lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ වොන්ඩරස් අභියෝගයට සැරසෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (12දා) ජොහැනර්ස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. පළමු තරග දෙකෙන් ජයගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගෙන සිටියි.
දකුණු අප්‍රිකාව තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමේ බලා‍පොරොත්තුවෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක නිරතවී සිටියි.මෙම තරග දෙකේදීම දකුණු අප්‍රිකානු වේග පන්දු බළඇණිය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් පරාජය අත්විඳීමට සිදුවිය.
මෙම පරාජයන්ගෙන් පසු ශ්‍රී ලංකා නායක මැතිව්ස් පැවසුවේ වේගවත් තණතීරුවලදී ඉවසීමෙන් පන්දුවට පහරදෙන ආකාරය දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඩීන් එල්ගාගෙන් ඉගෙන ගත යුතු බවයි.
මේ අතර තරගය පිළිබඳව අදහස් දැක්වූ මැතිව්ස් පවසන්නේ මෙම තරගය ජය ගෙන යහපත් මානසික තත්ත්වයකින් 20-20 සහ එක්දින තරගාවලිවලට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බලා‍පොරොත්තුවෙන් පසුවන බවයි.
කොළ පැහැති වොන්ඩරස් තණතීරුවේ වේග පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන්ද තම වගකීම ඉටු කරනු ඇතැයි මැතිව්ස් විශ්වාසය පල කළේය. වැඩි දුරටත් අදහස් දක්වූ මැතිව්ස් පවසන්නේ කණ්ඩායමේ ලොකු වෙනසක් කිරීමේ අදහසක් නොමැති බවයි.
අද තරගය පැවැත්වෙන වොන්ඩරස් තණතීරුව දකුණු අප්‍රිකාවේ ඇති වේගවත්ම මෙන්ම පන්දුව වඩාත් දෝලනය වන තණතීරුව ලෙස සැලකේ.
මේ අනුව මෙම තරගයේදීද ශ්‍රී ලංකා පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු වේග පන්දු බළඇණිය හමුවේ අසීරු සටනක් දියත් කිරීමට සිදුවී තිබේ.
මේ අතර අද තරගය දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු හෂිම් අම්ලාගේ සියවැනි ටෙස්ට් තරගය වෙයි. අම්ලාට ජයග්‍රහණයකින් සුබ පැතීමට තම කණ්ඩායම සූදානමින් පසුවන බව දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩුප්ලෙසිස් පැවැසීය.
අද තරගයේදී දකුණු අප්‍රිකාව වේග පන්දු යවන්නන් සිව්දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ.
එසේ වුවහොත් දඟ පන්දු යවන මහරාජ්ට ස්ථානය අහිමිවන අතර නවක ක්‍රීඩක ඩුආන් ඔලිවර්ට ටෙස්ට් වරම් හිමිවේ. කණ්ඩායමෙන් ඉවත්ව ගිය කයිල් ඇබට්ගේ ස්ථානය වමතින් වේග පන්දු යවන වේන් පානෙල්ට හිමිවී තිබේ.
පානෙල් පසුගිය සතියේ පැවැති ප්‍රාන්ත තරගයේදී කඩුලු 7 ක් බිඳහෙළා පිත්තෙන් ලකුණු 103 ක් රැස් කිරීමට සමත්වී තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, විකුම් සංජය
 
දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය
ෆැෆ් ඩුප්ලෙසිස් (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ස්ටීවන් කුක්, තෙයුනිස් ඩිබ්‍රයන්, ක්වින්ටන් ඩි කොක්, ජේ.පී. ඩුමිනි, ඩීන් එල්ගා, ඩුආන් ඔලිවර්, කේෂව් මහරාජ්, වේන් පානෙල්, වර්නන් පිලැන්ඩර්, කගීසෝ රබාඩා
 
මංගල ධර්මප්‍රේම  දකුණු අප්‍රිකාවේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 627

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.