Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාගාරයේ දී පැවැත්වූ දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු  තරගාවලියේ සමස්ත ශූරතාව ඉන්දියාව දිනා ගත්හ.

අවුරුදු 15 න් පහළ හා 18 න් පහළ වයස් සීමා යටතේ ඛාණ්ඩ 10 ක් යටතේ පැවැත් මෙම තරගාවලියට දකුණු ආසියානු කලාපයේ රටවල් 6 ක් සහභාගී විය.

ඉන්දියාව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 4 ක් දිනාගත්හ, ශ්‍රී ලංකාව අනුශූරයන් වෙමින් රිදීපදක්කම් 6 ක් ඇතුළුව ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් අතර බංගලාදේශය ලෝකඩ පදක්කම් 3 ක් හිමි කර ගනිමින් තුන්වන ස්ථානයට පත් විය.{jcomments on}

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ 2016-2017 එෆ්.ඒ. කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ පස්වැනි වරටත් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැති අවසන් මහ තරගයේදී හිටපු ශූර යුද හමුදාව හමුවේ ගෝල 5-1කින් ජාවා‍ලේන් පරාජය ලැබිය.
තරගය ආරම්භයේ සිටම සිය අණසක පැතිර වූ යුද හමුදාව පළමු භාගය අවසන් වන විට ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසුවිය.
දෙවැනි භාගයේදී යුද හමුදාව තවත් ගෝල 3ක් එක්කර ගත් අතර, ජාවා‍ලේන් එක් ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් විය.
යුද හමුදාව වෙනුවෙන් මොහොමඩ් ඉසාදීන් සහ එම්.ඒ. රහුමාන් ගෝල 2 බැගින් වාර්තා කළ අතර, සුමිත් කුමාර ගෝලයක් වාර්තා කළේය.
පරාජිත ජාවා‍ලේන් වෙනුවෙන් එකම ගෝලය ජූඩ් නික්ලස් වාර්තා කළේය.
තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයාට පිරිනැමෙන රන් සපත්තුව යුද හමුදාවේ මොහොමඩ් ඉසාදීන් (ගෝල 9) දිනාගත් අතර, දක්ෂතම දැල් රකින්නා ලෙස යුද හමුදාවේ ඩබ්ලිව්.එන්.කේ. සිරිසේන සම්මාන ලැබිය.
 
සුනිල් අභයවර්ධන 

ශ්‍රී ලංකා ටෙනිස් තරග ක්‍ෂේත්‍රයේ පැවැත්වෙන පැරණිතම ටෙනිස් තරගාවලිය වන 2017 කොළඹ ටෙනිස් තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ මස 19 වැනි දිනෙන් අවසන් වේ.
ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ සහයෝගය ඇතිව ටෙනිස් සම්මේලනයේ ක්‍රීඩා අංශය 102 වැනි වරටත් මෙවර තරගාවලිය සංවිධානය කරනු ලබයි.
ශ්‍රී ලංකා ටෙනිස් තරග කැලැන්ඩරයේ සුපිරිතම තරගාවලිය ලෙස නම්කර තිබෙන මෙම කොළඹ ටෙනිස් තරගාවලියට අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ. 18න් පහළ බාලක-බාලිකා, විවෘත පිරිමි සහ කාන්තා, අවුරුදු 45න් ඉහළ, 55න් ඉහළ සහ 60න් ඉහළ පිරිමි වශයෙන් තරග ඉසව් ඇතුළත්වේ. 
තරගාවලියේ කේවල පිරිමි ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක්ද, කේවල කාන්තා ජයග්‍රාහිකාවට රුපියල් 75,000ක්ද පිරිනැමේ.
තරගාවලියට අයැදුම්පත් භාර ගැනීම 19 වැනි දින පස්වරු 6.00 දක්වා සිදුකෙරෙන අතර, තරග සටහන සැකසීම 23 වැනි දින සිදුකිරීමට සැලසුම් කර තිබේ.
විෂන් කෙයාර් ආයතනය සහ රකුමි ට්‍රේඩින් ආයතනය මෙම තරගාවලියට අනුග්‍රහය දක්වයි.
 
සුනිල් අභයවර්ධන{jcomments on}
 

ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් මේ දිනවල තායිලන්තයේදී පවැත්වෙන අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන කාන්තා වොලිබෝල් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ මැකාවෝ අතර පැවැති තරගයෙන් වට 3-1ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
රටවල් 13 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජයග්‍රහණය ලෙස මෙය වාර්තා වෙයි.
සුදුසුකම් ලැබිමේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව මෙම තරගයේදී ලකුණු 25-23, 24-26, 25-21 සහ 26-24ක් ලෙස ජය ගැනීමට සමත් වී තිබේ.

උස්බෙකිස්ථානයේ ටස්කන්ට් නුවරදී පැවැති ආසියානු බොක්සිං තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිනිදු සපරමාදු ලෝක ශූරතා බොක්සිං තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබාගෙන තිබේ.
2017 ලෝක ශූරතා බොක්සිං තරගාවලියට ආසියානු කලාපයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා පසුගියදා පැවැති මෙම ආසියානු බොක්සිං තරගාවලියට රටවල් 29ක ක්‍රීඩකයින් සහභාගි වූ අතර, එහිදී කිලෝ ග්‍රෑම් 64 බර පන්තිය යටතේ තරග වැදුණු දිනිදු සපරමාදු ජය වාර්තා කළේය.
මෙම තරගාවලියට සහභාගි වූ දිනිදු සපරමාදු පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ලක්බිමට පැමිණියේය.
 
ඡායාරූපය - කුමාරසිරි ප්‍රසාද් - ගුවන්තොටු‍පොළ

දකුණු කොරියාවේ පැවැති 10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ඉතිහාසයේ දරුණුතම පරාජයට ලක්වෙමින් හිටපු යොවුන් ශූරියන් වූ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්විය.
මෙම තරගාවලියේ ශූරතාව සිංගප්පූරුව දිනාගත් අතර, මලයාසියාවට අනුශූරතාව හිමිවිය.
ශ්‍රී ලංකාව මතෛක් සහභාගි වූ සෑම ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියකම අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන තිබූ අතර, එහිදී අවස්ථා තුනකදීම ශූරතාව දිනා ගැනීමට සමත් විය.
හිටපු ආසියානු යොවුන් දැල්පන්දු ශූරියන් වන ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයකට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 58-32ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාවට කුසලාන බලා‍පොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය.
ඉන්පසු තෙවැනි ස්ථානය සඳහා හොංකොං සමග තරග වැදුණු ශ්‍රී ලංකාව ලකුණු 58-49ක පරාජයක් ලැබිම හේතුවෙන් සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. 
(සටහන - ශිරන්ති ගුණසේකර)

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 269

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 512

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 454

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 395

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5024

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3301

Please publish modules in offcanvas position.