lakbima.lk
2017-02-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.68 , විකුණුම් මිල රු.153.44 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.67 , විකුණුම් මිල රු.192.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.38 , විකුණුම් මිල රු.163.41 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.84 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.24 , විකුණුම් මිල රු.117.71 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.80 , විකුණුම් මිල රු.118.86 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.104.86 , විකුණුම් මිල රු.108.71 | ජපන් යෙන් ගැනුම් මිල රු.1.3121 , විකුණුම් මිල රු.1.3617 |

මධුරංගගේ ද්විත්ව ශතකයෙන් ලංකන්ස්ට පූර්ණ ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ අන්තර් ක්‍රීඩා සමාජ ටියර් ‘බි’ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සති අන්තයේදී පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට ලංකන්ස් ක්‍රීඩා සමාජයේ මධුරංග සොයිසා සමත්විය.
කළුතර නාගරික ක්‍රීඩා සමාජයට එරෙහිව මධුරංග සොයිසා පන්දු 233කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 203ක් රැස් කරමින් ලංකන්ස් ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ලංකන්ස් ජයග්‍රහණය වෙනුවෙන් ලාල් කුමාර්ද ලකුණු 107ක් වාර්තා කළේය.
හයවැනි සති අන්තයේ පැවැති තරගවලදී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ගුවන් හමුදාවට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළේය.
මෙම තරගවලදී චාමිකර එදිරිසිංහ (වරාය අධිකාරිය) කඩුලු 11ක් දවාලූ අතර, පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින ගයාන් සිරිසෝම (පානදුර) කඩුලු 10ක්ද,  තිළිණ හේරත් (කුරුණෑගල තරුණ ක්‍රී.ස.) කඩුලු 10ක් ද බිඳ හෙලූහ.
 
ලංකන්ස් - කළුතර නාගරික
ලංකන්ස්: පළමු ඉනිම - 446/9 (පන්දුවාර 91) මධුරංග සොයිසා 203, ලාල් කුමාර් 107, අනීක් හසන් 56. යොහාන් රශ්මික 5/137, මංගල කුමාර 3/120
කළුතර නාගරික: පළමු ඉනිම - 289 (පන්දුවාර 82.3) යොහාන් රශ්මික 68, තරිඳු සිරිවර්ධන 52, ක්‍රිෂේන් අ‍පෝන්සු 34. ගීත් පෙරේරා 31, මංගල කුමාර නොදැවී 30, නවීන් කවිකාර 4/76, චරිත් ප්‍රනාන්දු 2/21, රජීව වීරසිංහ 2/98
කළුතර නාගරික: දෙවැනි ඉනිම - 178 (පන්දුවාර 55.1) නිපුන ගමගේ 38, සුලාන් ජයවර්ධන 32, රජීව වීරසිංහ 4/60, නවීන් කවිකාර 4/70
ලංකන්ස්: දෙවැනි ඉනිම - 24/0 (පන්දුවාර 3.3)
ලංකන්ස්ට කඩුලු 10ක ජයක්.
 
කුරුණෑගල තරුණ - ගුවන් හමුදාව
ගුවන් හමුදාව: පළමු ඉනිම - 200 (පන්දුවාර 61.5) බුද්ධික සඳරුවන් 70, ළහිරු ශ්‍රී ලක්මාල් 44, තිළිණ හේරත් 7/66, දුමින්ද දසනායක 2/21
කුරුණෑගල තරුණ: පළමු ඉනිම - 307 (පන්දුවාර 91.4) හෂාන් ප්‍රභාත් 81, දර්ශන මහවත්ත 44, දුමින්ද දසනායක 42, කාවින්ද පුළුකුට්ටිආරච්චි 37, අනුරුද්ධ රාජපක්ෂ 35, අකිල එරංග 3/48, ලක්ෂාන් ප්‍රනාන්දු 3/59, බුද්ධික සඳරුවන් 2/81
ගුවන් හමුදාව: දෙවැනි ඉනිම - 190 (පන්දුවාර 62.1) උදයාශාන්ත ප්‍රරාක්‍රම 44, අනුරුද්ධ රාජපක්ෂ 4/21, තිළිණ හේරත් 3/69
කුරුණෑගල තරුණ: දෙවැනි ඉනිම - 84/3 (පන්දුවාර 17.1) තාරක වඩුගේ 31, බුද්ධික සඳරුවන් 3/29
කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්.
 
පානදුර - වරාය අධිකාරිය
පානදුර ක්‍රී.ස.: පළමු ඉනිම -306 (පන්දුවාර 83) හසන්ත ප්‍රනාන්දු 84, සංජය චතුරංග 51, නිසල් රන්දික 44, කමිල් මිෂාර 36, චාමර සිල්වා 34, චාමිකර එදිරිසිංහ 5/101, චානක කොමසාරු 3/88
වරාය අධිකාරිය: පළමු ඉනිම - 210 (පන්දුවාර 69.1) ඉෂාන් රංගන 75, චාමිකර එදිරිසිංහ 40, ගයාන් සිරිසෝම 7/95, ලසිත් ප්‍රනාන්දු 2/19
පානදුර ක්‍රී.ස.: දෙවැනි ඉනිම - 202 (පන්දුවාර 65) අරුණ ධර්මසේන නොදැවී 36, මාධව නිමේෂ් 30, චාමිකර එදිරිසිංහ 6/86, චමින්ද බණ්ඩාර 2/55
වරාය අධිකාරිය: දෙවැනි ඉනිම - 172/5 (පන්දුවාර 48) ගයාන් මනීෂාන් නොදැවී 38, ඉෂාන් රංගන 37, චාමිකර එදිරිසිංහ 31, ගයාන් සිරිසෝම 3/59
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
නාවික හමුදාව - කළුතර කායවර්ධන
නාවික හමුදාව: පළමු ඉනිම - 258 (පන්දුවාර 66) සමීර සඳමාල් 79, අශාන් රණසිංහ 37, බුද්ධික හසරංග 33, කුසල් එදුස්සූරිය 33, රමේෂ් සෙල්වරාජ් 4/58, රසික ප්‍රනාන්දු 2/51, ජස්දීප් සිංග් 2/61
කළුතර කායවර්ධන කවය: පළමු ඉනිම - 224 (පන්දුවාර 75.5) රසික ප්‍රනාන්දු 44, ක්‍රිෂාන් දිනිඳු 40, නිලාන් ප්‍රනාන්දු 32, ඩිලංක අවර්ඩ්ට් 4/52, දිනුෂ්ක මාලන් 3/52
නාවික හමුදාව: දෙවැනි ඉනිම - 325/7 (පන්දුවාර 77.2) අශාන් එරන්ද 97, බුද්ධික හසරංග 94, අශාන් රණසිංහ නොදැවී 58, කුසල් එදුස්සූරිය 52, රමේෂ් සෙල්වරාජ් 2/32, රුචිර තාරින්ද්‍ර 2/70
කළුතර කායවර්ධන කවය: දෙවැනි ඉනිම - 165/4 (පන්දුවාර 43) අමල් බුද්ධික නොදැවී 55, ෆහාඩ් බාබර් 36, දමිඳු අශාන් 30, ඉෂාන් අබේසේකර 2/48
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

දිඹුලාගලින් දුටු ආලෝක ධාරා පිටසක්වල යානා ද?

IMAGE 2017 Feb 27 14:10
ඵෙතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ...
Views - 796

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share

IMAGE 2017 Feb 27 11:23
ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා...
Views - 1819

ගී ගයන්න මටත් අවස්ථාවක් දෙන්න - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

IMAGE 2017 Feb 26 17:18
මා ළඟටම තව ළංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර ඕ ප්‍රියේ පා...
Views - 2337

එක රැයින් වීරයෙක් වූ අසේල ගැන කවුරුත් නොදැන සිටි කතා...

IMAGE 2017 Feb 26 13:53
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ අලුත්ම වීරයා ගැනයි අද අපි ඔබට කියන්නට යන්නේ. ඒ තමයි අසේල...
Views - 2714

හිටපු පෙම්වතිය මා නැතිවීම ගැන අද දුක්වෙනවා ඇති

IMAGE 2017 Feb 26 13:12
සතුටයි, දුකයි විග්‍රහ කරන්න කියලා අපි අඛිලට මුලින්ම කිව්වොත්? අපි සතුටු වෙන්නේ යමක්...
Views - 3525

අපි නාකි වෙලාලු බෑන්ඩ් ගහන්න බැහැලු

IMAGE 2017 Feb 26 13:01
ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සිය දක්ෂතා ඉදිරිපත් කරන්නට වඩාත් පහසුකම් සලසන රටක් වශයෙන්...
Views - 1666

Please publish modules in offcanvas position.