Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

17න් පහළ දක්ෂතම ක්‍රීඩක සම්මාන අවිෂ්ක සහ සංතුෂ්ට

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ 2015 සහ 2016 වසරවල අවු. 15න් පහළ සහ 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන උළෙ‍ලේදී පිට පිටම දෙවැනි වරටත් 17න් පහළ දක්ෂතම ක්‍රීඩක සම්මානය දිනා ගැනීමට ශා. සෙබස්තියන් විද්‍යාලයේ අවිෂ්ක ප්‍රනාන්දු (2015)  සමත්විය.
2016 වසරේ අවු. 17න් පහළ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය බම්බලපිටිය ශා. පීතර විද්‍යාලයේ සංතුෂ් ගුණතිලකට හිමි විය.
වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය පෙරේරා සහ කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක 2015 වසරේදී සහ 2016 වසරේදී අවු. 15න් පහළ දක්ෂතම ක්‍රීඩක සම්මාන දිනා ගත්හ.
2015 වසරේ අවු. 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව දිනාගත් ගල්කිස්ස ශා. තෝමස් විදුහලද, දෙවැනි කොටසේ සම ශූරතාව දිනාගත් කොළඹ ඩිලාසාල් සහ මොරටුව ශා. සෙබස්තියන් “බි” පිලද මෙහිදී සම්මාන ලැබිය.
එම වසරේ අවු. 15න් පහළ තෙවැනි කොටසේ ශූරතාව දිනාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලද සම්මාන ලැබිය.
2015 වසරේ 17න් පහළ පළමු කොටසේ ශූරතාව දිනාගත් කොළඹ ආනන්ද විදුහලද, දෙවැනි කොටසේ ශූරතාව දිනාගත් කොළඹ නාලන්දා “බි”  පිලද, තෙවැනි කොටසේ සම ශූරතාව දිනාගත් පන්නල ජාතික පාසල සහ  පින්දෙණිය ජාතික පාසල මෙහිදී සම්මාන ලැබිය.
2016  වසරේ අවු. 15න් පහළ පළමු කොටසේ ශූරතාව දිනාගත් කොළඹ නාලන්දා විදුහලද, දෙවැනි කොටසේ ශූරතාව දිනාගත් වත්තල ශා ජෝශප් විදුහලද, තෙවැනි කොටසේ ශූරතාව දිනාගත් ලයිසියම් ජාත්‍යන්තර පාසලද සම්මාන ලැබිය.
2016 වසරේ 17න් පහළ පළමු කොටසේ ශූරතාව දිනාගත් මොරටුව ශා. සෙබස්තියන් විදුහලද, දෙවැනි කොටසේ ශූරතාව දිනාගත් කටුනේරිය ශා. සෙබස්තියන් විදුහලද, තෙවැනි කොටසේ ශූරතාව දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලද මෙහිදී සම්මාන ලැබිය.
මෙම සම්මාන උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24දා) කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (වෙළෙඳ) කුමාර් සමරසිංහ,  සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි සහ වාණිජ) මහේෂ්
විජේවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න යන මහත්වරුන්ද මෙම සම්මාන ප්‍රදාන උළෙලට ආරාධිතයින් ලෙස එක්වූහ.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3277

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4691

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.