Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් වනිඳු හසරංග දැඩි ආත්ම ශක්තියකින් හෙබි විශිෂ්ට ක්‍රීඩකයෙක් බව රිච්මන්ඩ් විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පවසයි.
ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් පිටියට පිවිසි වනිඳු හසරංග සිය පළමු එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් වාර්තා ‍පොතට එක්විය. 
මෙහිදී අදහස් දක්වා ඇති රිච්මන්ඩ් විදුහල්පතිවරයා පවසන්නේ වනිඳු හසරංගගේ පාසල් ක්‍රිකට් දිවිය විශිෂ්ට මතක රැසකින් සමන්විත බවත්, ඔහු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේදී සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයකු වීම තමන්ට සහ විදුහලට ආඩම්බරයක් බවයි.
“ඔහු 2003 සිට 2016 දක්වා රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහු වයස 11 සිට දක්ෂතා වර්ධනය කර ගනිමින් අද ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයෙක් බවට පත්වී සිටිනවා” යැයි සම්පත් වේරගොඩ මහතා පවසයි.
වනිඳු අවුරුදු 13න් පහළ රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරමින් පිත්තෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවත්, අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් රිච්මන්ඩ් විදුහලට ජයග්‍රහණ රැසක් අත්කර දුන් බවත් විදුහල්පතිවරයා පවසයි. 
ඔහු අවුරුදු 19න් පහළ ක්‍රිකට් පි‍ලේ උප නායකයා ලෙස කටයුතු කළ 2013, 2014 තරග වාරවල දක්ෂතම ක්‍රිකට් කණ්ඩායමට හිමි සම්මානය දිනා ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් වූ බව සිහිකරන විදුහල්පතිවරයා ඔහු 2016 දී ශ්‍රී ලංකාවේ දක්ෂතම පාසල් පන්දු රකින්නා සම්මානය දිනාගත් බවද සිහිපත් කරයි. 
ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද දස්කම් දැක්වූ වනිඳු 2013 අ‍පොස සාමාන්‍ය පෙළ සමත් වූ බවත්, උසස් පෙළට වාණිජ විෂය ධාරාව හැදෑරූ බවත් විදුහල්පතිවරයා පවසයි.
වනිඳු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල නියෝජනය කරමින් බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටද සහභාගි විය.
වනිඳු වැනි ක්‍රීඩකකු බිහි කිරීම පිළිබඳව රිච්මන්ඩ් විදුහල ඉතාමත් සතුටට පත්වන බවත්, සියලුම ක්‍රීඩකයන්ට පාස‍ලේදී අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසයි.
වනිඳුගේ සහෝදරයා වන ජාතික පිල නියෝජනය කළ චතුරංග ද සිල්වා ඇලෝසියස් විදුහල නියෝජනය කළ බවත්, එක් තරගයකදී ඔහු ලකුණු 163ක් ලබා රිච්මන්ඩ් විදුහල පරාජය කළ අවස්ථාවේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබූ වනිඳු හසරංග යම් දිනක තමා ක්‍රීඩා කරන විට ඇලෝසියස් විදුහල අනිවාර්යයෙන්ම පරාජය කරන බව පැවැසූ බව විදුහල්පතිවරයා පවසයි. 
ඉන්පසු රිච්මන්ඩ් ක්‍රිකට් පිල නියෝජනය කළ වනිඳු ඇලෝසියස් විදුහල හමුවූ සෑම අවස්ථාවේදීම සිය සහෝදරයාගේ පාසල පරාජය කිරීමට සමත් වීම ඔහුගේ ආත්ම ශක්තිය පිළිබඳ කදිම නිදසුන බව විදුහල්පතිවරයා අවසන් වශයෙන් පැවැසීය.
 
(කාශ්මීර් ටයිම්ස් ඇසුරිනි)

“බීච් වොලිබෝල්” ක්‍රීඩාව සංචාරකයින් අතර ජනප්‍රිය කිරීම අරමුණු කර ගනිමින් ප්‍රදර්ශන “බීච් වොලිබෝල්” තරඟයක් පසුගියදා රාත්‍රීයේ මාරවිල - තල්විල මුහුදු වෙරළේදී පැවැත්වුණි. මාරවිල - තල්විල ෆාම් බේ සංචාරක හෝටලය විසින් සංවිධානය කර තිබූ මෙම ප්‍රදර්ශන තරඟයට දෙස් විදෙස් සංචාරකයින්ද එක්ව සිටීම විශේෂත්වක් විය. එහිදී ජයග්‍රාහී කණ්ඩායමට ෆාම් බේ සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරී ගාමිණී කීර්ති සිංහ මහතා විසින් කුසලානය ප්‍රධානය කළ අවස්ථාව ඡායාරූපයේ වේ.

ජුඩ් සමන්ත{jcomments on}

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉදිරි සිව් වසර සඳහා නව නිලධාරී මඬුල්ලක් පත්කර ගැනීමේ  නිලවරණයේදී හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතා වැඩි ඡන්ද 25කින් නව සභාපති ලෙස තේරී පත්විය.

අනුර ද සිල්වා මහතා ඡන්ද 104ක් හිමිකර ගනිද්දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 79ක් පමණි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සංගමයේ විශේෂ නියෝජිතයන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ මෙම පාපන්දු නිලවරණය ජූලි 01දා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දැඩි ‍පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පැවැත්විණි.

සභාපති ධුරයට තරග කළ රංජිත් රුද්‍රිගු මහතාගේ පරාජයත් සමග ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරමින් නාම යෝජනා ඉදිරිපත් කර තිබූ සියලුම අපේක්ෂකයන් ඉල්ලා අස්විය.

මේ අනුව සභාපති සහ භාණ්ඩාගාරික තනතුරු දෙක හැර අනෙකුත් සියලුම තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනෙන සිදුවීක් විය.

මේ අනුව ටිරෝන් ප්‍රනාන්දු මහතා ඡන්ද 102ක් හිමිකර ගනිමින් භාණ්ඩාගාරික ධුරයට පත්වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ මොහොමඩ් ෆස්ලාන් මහතාට හිමිවූයේ ඡන්ද 80ක් පමණි.

පාපන්දු නව නිල මඬුල්ල

සභාපති :- අනුර ද සිල්වා
ප්‍රධාන ‍ලේකම් :- යූ.එල්. ජස්වර්
උප සභාපතිවරු (4) :- ඥානප්‍රගාසම් ඇන්ටනි ඩේවිඩ්, උපාලි හේවගේ, ෆාරුක් නාගුර්තම්බි, පත්මසිරි මුණසිංහ
නියෝජ්‍ය ‍ලේකම් :- ඒ. අරුලානන්ද සෝදි (පරිපාලන), ජගත් කුමාර ද සිල්වා (තාක්ෂණ)
භාණ්ඩාගාරික :- ජේ.එම්. ටිරෝන් ප්‍රනාන්දු
උප භාණ්ඩාගාරික :- සමන් ඉන්දික තේනුවර

ප්‍රභාත් විදානපතිරණ{jcomments on}

දිවයිනේ රජයේ පාසල්වල පුරප්පාඩු වී ඇති ක්‍රීඩා පුහුණුකරුවන් තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේදී පළාත් ක්‍රීඩා සහතික නොසලකා හැරීමෙන් ක්‍රීඩා සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් කර ඇතැයි සමස්ත ලංකා පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ඉබ්බාගමුව කලාප ක්‍රීඩා නිලධාරී ප්‍රියනාත් සේනපාල මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව සමගියෙන් ඉටු කළ යුතු කාර්යයක් අධ්‍යාපන අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස සියල්ල තමන් අතට ගෙන තීන්දු තීරණ ගෙන ඇතැයි සේනපාල මහතා වැඩිදුරටත් පැවැසීය.
ක්‍රීඩා පුහුණුකරුවන් තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේදී වෘත්තීය සුදුසුකම් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයකදී අවම වශයෙන් තුන්වන (3) ස්ථානය ලබා සිටීම හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පවත්වන ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී අවම වශයෙන් තුන්වන ස්ථානය ලබා සිටීම දක්වා ඇත.
එසේ නොමැති නම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන පළාත් ක්‍රීඩා තරගවලදී අවම වශයෙන් දෙවන ස්ථානය ලබා තිබිම හෝ ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංගම් මගින් පවත්වන ජාතික මට්ටමේ පවත්වන තරගයන්හිදී (පළාත් මට්ටම්/දිස්ත්‍රික් මට්ටම් හැර) අවම වශයෙන් තුන්වන ස්ථානය ලබා සිටීම ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග ජයග්‍රහණ මත පදනම් වූ සුදුසුකම් දක්වා ඇත. මෙම ‍ලේඛනය ඉතා ඕනෑකමින් පරිශීලනය කිරීමෙන් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සහ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංගම් නොසලකා හැර ඇති බව පැහැදිලි නොවන්නේදැයි සේනපාල මහතා ප්‍රශ්න කරයි.
මෙම අසාධාරණය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සමගද සාකච්ඡා කළ බව සේනපාල මහතා පවසයි. මේ පිළිබඳව සොයා බලා අත්වැරදීමක් වී ඇත්නම් වහාම එය සංශෝධය කර පළාත් මට්ටමේ
දක්ෂයින්ට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සලස්වා දෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ‍ලේකම් කුමාරි වීරසේකර මෙනවියටද මෙම අසාධාරණය පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලීමක් කළ ප්‍රියනාත් සේනපාල මහතා මෙය වයඹ පළාතට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන නිසා අනෙක් පළාත් අටේ (8) ‍ලේකම්වරුන්ද දැනුවත් කර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවීමට යන අවමානයෙන් බේරා ගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.
මෙම චක්‍ර‍ලේඛයට අනුව පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් එම අවස්ථාව හිමිවන අතර, පාසල් හැරගිය පසුත් ක්‍රීඩාවේ නියැලෙමින් සිටින තරුණ තරුණියන්ට හිතාමතාම අසාධාරණයක් සිදුකර ඇතැයිද ඔහු පැහැදිලි කරයි. මේ හේතුවෙන් ඉදිරියේදී ක්‍රීඩා සමාජ හරහා ක්‍රීඩාවට යොමු වන්නන් අඩුවිය හැකි බවද ඔහු අවධාරණය කරයි. එය දැනට සේවයේ යෙදී සිටින ක්‍රීඩා පුහුණුකරුවන්ට ගම් මට්ටමට ගොස් වැඩ කිරීමටද අපහසු විය හැකි බවත්, ඒ තුළින් ඉදිරියේදී ක්‍රීඩාවෙන් ඈත්වන තරුණ තරුණියන් විවිධ රෝගාබාධවලින් යුත් පිරිසක් වෙනු ඇතැයිද පෙන්වා දෙයි.
ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යෙදෙන්නෙකුට ලබාදිය හැකි පහළ මට්ටමේ තනතුරු වන ක්‍රීඩා නිලධාරී, ක්‍රීඩා පුහුණුකරු හෝ ක්‍රීඩා ගුරු යන තනතුරු සඳහා පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවත්වන තරගයන්හී දස්කම් දැක්වූවන්ට අවස්ථාවක් ලබාදීම එම ක්‍රීඩකයන්ට වටිනාකමක් දීමකි. එසේ නොවුනහොත් තරුණ තරුණියන් ක්‍රීඩාවලට යොමුවීමද අඩුවිය හැක. ගමේ තරුණ තරුණියන් ක්‍රීඩා සමාජවලින් බිහිවී ඉතා අපහසුවෙන් අඩු පහසුකම් යටතේ ලබාගත් ජයග්‍රහණයන්ට වටිනාකමක් ලබා නොදීම තුළින් ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාවන්ද බිඳවැටිය හැකි යැයි සේනපාල මහතා අනතුරු ඇඟවීය.
එසේම එම චක්‍ර‍ලේඛයට අනුව එකී තනතුර සඳහා ඉල්ලුම්පත් යොමුකරන අවසාන දිනය ලෙස ජුනි 15 දිනය දක්වා තිබූ බවත්, ජුනි 14, 15, 16 යන දිනයන් හි තැපැල් වැඩ වර්ජනය තිබූ බැවින් මේ වනතුරුත් ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කාලය දීර්ඝ කර දිය යුතු බවද සේනපාල මහතා ඉල්ලීමක් කළේය.

කමලා අතරගල්ල - දොඩම්ගස්ලන්ද

ලබන ජූලි මාසයේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන 2017 ආසියානු විවෘත පිරිමි වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රීඩකයින් 18 දෙනකුගෙන් යුත් ජාතික පුහුණු සංචිතයක් පිහිටුවා තිබේ.
ජාතික මට්ටමේ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම ඇතුළත් මෙම පුහුණු සංචිතයට මෙවර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5ක්ද, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් ක්‍රීඩකයින් 5ක්ද, ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 2ක්ද, නාවික හමුදාවෙන් එක් ක්‍රීඩකයකුද ඇතුත් වී සිටිති. 
ජාතික වොලිබෝල් සංචිතය දීප්ත රොමේෂ්, ගයාන් මධුසංඛ, කසුන් චතුරංග, එ.ඩබ්ලිව්. ලක්මාල්, අයේෂ් දිල්ශාන් (විදුලිබල මණ්ඩලය), වසන්ත ලක්මාල්, දිලින සුදාරක, චාමර මිහිරාන්, ෂමිල් මලින්ද, ඉසුරු මධුෂාන් (යුද හමුදාව), ජනත් සුරත්, ආර්.එච්. දිසානායක, නිලංක සංජය, ෂෙහාන් විමුක්ති, ලසිඳු මෙත්මාල (වරාය අධිකාරිය), ධනුෂ්ක දිල්ෂාන්, මලිඳු දිනිත් චාමර (ගුවන් හමුදාව), චානක මධුෂාන් (නාවික හමුදාව) චාල්ස් තිලකරත්න මහතා - ප්‍රධාන පුහුණුකරු, නලීන් සම්පත් අබේසිංහ මහතා - සහාය පුහුණුකරු

කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පසුගියදා අවසන් වූ 50 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් අවුරුදු 20න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව කොළඹ රතු කණ්ඩායම දිනාගත් අතර, මහනුවර නිල් කණ්ඩායමට බාලිකා ශූරතාව හිමිවිය.
මෙවර බාලක අනුශූරතාව මාත‍ලේ රන් කණ්ඩායම හිමිකරගත් අතර, කොළඹ නිල් කණ්ඩායමට දෙවැනි අනුශූරතාව හිමිවිය.
බාලිකා අනුශූරතාව කොළඹ රතු කණ්ඩායමට හිමිවූ අතර, දෙවැනි අනුශූරතාව මාත‍ලේ රන් කණ්ඩායම සතුවිය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජීවන්ත පසන් එදිරිසිංහ (කොළඹ රතු) සම්මාන ලැබූ අතර, චාරුකා අබේරත්න (මහනුවර නිල්) දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
දක්ෂතම ගෝල් රකින්නා ලෙස මාත‍ලේ රන් කණ්ඩායමේ අනුරාධ රණවීර තිළිණ ලැබූ අතර, කොළඹ රතු කණ්ඩායමේ ටමාෂා වීරසිංහ දක්ෂතම ගෝල් රකින්නිය ලෙස නම් කෙරුණි.
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් දින තුනක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් කණ්ඩායම් 21ක් සහභාගි විය.
කොළඹ රතු සහ මාත‍ලේ රන් දෙපිල අතර පැවැති බාලක අවසන් මහා තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි. ඒ අනුව ජයග්‍රාහී පිල තෝරා ගැනීම සඳහා දඬුවම් පහර (චදචතබර ඵඩධධබ ධභබ-8 ඵඥජධදඤ) උපයෝගී කරගන්නට සිදුවීම කැපී පෙනුණි.
තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ගෝල 2-2ක් ලෙස තිබූ හෙයින් මෙම ක්‍රමය අනුගමනය කළ අතර, එහිදී ගෝල 4-3ක් ලෙස කොළඹ රතු ක්‍රීඩකයෝ ජය වාර්තා කළහ.
මහනුවර නිල් සහ කොළඹ රතු අතර පැවැති බාලිකා අවසන් තරගයද බාලක තරගය මෙන්ම තියුණු මුහුණුවරක් ඉසිලූ අතර, තරගය නියමිත කාලය නිමාවන විට ගෝල 1-1ක් ලෙස සටහන් විය. ඒ අනුව දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 4-3ක් ලෙස මහනුවර නිල් ක්‍රීඩිකාවෝ ජය වාර්තා කළහ.
 
සපුමල් වීදියබණ්ඩාර

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1227

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 700

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4090

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2351

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4381

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5534

Please publish modules in offcanvas position.