Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු නිලධාරීන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් සමග ඩුබායිහිදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඩුබායිහිදී පැවැති සාකච්ඡාවලදී මෙරට ක්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබේ.
මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් එවන ලද ලිපියේ නිලවරණය පැවැත්වෙනතුරු අතුරු කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව සඳහා නිශාන්ත ජයසිංහ, ක්ලැරන්ස් හෝමර්, මංගල ගමගේ, රොහාන් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසටද යෝජනා කර ඇත.
ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් පනවා තිබූ තහනම හේතුවෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අහිමිවීමේ අවදානමක් තිබුණද එම අවදානම මින් ඉදිරියට පහව යන බව ක්‍රීඩා අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

මාස අටකට ආසන්න කාලයක සිට දිනෙන් දින කල් දමමින් පැවැති ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ වාර්ෂික නිලවරණය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර, එහිදී නව සභාපති ලෙස ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂවරයකු වන පරාක්‍රම බස්නායක මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
පරාක්‍රම බස්නායක මහතා කැරම් සම්මේලනයේ නිල තනතුරක් දරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, 1990 වසරේ සිට වරින් වර විවිධ තනතුරු දැරූ ශ්‍රී ලංකා ‍පොලීසියේ දයා විදානගම මහතා මෙවර නිලවරණයේදී වැඩි ඡන්දයෙන් ‍ලේකම් ධුරයට තේරී පත්විය.
 
නව නිලධාරී මණ්ඩලය
සභාපති :- පරාක්‍රම බස්නායක
‍ලේකම් :- දයා විදානගම
උප සභාපතිවරු :- වී.ටී.එස්. සිරිමාන්න, බ්‍රින්ඩ්ලි වික්‍රමසිංහ, චින්තක එස්. ගුණසේකර, රවීන්ද්‍ර වික්‍රමසිංහ, සුසන්ත ප්‍රනාන්දු
තරග ‍ලේකම් :- අමිතා වික්‍රමසිංහ
භාණ්ඩාගාරික :- ජානක ජීවන්දර
උප ‍ලේකම් :- කේ. ජයසිංහ
උප භාණ්ඩාගාරික :- ප්‍රිමාල් ප්‍රනාන්දු
 
ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව පවත්වනු ලැබූ ‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ’ විවෘත අංශයේ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට කටාන ඒකාබද්ධ සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජ සමත් විය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා නිමාවට පත්වූ මෙම තරගාවලියේ විවෘත පිරිමි අවසන් තරගයේදී කටාන ඒකාබද්ධ හමුවේ නාත්තන්ඩිය යුනයිටඩ් තරග වට 3-2කින් පරාජය ලැබිය.
විවෘත කාන්තා අවසන් තරගයේදී කොස්වාඩිය විජය හමුවේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය තරග වට 3-2කින් පරාජය ලැබිය.
විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජනිත් සුරත් (කටාන ඒකාබද්ධ) සම්මාන ලැබූ අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දිනේෂා ප්‍රසාදිනී (කොස්වාඩිය විජය) සම්මාන ලැබුවාය.
මෙම තරගාවලියේ අවුරුදු 22න් පහළ පිරිමි ශූරතාව නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය දිනාගත් අතර, කාන්තා ශූරතාව ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. 
නාත්තන්ඩිය යුනයිටඩ් සහ හුංගම විජයබා අතර පැවැති පිරිමි අවසන් තරගයේදී නාත්තන්ඩිය විජයබා වට 3-0කින් ජයගත් අතර, ගලිගමුව බෝයගම සිරි පැරකුම් සහ කුරුණෑගල කැෂුවලයින් අතර පැවැති කාන්තා අවසන් තරගයේදී බෝයගම සිරි පැරකුම් වට 3-2ක ජයක් වාර්තා කළේය.
අවුරුදු 22න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහේල ඉන්දීවර (නාත්තන්ඩිය යුනයිටඩ්) සම්මාන දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිමේෂිකා සෙව්වන්දි (බෝයගම සිරි පැරකුම්) සම්මාන ලැබුවාය. 
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
ප්‍රභාත් විදානපතිරණ

යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ කුසලාන 65 වැනි ජාතික ශූරතා ස්නූකර් තරගාවලියේ පළමු අදියරේ තරග අද (15දා) කොළඹ මුවර්ස් ක්‍රීඩා සංගම් ශාලාවේදී ආරම්භ කෙරේ.
ජාතික ශූරතා ස්නූකර් තරගාවලිය සඳහා සුමති සමූහ ව්‍යාපාරය 15 වැනි වරටත් අනුග්‍රාහකත්වය දක්වන අතර, එම සමාගමේ නිර්මාතෘ දිවංගත යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ කුසලාන වෙනුවෙන් තරගාවලිය පැවැත්වේ.
ප්‍රාදේශීය තරගවලදී දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 29 දෙනකු සමස්ත ලංකා මට්ටමෙන් පැවැත්වෙන තරගාවලිය සඳහා එක්වී සිටින අතර, එම ක්‍රීඩකයින් කාණ්ඩ 8ක් යටතේ තරග වදියි.
පළමු අදියරේ තරග 8ක් අද පැවැත්වෙන අතර, ලබන 19දා දක්වා පළමු අදියරේ තරග ක්‍රියාත්මක කෙරේ.
තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී සුමති සමූහ ව්‍යාපාරය මගින් ලබාදුන් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සම්මේලනයේ සභාපති සුල්ස්කි විසේලා මහතා විසින් එම සංගමයේ භාණ්ඩාගාරික ඇන්ටන් කන්දයියා මහතාට භාරදුන් අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

ඡායාරූපය:- තුෂාර අතපත්තු

ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ රාජකීය-මාස් බොක්සිං වළල්‍ලේදී පවත්වන ලද 91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් විය.
මෙවර කාන්තා අංශයේ සමස්ත ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය සතුවිය.
පිරිමි අනුශූරතාව යුද හමුදාව දිනාගත් අතර, හෙල ක්ලෝතින් ක්‍රීඩා සමාජයට කාන්තා අනුශූරතාව හිමි විය.
පිරිමි සහ කාන්තා දෙවැනි අනුශූරතාව පිළිවෙළින් නාවික හමුදාව සහ ගුවන් හමුදාව සතුවිය.
සමස්ත පිරිමි ශූරතාව දිනාගත් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයට  රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් සහ එක් ලෝකඩ පදක්කමක් හිමි විය.
එල්.අයි. පෙරේරා (කි.ග්‍රෑම්. 49) යූ.එන්.කේ. අමරවංශ (කි.ග්‍රෑ. 56), අනුරුද්ධ බණ්ඩාර ගුණතිලක (කි.ග්‍රෑ. 60), දිනිදු දුෂාන් සපරමාදු (කි.ග්‍රෑ. 64), ජී.ජී. ඩිල්ෂාන් ගුණසේකර (කි.ග්‍රෑ. 75) සහ ලහිරු රත්නදිවාකර (කි.ග්‍රෑ. 91ට වැඩි) ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයට රන් පදක්කම් දිනා දීමට සමත් වූහ.
කාන්තා ශූරතාව දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් හිමි විය.
අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑ. 48), අනුරාධා ජයසිංහ (කි.ග්‍රෑ. 51), කේෂානි  හංසිකා (කි.ග්‍රෑ. 57), එච්.එන්.කේ.ජී.එල්. උදයංගනී (කි.ග්‍රෑ. 69), ජී.ඩී.එම්. හංසිකා ජයදේව (කි.ග්‍රෑ. 81ට වැඩි) යුනිචෙලා වෙනුවෙන් රන් පදක්කම් දිනා දුන්හ.
දින 5ක් පුරා පැවැති මෙවර තරගා මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ දිනිදු උෂාන් සපරමාදු (කි.ග්‍රෑ. 64 බර පන්තිය) සමත් වූ අතර, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු (කි.ග්‍රෑ. 48 බර පන්තිය) දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
දක්ෂතම ක්‍රීඩකයා වූ දිනිදු සපරමාදු ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාස‍ලේ ආදි ශිෂ්‍යයකු වන අතර, ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභී ක්‍රීඩකයකුද වෙයි. ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභිනියක වන අනූෂා කොඩිතුවක්කු ගිරිඋල්ල හමංගල්ල මහ විදුහ‍ලේ ආදි ශිෂ්‍යාවකි.
මෙවර තරගාවලියේ දක්ෂතම පරාජිතයන් ලෙස කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය නියෝජනය කළ හෙල ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ ඩී.ජී.ආර්.අයි. වර්ණසූරිය නම් කෙරුණු අතර, කිලෝ ග්‍රෑම් 51 බර පන්තිය යටතේ තරග කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ එච්.එස්. ප්‍රියදර්ශනී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
මෙවර පිරිමි සමස්ත ශූරතාව දිනාගත් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් ලෙස රවීන්ද්‍ර වෑකඩ‍පොල, කමල් සමීර, මංජු වන්නිආරච්චි කටයුතු කළ අතර, කාන්තා ශූරතාව දිනාගත් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් ලෙස හර්ෂ කුමාර, චමිල අබේරත්න සහ නිපුන ජයසිංහ කටයුතු කළහ.
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නව සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි.

සපුමල් වීදියබණ්ඩාර

ඉන්දියාවේදී අද (14දා) ඇරඹෙන ඔලිම්පියාඩ් යොවුන් චෙස් තරගාවලිය සඳහා  ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙති.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න නායකත්වය දරන මෙම කණ්ඩායමට භානුක නිම්සිත් වික්‍රමසිහ (කොළඹ ආනන්ද විද්‍යාලය), රගුපරන් ඉලම්පූර්ණන් (ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලය), අයි.එම්.පී.ටී. ගුණවර්ධන (කුරුණෑගල මලියදේව විද්‍යාලය) සහ තරුෂි නික්‍ලේෂා (කොළඹ විශාඛා විද්‍යාලය) ඇතුළත් වෙති.
රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයේ ආචාරිනී ඒ.ජේ.ඩී. අතුකෝරල මහත්මිය කණ්ඩායමේ කළමනාකරිනිය ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා ජාතික චෙස් පුහුණුකරු ග්‍රෑන්ඩ් මාස්ටර් දිමිතේ‍රා් කොම්රෝ සහ ‍පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් සංගමයේ ‍ලේකම් ලක්ෂ්මන් විජේසූරිය මහතා සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ඡායාරූපයෙන් දිස්වේ.
(පමෝද්)

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1250

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 709

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4111

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2362

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4395

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5549

Please publish modules in offcanvas position.