lakbima.lk
2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

චරිත් රුක්ෂාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදාලයේ චරිත් රුක්ෂාන් සමත්විය.
චරිත් රුක්ෂාන් මුල් ඉනිමේදී ලකුණු 13කට කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 4ක් බිඳ හෙලූ අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 35ට කඩුලු 2ක් බිඳ හෙළීය.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිපුන දේශාන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 94කට කඩුලු 14ක් බිඳ හෙලූ අතර, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ දිලුම් සුදීර බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ලකුණු 89කට කඩුලු 12ක් බිඳ හෙළීය.
මෙම තරගවලදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය පූර්ණ ජය වාර්තා කළ අතර, අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.
කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ දිනෙත් මදුරාවල මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 107ක් රැස් කරමින් සිය දෙවැනි ශතකය වාර්තා කළ අතර, වත්තල ශා. ජෝශප් විද්‍යාලයේ යනුෂාන් ගනේෂාන්  මිනුවන්ගොඩ නාලන්දා විදුහලට එරෙහිව ලකුණු 119ක් රැස් කළේය.
 
දේවානන්ද-ශ්‍රී ධර්මාලෝක
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 190 (පන්දුවාර 45.3) චතුර මිලාන් 65, අමිඳු උදාර 30, සජිල සංකල්ප 24, ගයාෂාන් ජයකොඩි 2/20, සමිත රංග 2/30
ශ්‍රී ධර්මාලෝක: පළමු ඉනිම - 121 (පන්දුවාර 33.5) හිමාලක විදුරංග 65, චරිත් රුක්ෂාන් 4/13, කවිඳු චංග 3/19
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 215/8 (පන්දුවාර 45) චතුර මිලාන් 78, සජිල සංකල්ප 42, ෂොහාන් තත්සර 33, මාධව කවිඳු 3/11, ධනංජය අබේරත්න 3/53
ශ්‍රී ධර්මාලෝක: පළමු ඉනිම - 194/8 (පන්දුවාර 64) ෂෙනාල් ඉමන්ත 54, හිමාලක විදුරංග 33, හරිත කේෂාන් 25, කවිඳු චංග 2/16, චතුර මිලාන් 2/32, චරිත් රුක්ෂාන් 2/35, විකුම් උදාර 2/37
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පානදුර ශ්‍රී සුමංගල - කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ම.වි.
ශ්‍රී ජයවර්ධනපුර ම.වි.: පළමු ඉනිම - 174 (පන්දුවාර 63.5) අනූෂ පරණමාන 47, බුද්ධික චමින්ද 41, නිපුන දේශාන් 7/68
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 301/9 (පන්දුවාර 58) නදිරු රුක්ෂාන් 69, පුලිත යසස් 58, තරණ ද සිල්වා 43, ලක්ෂාන් ප්‍රනාන්දු 34, නිපුන දේශාන් 24, සුසායි ටිබාන් 22, රිසිත් සමන්දික 3/60, ලක්ෂිත පෙරේරා 2/88
ශ්‍රී ජයවර්ධනපුර ම.වි.: දෙවැනි ඉනිම - 80 (පන්දුවාර 29) රිසිත් සමන්දික 30, නිපුන දේශාන් 7/26, තරණ ද සිල්වා 2/38
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 47ක ජයක්.
 
කරන්දෙණිය ම.ම.වි.-බලපිටිය රේවත
කරන්දෙණිය: පළමු ඉනිම - 217 (පන්දුවාර 54.5) ඉෂාර මධුවන්ත 73, දිලුම් සුදීර 39, රවිඳු මිලාන් 39, තරිඳු ලක්ෂාන්් 3/48, අවිෂ්ක ඩිල්ෂාන් 3/73
රේවත: පළමු ඉනිම - 163 (පන්දුවාර 45.4) දිමුතු කුමාර 65, ශිහාන් හංසික 28, දිලුම් සුදීර 6/38
කරන්දෙණිය ම.ම.වි.: දෙවැනි ඉනිම - 160/7 (පන්දුවාර 25.5) ඉෂාර මධුවන්ත 60, සසිඳු කවීෂ 44, තරිඳු ලක්ෂාන්් 2/27, රමේෂ් මධුෂාන් 2/28
රේවත: දෙවැනි ඉනිම - 116 (පන්දුවාර 36.1)
රමේෂ් මධුෂාන් 38, කවිඳු දිල්හාර 22, දිලුම් සුදීර 6/51, රවිඳු මිලාන් 4/39
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 88ක ජයක්.
 
ශා. ජෝශප්-ශා. සෙබස්තියන්
ශා. ජෝශප්: පළමු ඉනිම - 319/7 (පන්දුවාර 64) දිනෙත් මදුරාවල නොදැවී 107, ජෙහාන් ප්‍රනාන්දුපුල්‍ලේ 73, නිපුන් සුමනසිංහ 46, හරීන් කුරේ නොදැවී 33, ෂෙවොන් ෆොන්සේකා 24, තාෂික් පෙරේරා 2/70, ආශේර් වර්ණකුලසූරිය 2/75
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 289 (පන්දුවාර 70.4) තාෂික් පෙරේරා නොදැවී 64, නිමේෂ් බණ්ඩාර 60, නුවනිඳු ප්‍රනාන්දු 36, තරුෂ ප්‍රනාන්දු 32, දිනෙත් ජයකොඩි 4/56, කවිඳු ජයතිස්ස 3/58
ශා. ජෝශප්: දෙවැනි ඉනිම - 266/7 (පන්දුවාර 59) ෂෙවොන් ෆොන්සේකා 83, නිපුන් සුමනසිංහ 48, පහන් පෙරේරා 41, දාරියෝ දසනායක 30, විනුජ රණසිංහ 3/96, තරුෂ ප්‍රනාන්දු 2/65
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
වත්තල ශා. ජෝශප් - මිනුවන්ගොඩ නාලන්දා  
ශා. ජෝශප්: පළමු ඉනිම - 326 (පන්දුවාර 64.3) යනුෂාන් ගනේෂාන් 119, ශෂික උමයංග 85, චමොද් දයාන් 45, චානක සමීර 4/65, හර්ෂණ බණ්ඩාර 3/60, චතුර ජනිත් 2/64
නාලන්දා: පළමු ඉනිම - 144 (පන්දුවාර 53.4) චමින්ද දිල්හාර 61, චමෝද් දයාන් 5/52, ඉසුරු උදාර 2/15
ශා. ජෝශප්: දෙවැනි ඉනිම - 224/8 (පන්දුවාර 63) හේෂාන් ලක්ෂිත 66, ඉසුරු උදාර 37, යනුෂාන් ගනේෂාන් 34, නිමේෂ් ප්‍රභාෂණ 2/53, චානක සමීර 2/54, ශලිඳු පතිරණ 2/56
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2795

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3804

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3678

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 4302

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 10690

විජය නැති අඩුව පුරවන්න පුතා වේදිකාවට ගේනවා - දේවිකා...

IMAGE 2017 Jan 04 08:48
කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රතිභාපූර්ණ චරිත කිහිපයක් පසුගිය වසරේදී අපේ රටට...
Views - 4749

Please publish modules in offcanvas position.