Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වනිඳු හසරංග ඉහළ ආත්ම ශක්තියකින් හෙබි විශිෂ්ට ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් වනිඳු හසරංග දැඩි ආත්ම ශක්තියකින් හෙබි විශිෂ්ට ක්‍රීඩකයෙක් බව රිච්මන්ඩ් විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පවසයි.
ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි වනිඳු හසරංග සිය පළමු එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් වාර්තා ‍පොතට එක්විය. 
මෙහිදී අදහස් දක්වා ඇති රිච්මන්ඩ් විදුහල්පතිවරයා පවසන්නේ වනිඳු හසරංගගේ පාසල් ක්‍රිකට් දිවිය විශිෂ්ට මතක රැසකින් සමන්විත බවත්, ඔහු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේදී සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයකු වීම තමන්ට සහ විදුහලට ආඩම්බරයක් බවයි.
“ඔහු 2003 සිට 2016 දක්වා රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහු වයස 11 සිට දක්ෂතා වර්ධනය කර ගනිමින් අද ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයෙක් බවට පත්වී සිටිනවා” යැයි සම්පත් වේරගොඩ මහතා පවසයි.
වනිඳු අවුරුදු 13න් පහළ රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරමින් පිත්තෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවත්, අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් රිච්මන්ඩ් විදුහලට ජයග්‍රහණ රැසක් අත්කර දුන් බවත් විදුහල්පතිවරයා පවසයි. 
ඔහු අවුරුදු 19න් පහළ ක්‍රිකට් පි‍ලේ උප නායකයා ලෙස කටයුතු කළ 2013, 2014 තරග වාරවල දක්ෂතම ක්‍රිකට් කණ්ඩායමට හිමි සම්මානය දිනා ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් වූ බව සිහිකරන විදුහල්පතිවරයා ඔහු 2016 දී ශ්‍රී ලංකාවේ දක්ෂතම පාසල් පන්දු රකින්නා සම්මානය දිනාගත් බවද සිහිපත් කරයි. 
ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද දස්කම් දැක්වූ වනිඳු 2013 අ‍පොස සාමාන්‍ය පෙළ සමත් වූ බවත්, උසස් පෙළට වාණිජ විෂය ධාරාව හැදෑරූ බවත් විදුහල්පතිවරයා පවසයි.
වනිඳු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල නියෝජනය කරමින් බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද සහභාගි විය.
වනිඳු වැනි ක්‍රීඩකකු බිහි කිරීම පිළිබඳව රිච්මන්ඩ් විදුහල ඉතාමත් සතුටට පත්වන බවත්, සියලුම ක්‍රීඩකයන්ට පාස‍ලේදී අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසයි.
වනිඳුගේ සහෝදරයා වන ජාතික පිල නියෝජනය කළ චතුරංග ද සිල්වා ඇලෝසියස් විදුහල නියෝජනය කළ බවත්, එක් තරගයකදී ඔහු ලකුණු 163ක් ලබා රිච්මන්ඩ් විදුහල පරාජය කළ අවස්ථාවේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබූ වනිඳු හසරංග යම් දිනක තමා ක්‍රීඩා කරන විට ඇලෝසියස් විදුහල අනිවාර්යයෙන්ම පරාජය කරන බව පැවැසූ බව විදුහල්පතිවරයා පවසයි. 
ඉන්පසු රිච්මන්ඩ් ක්‍රිකට් පිල නියෝජනය කළ වනිඳු ඇලෝසියස් විදුහල හමුවූ සෑම අවස්ථාවේදීම සිය සහෝදරයාගේ පාසල පරාජය කිරීමට සමත් වීම ඔහුගේ ආත්ම ශක්තිය පිළිබඳ කදිම නිදසුන බව විදුහල්පතිවරයා අවසන් වශයෙන් පැවැසීය.
 
(කාශ්මීර් ටයිම්ස් ඇසුරිනි)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1600

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2684

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1904

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1673

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2162

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3363

Please publish modules in offcanvas position.