Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පළමු සටන ජය ගැනීමට දෙපිලෙන්ම නව සැලසුම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් වෛරස් උණ රෝගයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන අතර ශ්‍රී ලංකා පිල රංගන හේරත් විසින්ද ඉන්දීය පිල විරාත් කෝලි විසින්ද මෙහෙයවනු ලබති.
තණතීරුව විශිෂ්ට බවත් නව සැලසුම් සහිතව සටන ජය ගැනීමට සූදානම් බව දෙපි‍ලේම නායකයෝ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති 2015 ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්වූ අතර එහිදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 21 ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක ජය ශ්‍රී ලංකාවටත් තරග 6 ක ජය ඉන්දියාවටත් හිමිවී තිබේ. තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙරටේදීම පවත්වා ඇති මුළු තරග 38 න් තරග 16 ක ජය ඉන්දියාවටත් තරග 7 ක ජය ශ්‍රී ලංකාවටත් හිමිවී ඇති අතර තරග 15 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී තිබේ.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා හෝ ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වන රංගන හේරත් පවසන්නේ සියලුම ක්‍රීඩකයන් හොඳ මානසික තත්ත්වයකින් සටනට සූදානම්වී සිටින බවයි.
කණ්ඩායම තේරීම අද පෙරවරුවේ තණතිල්ල පරීක්ෂා කිරීමෙන් පසු සිදුකරන බව පැවැසූ රංගන චන්දිමාල්ගේ ස්ථානයට ධනුෂ්ක හෝ ධනංජය ක්‍රීඩා කරනු ඇති බව පවසයි.
ධනුෂ්කත් ලකුණු අතර ඉන්නේ. ධනංජයත් එහෙමයි. පන්දු යවන්නන්ගෙන් ප්‍රදීප් ආබාධයෙන් පස්සෙ හොඳින් පන්දු යවනවා. අද උදේ අවසන් තීරණය ගන්නවා. යැයි රංගන පවසයි.
ඉන්දියාවට එරෙහිව හොඳ සැලසුමකට අනුව ක්‍රීඩා කිරීමට තම පිල සූදානමින් පසුවන බවද රංගන පවසයි.
මේ අනුව ධනුෂ්ක ක්‍රීඩා කළහොත් තරංග මැද පෙළට එක්වීමට නියමිතව ඇති අතර ධනංජය ක්‍රීඩා කළහොත් ඔහු මැද පෙළින් පිටියට පිවිසෙයි.
දඟ පන්දු යවන්නන් ලෙස රංගන සහ දිල්රුවන්ද වේග පන්දු යවන්නන් ලෙස නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
ඉන්දීය පි‍ලේ පිතිකරුවන් ලෙස ෂිකර් ධවාන්, අභිනව් මුකුන්ඩ්, විරාත් කෝලි, චෙටස්වර් පුජාරා, අජින්ක්යා රහනේ, රෝහිත් ෂර්මා සහ විදිමන් සහා ක්‍රීඩා කරති.
තරගය පිළිබඳව අදහස් දක්වන ඉන්දීය නායක විරාත් කෝලි පවසන්නේ තියුණු සටනක් ලබාදීමට තම ක්‍රීඩකයන් සූදානමින් පසුවෙන බවයි.
ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සටන් වැදීම අභියෝගයක් බව පවසන කෝලි පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද තම වගකීම ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කරයි.
රංගන හේරත් විශිෂ්ට පන්දු යවන්නෙකු බවත් ඔහුට එරෙහිව සැලසුමකින් යුතුව පිතිකරුවන් ක්‍රීඩා කරනු ඇති බවත් කෝලි පැවැසීය.
ඉන්දීය දඟ පන්දු යවන්නන් ලෙස අෂ්වින් සහ ජඩේජා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස මොහොමඩ් ෂමී සහ උමේෂ් යදාව් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 10.00 ට ආරම්භ වෙයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනන්ජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විෂ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප් 
 
ඉන්දීය ටෙස්ට් සංචිතය
විරාත් කෝලි (නායක), රවිචන්ද්‍රන් ඇෂ්වින්, අජින්කෙයා රහානේ, ෂිකර් ධවාන්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යදාව්, 
බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ෂමී, අබිනව් මුකුන්ඩ්, හාර්දික් පාන්ඩයා, චෙටස්වර් පුජාරා, ලෝකේෂ් රාහුල්, විදිමන් සහා, 
ඉෂන්ට් ෂර්මා, රෝහිත් ෂර්මා, උමේෂ් යදාව්.
 
මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1844

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3265

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9028

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4680

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4847

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6574

Please publish modules in offcanvas position.