Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ස්ලාඩාර් ඒකාබද්ධව සංවිධානය කරන ‘කැවල්රි සුපර් කේ‍රාස් 2017’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලිය ජූලි 7දා පැවැත්වේ.
මෙම තරගාවලිය කුරුණෑගල රිදියගල්ල සහ රම්බඩගල්ල කඳුවැටි පසුබිම් කරගනිමින් දිකර ඇති පාන්ගොල්ල ධාවන පථයේදී පැවැත්වේ.
යුද්ධයේදී මියගිය රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ සුබ සාධන කටයුතුවලට ආධාර වශයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේ අවස්ථාවක් ඡායාරූපයේ...

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය වාර්ෂිකව සංවිධානය කරන 50 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය හෙට (10දා) සිට 12දා දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 21ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරග ලබන 12දා ප.ව. 3.00ට ආරම්භ කෙරෙයි.

(සපුමල්)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට නියෝජනය කරමින් දිනා ගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නව නීතියක් ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා ඊයේ (7දා) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
සුසන්තිකා ජයසිංහ එම පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය තමන් ලබාගෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ තබාගන්නා බවද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
සුසන්තිකා ජයසිංහට තමා විසින් රුපියල් 60,000ක වැටුපක්ද ගෙවූ බවත්, ඊට අමතරව යුද හමුදාව විසින්ද එවැනිම වැටුපක් ඇයට ගෙවා ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
මීට පෙර පැවැති කිසිදු රජයකට හෝ ක්‍රීඩා ඇමැතිවරයෙකුටවත් ඇයගෙන් කිසිදු හොඳක් ඇසීමට නොලැබුණු බව පැවසූ ඇමැතිවරයා ඇය තරමටම තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් ලබාදුන් පදක්කම් රැසක් තිබෙන බවත්, නමුත් ඔවුන් කිසිවෙකුත් සුසන්තිකා ජයසිංහ මෙන් ආණ්ඩුවෙන් විවිධ දේවල් ඉල්ලා නොමැති බවද සඳහන් කළේය.
 
පානුක රාජපක්ෂ 

ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහගේ වැටුප් නොගෙවීම පිළිබඳව පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ‍ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 
මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි.
2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනා ගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්ති පළමුව ගෞරවාන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවැති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇයගේ චරිතාපදානය ප්‍රකාශයට පත් කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොලහක මුදල් ප්‍රදානයක්ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳවද කණගාටු වෙමි.
ප්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මතෛක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවාකාලික පමාවක් සිදුව ඇති අතර, ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.
මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර, 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවාන්විතව ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනිණි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක්‍රීඩා අමා්‍ය ධුරය දැරුවද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු. 60,000ක මාසික දීමනාවක් සහ රු. 15,000ක ඉන්ධන දීමනාවක් ලබා දීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිය. එම සංදේශය ප්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත් කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.
මීට අදාළ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර, එහි 08 වන ජේදය යටතේ “ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටු කළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ‍ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර, මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාවද ‍ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.”
09 වන ජේදය යටතේ “තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ‍ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.” බවට සඳහන්ව ඇත.
මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩා පිටියේ පිහිටි ක්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැගිල්‍ලේ 03 වන මහලෙහි 08 වන කාමරයද ඇයට වෙන්කර ලබාදුණි.
සුසන්තිකා ජයසිංහ මෙන් දක්ෂ තවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර ගැනීමේ අරමුණු පෙරදැරිව ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒ වන විට පැවැති මලල ක්‍රීඩා සංචිත 3හි පුහුණු කිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය වෙත ලබාදී නැත.
2016 ජූලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ජේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අ‍පොහොසත් වී ඇත. 2017 ජනවාරි-මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර, සානුකම්පිතව සලකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමටද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08 වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යාංශ ‍ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.
රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර, එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය වෙත නිසි පරිදි ලබා දීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්ය භාරය පිළිබඳව තැකීමක් නොකර අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිදු ෙනෙතික හෝ සදාචාර හිමිකමක් නොමැත.
තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවාන්විත වැටුපක්ද ලබමින් ක්‍රීඩාවටත්, මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අති දක්ෂ ක්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ඉදිරි සිව් වසරේ පාලනය සඳහා නව නිල මඬුල්ලක් පත්කර ගැනීමේ නිලවරණයේදී සභාපති තනතුරට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිතරගයෙන් පත්විය.
වොලිබෝල් නව නිලධාරී මඬුල්ල සභාපති - රංජිත් සියඹලාපිටිය, ‍ලේකම් - ශාන්ත සිරි නාලක, භාණ්ඩාගාරික - තුෂාර පෙරේරා, උප සභාපති (6) - කංචන ජයරත්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ, නියෝජ්‍ය ‍පොලිස්පති නිමල් පෙරේරා, සී. රත්නමුදලි, චන්දන විජේසිංහ, රංතිලකා ජයවීර නියෝජ්‍ය ‍ලේකම් (2) - සමන් අභයවර්ධන, ගුවන් කොමදෝරු නිශාන්ත තිලකසිරි, උප භාණ්ඩාගාරික - කේ. ජගත් ප්‍රනාන්දු, ක්‍රීඩා පිටි ‍ලේකම් (2) - ධනපාල ජයපද්ම, පවිත්‍ර චතුරංග, ප්‍රධාන සංවිධායක - රොහාන් සෝමවංශ

(සුනිල්)

හිටපු ආසියානු යොවුන් දැල්පන්දු ශූරියන් වූ ශ්‍රී ලංකාව පසුගියදා දකුණු කොරියාවේදී පැවැති 2017 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී සිව්වැනි ස්ථානය දක්වා පසුබැසීමත් සමග ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමට නව පුහුණුකාරිනියන් තිදෙනකු සහ කළමනාකාරිනියක පත්කර තිබේ.
ආසියානු යොවුන් ශූරතාවයේදී ශ්‍රී ලංකා පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තමාරා ලියනගේ එම තනතුරෙන් ඉවත් කොට හිටපු ජාතික පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ උපදේශක පුහුණුකාරිනිය ලෙසද, ශ්‍රී ලංකා පාසල් දැල්පන්දුවේ ප්‍රමුඛ පුහුණුකාරිනියන් දෙදෙනකු වන ජානකී ගුණසේකර සහ අමල්කා ගුණතිලක පුහුණුකාරිනියන් ලෙසද පත්කොට ඇත.
යොවුන් දැල්පන්දු කණ්ඩායමේ නව කළමනාකාරිනිය ලෙස ජයන්ති සෝමසේකරම් පත්කර ඇති අතර, මෙම සියලු පත්කිරීම් බොට්ස්වානාහි පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරගෙන සිදුකර තිබේ.
ලෝක ශූරතාව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමේ නව වෙනස්කම් සිදුකිරීමේ අරමුණින් තේරීම් තරග ඊයේ (24දා) ආරම්භ කරන ලදී.
 
ශිරන්ති ගුණසේකර 
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1022

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1547

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4416

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2578

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1429

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2301

Please publish modules in offcanvas position.

Web Analytics