රේලියානු පෙර පෙළ පිතිකරු ෂෝන් මාෂ් ද ආබාධයකට ගොදුරු වී ඇති බව වාර්තා වන අතර, ඔවුන් ක්‍රීඩා කිරීමේ අවසන් තීරණය අද ගැනීමට නියමිතව ඇත.
ගැබා පිටියේ වැඩිම කඩුලු ලාභියා වන නේතන් ලයන් තරග 6කදී කඩුලු 26ක් ලබා ඇති අතර, මිචෙල් ස්ටාක් සහ ජොස් හේසල්වුඩ් ද දස්කම් දක්වා තිබේ.
එංගලන්ත පිතිකරු අංශයේ වැඩි වගකීම හිටපු නායක ඇලිස්ටයාර් කුක් සහ නව නායක ජෝ රූට්ගේ කරමත පැටවී ඇති අතර, බෙන් ස්ටෝක්ස් කණ්ඩායමේ නොමැති වීම ප්‍රබල පාඩුවක් වී තිබේ.
එංගලන්ත පන්දු යැවීමේ වැඩි වගකීම අත්දැකීම් පිරි වේගපන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් වෙත පැවරී තිබේ.
ඕස්ට්‍රේලියාව වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ එක් දඟ පන්දු යවන්නෙකුගෙන් තරග වදින අතර, එංගලන්තය වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු සහ එක් දඟ පන්දු යවන්නෙකුගෙන් තරග වදියි. 
 
ඕස්ට්‍රේලියානු පිල 
ස්ටීවන් ස්මිත් (නායක), කැමරන් බෙන්ක්‍රාෆ්ට්, ඩේවිඩ් වෝනර්, උස්මාන් කවාජා, පිට් හෑන්ඩ්ස්කොම්බ්, ෂෝන් මාෂ්, ටිම් පේන්, මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, නේතන් ලයන්, ජොස් හේසල්වුඩ්
 
එංගලන්ත පිල
ජෝ රූට් (නායක), ඇලිස්ටයාර් කුක්, මාක් ස්ටෝන්මන්, ජේම්ස් වින්ස්, ඩේවිඩ් මලන්, මොයින් අලී, ජොනී බේස්ටෝව්, ක්‍රිස් වෝක්ස්, ජේක් බෝල්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කල්කටාහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියාව ලබාගත් ලකුණු 172 ට පිලිතුරු වශයෙන් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 294 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාව මුල් ඉනිමෙන් ලකුණු 122 ක් ඉදිරියෙන් සිටි අතර දිනය අවසන් වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 1 ට ලකුණු 171 ක් ලබා සිටියේය.

මේ අනුව ඉන්දියාව කඩුලු 9 ක් අතැතිව ලකුණු 49 ක් ඉදිරියෙන් සිටියි.

ඉන්දීය දෙවැනි ඉනිමේදී සුපිරි ආරම්භයක් ලබා දුන් ෂිකර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 166 ක සම්බන්ධතාවක් තැබිමට සමත් වූ අතර ධවාන් පන්දු 116 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සහිතව ලකුණු 94 ක්ද, රාහුල් පන්දු 113 කදී හතරේ පහර 8 ක් සහිතව නොදැවී ලකුණු 73 ක්ද වාර්තා කළේය.

ශ්‍රී ලංකා මුල් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රංගන හේරත් පන්දු 105 කදී හතරේ පහර 9 ක් සහිතව ලකුණු 67 ක් ලබමින් ඉන්දියාවට තියුණු අභියෝගයක් එල්ල කළේය.

ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 2 ලකුණු 34 ක් තුළ දැවී ගියද ලහිරු තිරිමාන්න සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීය.

තිරිමාන්න පන්දු 94 කදී හතරේ පහර 8 ක් සහිතව ලකුණු 51 ක් ලබාගත් අතර මැතිව්ස් පන්දු 94 කදී හතරේ පහර 8 ක් සහිතව ලකුණු 52 ක් ලබා ගත්තේය.

ඉන් පසු ෂමී, බුවන‍ෂේවර් සහ යදාව්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කඩුලු 8ක් ලකුණු 244 ක් තුළ බිඳ වැටුණද රංගන සහ ලක්මාල් එක්ව ලකුණු 46 ක වටිනා සම්බන්ධතාවක් තැබිමෙන් ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට පත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ බුවන‍ෂේවර් කුමාර් සහ මොහොමඩ් ෂමී කඩුලු 4 බැගින් බිඳ හෙලූ අතර උමේෂ් යදාව් කඩුලු 2 ක් බිද හෙළීය. අද තරගයේ අවසන් දිනයයි.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ (16දා) ඇරැඹි වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ල වූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දීය පෙර පෙළ කඩුලු 3ක් ලකුණු 17ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
සිය ටෙස්ට් දිවියේ
විශිෂ්ටතම වේග පන්දු යැවීම ප්‍රදර්ශනය කළ සුරංග ලක්මාල් පන්දුවාර 6ක් යවා කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 3ක් බිඳ දමමින් පළමු දිනයේ වීරයා බවට පත්විය.
තරගයේ පළමු පන්දුවේදීම ලෝකේශ් රාහුල් පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ ලක්මාල් සිය සිව්වැනි පන්දු වාරයේදී ප්‍රහාරක ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් ලකුණු 8කට පිටියෙන් ඉවත් කළේය.
සිය 6 වැනි පන්දු වාරයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යම කඩුල්ල වූ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩා ගාරයට යවමින් ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු ඉහළ නැංවීමට සුරංග ලක්මාල් සමත් විය.
දිනය අවසන් වන විට චෙටස්වර් පුජාරා නොදැවී ලකුණු 8ක්ද, අජින්කෙයා රහානේ ලකුණු නොලබාද පිටියේ රැඳී සිටියහ.
ඊයේ පෙරවරුවේ ඇද හැලුණු වාර්ෂාව සමගින් පස්වරු 12.15ට පිටිය පරීක්ෂා කළ විනිසුරුවෝ තරගය පස්වරු 1.15ට ආරම්භ කිරීමට තීරණය කළේය.
එහෙත් පන්දුවාර 9ක් යැවීමෙන් පසු අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කර දැමීමට සිදුවිය.
යළිත් ආලෝක තත්ත්වය යහපත් වූ පසු තරගය ආරම්භ කළද යැවීමට හැකිවූයේ පන්දුවාර 2ක් පමණි.
ඊයේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දසුන් ශානක කැඳවා තිබූ අතර, ධනංජය ද සිල්වාට ස්ථානය අහිමි වී තිබුණි. මේ අනුව ශ්‍රී ලංකාව පිතිකරුවන් 6ක්, පන්දු යවන්නන් 4ක් සහ එක් තුන් ඉරියව් ක්‍රීඩකයකුගෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර තිබුණි.
ඉන්දියාව මුරලි විජේ වෙනුවට ලෝකේශ් රාහුල් කැඳවා තිබූ අතර, රෝහිත් ෂර්මා වෙනුවට බුවනේෂ්වර් කුමාර් නම්කර තිබුණි.
අද තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ මෙහෙයවීමෙන් නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහය යටතේ පවත්වන ලද ‘මයිලෝ-ශ්‍රී ලංකා පාසල් බාලිකා සත් සාමාජික රග්බි තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වමින් කුසලාන අංශයේ ශූරතා දෙක බැගින් දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විදුහල සහ ගාල්ල ගිංතොට මහ විදුහල සමත් විය. 
අවු. 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වයස් සීමා යටතේ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 20න් පහළ සහ 16න් පහළ ශූරතා දිනා ගැනීමට කුලියාපිටිය මැදි විදුහල සමත් වූ අතර, ගිංතොට මහ විදුහල අවුරුදු 18න් පහළ සහ 14න් පහළ ශූරතා දිනා ගැනීමට සමත් විය.
අවු. 18න් පහළ, 16න් පහළ සහ 14න් පහළ වයස් සීමා තුනේම අනුශූරතා දිනා ගනිමින් අමිතිරිගල පල්ලෙකණුගල කනිෂ්ඨ විදුහල කැපී පෙනුණු අතර, අවුරුදු 20න් පහළ අනුශූරතාව අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහල සතුවිය. 
ශූරතා දිනාගත් පාසල්
කුසලාන අංශය 
අවු. 20න් පහළ :- 1. කුලියාපිටිය මධ්‍ය මහා විදුහල, 2. අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහල
අවු. 18න් පහළ :- 1. ගාල්ල ගිංතොට මහ විදුහල, 2. අමිතිරිගල පල්ලෙකණුගල කනිෂ්ඨ විදුහල
අවු. 16න් පහළ :- 1. කුලියාපිටිය මධ්‍ය මහා විදුහල, 2. අමිතිරිගල පල්ලෙකණුගල කනිෂ්ඨ විදුහල
අවු. 14න් පහළ :- 1. ගිංතොට මහ විදුහල, 2. පල්ලෙකණුගල කනිෂ්ඨ විදුහල
පළඟ අංශය
අවු. 20න් පහළ :- 1. අවිස්සාවේල්ල ශා. මරියා විදුහල, 2. කුරුණෑගල වයඹ රාජකීය විදුහල
අවු.  18න් පහළ :- 1. පඬුවස්නුවර බණ්ඩාරනායක ජාතික පාසල, 2. රත්ගම දේවපතිරාජ විදුහල
අවු. 16න් පහළ :- 1. දෙහිඕවිට ජාතික පාසල, 2. කුරුණෑගල ඩී.බි. වෙලගෙදර මහ විදුහල
අවු. 14න් පහළ :- 1. අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහල, 2. උඩුදුම්බර කලුන්තැන්න මහ විදුහල
 
සපුමල් වීදියබණ්ඩාර

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දින තුනක් පුරා පැවැති 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලක-බාලිකා සමස්ත ශූරතා දිනා ගැනීමට මරදාන ශා. ජෝසප් විදුහල (ලකුණු 62) සහ නාවල ජනාධිපති බාලිකාව (ලකුණු 62) සමත් විය.
ඉතිහාසයේ පළමු වරට නාවල ජනාධිපති බාලිකාව සමස්ත ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 21ක් සහ වාර්තා සම කිරීම් 2ක්  සටහන් වූ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විදුහ‍ලේ හිරුෂ මෙන්ඩිස් අබේසේකරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහ‍ලේ සදිනි කවීෂාද සම්මාන ලැබූහ.
හිරුෂ මෙන්ඩිස් අබේසේකර අවු. 15න් පහළ දුර පැනීමේ ඉසව්වේදී දැක්වූ මීටර් 6.52ක දක්ෂතාවද,  සදිනි කවීෂා එම වයස් කාණ්ඩයේම දුර පැනීමේ ඉසව්වේදී දැක්වූ මීටර් 5.47ක දක්ෂතාවද පදනම් කරගනිමින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.
සිලෝන් බිස්කට්ස් සමාගමේ රිට්ස්බරි පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.
 
බාලක සමස්ත ශූරතාව - මරදාන ශා. ජෝසප් (ලකුණු 62)
අනුශූරතාව - මාතර රාහුල විදුහල (ලකුණු 48)
තෙවැනි ස්ථානය - මීගමුව මාරිස්ටෙලා (ලකුණු 47)
බාලිකා සමස්ත ශූරතාව - නාවල ජනාධිපති බාලිකාව (ලකුණු 62)
අනුශූරතාව - රත්නපුර සුමන බාලිකාව (ලකුණු 47)
තෙවැනි ස්ථානය - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 42)
බාලක සහය දිවීමේ ශූරතාව - මීගමුව මාරිස්ටෙලා, අනුශූරතාව - කොටහේන ශා. බෙනඩික්ට්
බාලිකා සහය දිවීමේ ශූරතාව - හලාවත කාර්මෙල් බාලිකාව, අනුශූරතාව - කොළඹ ශා. බ්‍රිජට් කන්‍යාරාමය
අවු. 12න් පහළ බාලක ශූරතාව - කොළඹ රාජකීය, අනුශූරතාව - කොළඹ ඩී.එස්. සේනානායක
අවු. 12න් පහළ බාලිකා ශූරතාව - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය, අනුශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
අවු. 13න් පහළ බාලක ශූරතාව - වාරිය‍පොල ශ්‍රී ඥානෝදය විදුහල, අනුශූරතාව -  මාපුටුගල මහ විදුහල
අවු. 13න් පහළ බාලිකා ශූරතාව - නාවල ජනාධිපති බාලිකාව, අනුශූරතාව - දික්වැල්ල විජිත විදුහල
අවු. 14න් පහළ බාලක ශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල, අනුශූරතාව - කොළඹ ශා. ජෝසප් විදුහල
අවු. 14න් පහළ බාලිකා ශූරතාව - කොළඹ ආනන්ද බාලිකා විදුහල, අනුශූරතාව - කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහල
අවු. 15න් පහළ බාලක ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල, අනුශූරතාව - පේදුරුතුඩුව හාර්ට්ලි විදුහල
අවු. 15න් පහළ බාලිකා ශූරතාව - රත්නපුර සුමනා බාලිකා විදුහල, අනුශූරතාව - නාවල ජනාධිපති බාලිකා විදුහල.
 
ප්‍රභාත් විදානපතිරණ

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 8කට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 5ට ලකුණු 67ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 8දී කඩුලු 6ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 61ක් පමණි.
තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ජස්ප්‍රිට් බුම්රා මෙම තරගයේදීද පන්දුවාර 2කදී ලකුණු 9ට කඩුලු 2ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 8දී - 67/5යි
කෝලි 13, මනිෂ් පාන්ඩේ 17, හර්දික් පාන්ඩ්යා (නොදැවී) 14, 
ටිම් සවුති 13/2, ඉෂ් සෝඩි 23/2
නවසීලන්තය පන්දුවාර 8දී - 61/6යි
ග්ලෙන් පිලිප්ස් 11, ග්‍රෑන්ඩ්හෝම් (නොදැවී) 17, බුම්රා 9/2, බුවනේෂ්වර් 18/1, කුල්දීප් යදාව් 10/1

Page 1 of 20

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3883

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3627

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6708

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4131

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2569

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3372

Please publish modules in offcanvas position.

Web Analytics