Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පසුගියදා අවසන් වූ 50 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් අවුරුදු 20න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව කොළඹ රතු කණ්ඩායම දිනාගත් අතර, මහනුවර නිල් කණ්ඩායමට බාලිකා ශූරතාව හිමිවිය.
මෙවර බාලක අනුශූරතාව මාත‍ලේ රන් කණ්ඩායම හිමිකරගත් අතර, කොළඹ නිල් කණ්ඩායමට දෙවැනි අනුශූරතාව හිමිවිය.
බාලිකා අනුශූරතාව කොළඹ රතු කණ්ඩායමට හිමිවූ අතර, දෙවැනි අනුශූරතාව මාත‍ලේ රන් කණ්ඩායම සතුවිය.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජීවන්ත පසන් එදිරිසිංහ (කොළඹ රතු) සම්මාන ලැබූ අතර, චාරුකා අබේරත්න (මහනුවර නිල්) දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
දක්ෂතම ගෝල් රකින්නා ලෙස මාත‍ලේ රන් කණ්ඩායමේ අනුරාධ රණවීර තිළිණ ලැබූ අතර, කොළඹ රතු කණ්ඩායමේ ටමාෂා වීරසිංහ දක්ෂතම ගෝල් රකින්නිය ලෙස නම් කෙරුණි.
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් දින තුනක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් කණ්ඩායම් 21ක් සහභාගි විය.
කොළඹ රතු සහ මාත‍ලේ රන් දෙපිල අතර පැවැති බාලක අවසන් මහා තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි. ඒ අනුව ජයග්‍රාහී පිල තෝරා ගැනීම සඳහා දඬුවම් පහර (චදචතබර ඵඩධධබ ධභබ-8 ඵඥජධදඤ) උපයෝගී කරගන්නට සිදුවීම කැපී පෙනුණි.
තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ගෝල 2-2ක් ලෙස තිබූ හෙයින් මෙම ක්‍රමය අනුගමනය කළ අතර, එහිදී ගෝල 4-3ක් ලෙස කොළඹ රතු ක්‍රීඩකයෝ ජය වාර්තා කළහ.
මහනුවර නිල් සහ කොළඹ රතු අතර පැවැති බාලිකා අවසන් තරගයද බාලක තරගය මෙන්ම තියුණු මුහුණුවරක් ඉසිලූ අතර, තරගය නියමිත කාලය නිමාවන විට ගෝල 1-1ක් ලෙස සටහන් විය. ඒ අනුව දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 4-3ක් ලෙස මහනුවර නිල් ක්‍රීඩිකාවෝ ජය වාර්තා කළහ.
 
සපුමල් වීදියබණ්ඩාර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේ සභාපතිධුරය සඳහා නාම යෝජනා භාරදී තිබූ රංජිත් රුද්‍රිගු සහ අනුර ද සිල්වා යන මහත්වරුන්ට ඉදිරිපත් කර තිබූ විරෝධතා ඉවතට දමමින් නිලවරණයට ඉදිරිපත් වීමට අනුමැතිය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සියලු චෝදනා පිළිගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම දෙපළට නිලවරණයට ඉදිරිපත් වීමට කමිටුව මගින් ලබාදුන් නිර්දේශයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.
පාපන්දු සම්මේලනයේ නිලවරණය ජූලි 1 වැනි දින පැවැත්වීමට නියමිතව බව පාපන්දු සම්මේලනය සඳහන් කරයි.
පාපන්දු සම්මේලන නිලවරණයට ලැබි ඇති නාම යෝජනා
සභාපති :- අනුර ද සිල්වා, රංජිත් රුද්‍රිගු, කේ.පී.පී. පතිරණ, පද්මසිරි මුණසිංහ
‍ලේකම් :- බා‍ලේන්ද්‍ර ඇන්තනි, ටේ‍රවෝ රෙකමාන්, යූ.එල්. ජස්වර්, එම්.එස්.එම්. ෆාසික්, සුනිල් සෙනවීර
උප සභාපති (4) :- බා‍ලේන්ද්‍ර ඇන්තනි, කේ.පී.පී. පතිරණ, සාගර පියතිලක, පද්මසිරි මුණසිංහ, ෆාරුක් නගූර්, මහින්ද ජයරත්න, ආනෝල්ඩ් එම්මානුවෙල්, ඇන්ටන් ඩේවිඩ්සන්, යූ.එම්. පෙරේරා, යූ.එල්. ජයස්වර්, උපාලි හේවගේ, සනරාස් සිංහවංශ
නියෝජ්‍ය ‍ලේකම් (2) :- ආර්.එම්. ෂිකන්, පී. අරුණානන්දන්, ඩී.එම්. වේදපරන්, ආනෝල්ඩ් එම්මානුවෙල්, යූ.එල්.එම්. ලතීෆ්, ජගත් කුමාර සිල්වා, එන්.ටී. ෆාරුක්, ඒ.එස්.එම්. ෆායිස්, එච්.එම්. පෙරේරා
භාණ්ඩගාරික :- ටිරෝන් ප්‍රනාන්දු, ජයසිංහ මෙන්ඩිස්, එම්.එස්.එම්. අස්ලාම්
උප භාණ්ඩාගාරික :- ඉන්දික තේනුවර

සුනිල් අභයවර්ධන

තමාගේ ඔලිම්පික් පදක්කම සඳහා දේශීය සහ විදේශීය ගැනුම්කරුවන් රැසක් මේ වන විටත් ඉදිරිපත් වී සිටින බවත් විදෙස් ගැනුම්කරුවෙකු තම පදක්කම වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා දීමට කැමැත්ත පළ කළ බවත්, එම මුදලින් කොටසක් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ දේශපාලනය වෙනුවෙන් වියදම් කිරීමට ලබා දීමට හැකි බවත් ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ පැවැසුවාය.
 
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔබට මෙවර සිදුවුණු අසාධාරණකම් මොනවාද?
මට දයාසිරි ඇමැතිතුමා ලබාදුන් උපදේශක තනතුරට ගෙවමින් තිබුණු දීමනාව පසුගිය අප්‍රේල් මාසයේදී හදිසියේ නවතා තිබුණා. මම ඉන්නේ ආර්ථික අපහසුකම් රැසක් මැද්දේ. එවැනි දෙයකට මුහුණපෑමට සිදුවීම පිළිබඳ මම තරමක වේදනාවකින් හිටියේ. මට ලබාදුන්නේ රුපියල් 60,000ක දීමනාවක් පමණයි. ඒනිසා මගේ හිතේ කනගාටුවට මම විවිධ අදහස් පළ කළා.
 
ඔබගේ පසුගිය ජයග්‍රහණවලදී ඔබට තෑගි ලෙස මුදල්, නිවාස, යාන වාහන ලැබුණා නේද? ඒවාට මොකද වුණේ?
ඒ අවුරුදු 25කට කලින්. ඒ දවස්වල ලැබුණු මුදල්වල වටිනාකමට වඩා අද වෙනස්. මට කෝටි ගණන් ලැබුණේ නෑ. මට ලක්ෂ ගණනින් කීපදෙනෙකු උදව් කළා. ඒ මුදල්වලින් මම පිළියන්දල පැත්තෙන් ඉඩමක් ගත්තා. ගෙයක් හැදුවා. ඉතින් ඒ හැරෙන්නට මට ලොකු මුදලක් ඉතිරි කරගන්නට හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසයි මම මේ උපදේශක තනතුරු පවා බාර ගත්තේ. මගේ අනෙක් සොහොයුරු ක්‍රීඩිකාවන් වූ දර්ශා, ශ්‍රියානි, ධම්මිකා මැණිකේ ඇතුළු කීප දෙනෙකුට හොඳ වැටුපක් ලැබෙන රැකියාවලට යන්න පුළුවන් වුණා. මට දුවන්න පුළුවන් වුණාට එවැනි පසුබිමක් ලබාගන්න වාසනාවක් තිබුණේ නැහැ. 
 
ඔබ ඒ දිනවල පිහිට වූ පදනම සහ යෝජනා කර තිබූ යෝජනාවලට මොකද වුණේ?
සුසන්තිකා ජයසිංහ පදනම හරහා යෝජනා කළ ව්‍යාපෘති සඳහා ලැබුණු මුදල් සියල්ලම සුරක්ෂිතව තිබෙනවා. එයට මා ඇතුළු සාමූහික පදනමක් සිටිනවා. ඒවාට මට තනියම අතගහන්න බෑ. 
 
ඔබට තිබුණු චෝදනාවක් තමයි ඔබට පවරා තිබූ රාජකාරිය ඉටු නොකරපු බව?
මට  කලින් උපදේශිකාවක ලෙස කටයුතු කරන්නට අවස්ථාව දීලා, රුපියල් අසූදාහක දීමනාවක් සමග වාහනයක් දීලා තිබුණා. ඔය කියන ආකාරයේ ෙදෙනික, මාසිකා වාර්තා මගෙන් ගත්තේ නෑ. අද වන විට එය රුපියල් 60,000ට බස්සලා. ඔලිම්පික් පදක්කම් ලාභිනියක් වශයෙන් මට විවිධ ආරාධනා ලැබෙනවා. ඉතින් මට වාහනයකුත් නෑ. අවශ්‍ය වියදම් ලැබෙන්නෙත් නෑ.
 
ඉතින් ඔබ මේ ගැන ක්‍රීඩා ඇමැතිතුමාට දොස් කීවාම විසඳුම් ලැබෙනවාද?
මම කිසිදිනක ක්‍රීඩා ඇමැතිතුමාට ද්වේශසහගත සිතින් කිසිවක් කියා නෑ. කියන්නෙත් නෑ. මගේ වැටුප හදිසියේ නතර කිරීම පිළිබඳ මා කතා කළා. ඉතින් මම කියන්නේ මම වගේ ක්‍රීඩිකාවට ඔය වාර්තා ඉදිරිපත් කරලා මාසිකව දීමනාව ගන්න ඉඩ තියන්න එපා කියලා. ඒ කියන්නේ ඔලිම්පික් පදක්කමක් දිනනව කියන්නේ රටකට ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම එය ලබාදීලා මහත් කීර්තියක් මගේ මව්බිමට අරන් දීලා තියෙනවා. පිටරටවල සිටින එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවිධ පහසුකම් ලැබෙනවා. ඔවුන්ගේ නමින් ක්‍රීඩාංගණ හදනවා. පාරවල් නම් කරනවා. මට ඒ කිසිවක් අවශ්‍ය නැහැ. මට මා කළ සේවයට ගරු කිරීමක් වශයෙන් ජීවත්ව සිටිනකන් යමක් ලැබෙනවා නම් හොඳයි. 
ලෝකයේ ප්‍රබලතම හා විශාලතම රටක් වන ඉන්දියාවට තාමත් බැරිවෙලා තියෙනවා ඔලිම්පික් මලල ක්‍රීඩා පදක්කමක් දිනා ගන්න. ඩන්කන් වයිට් මහතා සහ මම විතරයි ඒ මහා කාර්යය ඉටු කළේ.
අද අපි ජාත්‍යන්තර පදක්කම් දිනන්න මහා ධනස්කන්ධයක් වැය කරනවා. ක්‍රීඩා තරගවලට සහභාගි වෙන්න කණ්ඩායම් දුසිම් ගණන් යවනවා. ඉතින් ඒවා අපේ රටේ සල්ලි. ඉතින් මම එච්චර දේවල් වියදම් කෙරෙව්වේ නෑ. ලැබුණු තිබුණු විදිහට ගිහිල්ලා දුවල තමයි මගේ පදක්කම් දිනා දුන්නේ. 
මම කියන්නේ ක්‍රීඩා ඇමැතිතුමාට, ඔබතුමා දීලා තියෙන දීමනාව හා රැකියාව මට කරන්න පුළුවන්. ඒ වුණත් එවැනි රැකියාවකට වඩා රටටම මහත් කීර්තියක් ගෙන දුන්න දැනට සිටින එකම ක්‍රීඩිකාව වශයෙන් මාසිකව රුපයල් ලක්ෂයක පමණ දීමනාවක් මගේ ජීවිතය ඇති තෙක් ලබාදෙන්න පුළුවන්නම් ඒක ලොකු දිරිමත් කිරීමක්. මගෙත් පිනක්. එතකොට මගේ කටත් වැහෙයි. සිතත් සතුටුවෙයි.
ක්‍රීඩා ඇමැතිතුමාට එතරම් ඉහළට පියවර ගැනීමට අපහසුවක් ඇත්නම් එය රටේ ඉහළම පාලනයට දැනුවත් කරලා මට හොඳ මාසික දීමනාවක් ලබාදීලා, මගේ පදක්කම් වලට නියම වටිනාකමක් දුන් බවට රටට ආදර්ශයක් ලබාදෙන්න කියලයි මම කියන්නේ.
මගේ ප්‍රකාශයක් පිළිබඳව ජනාධිපතිතුමාත් දැනුම්වත් වී තිබෙනවා. එතුමාගේ උපදේශකවරයෙක් මට කතා කළා. දින කීපයක් ඇතුළත සුදුසු විසඳුමක් ලබාදෙන්න එතුමා කටයුතු කරාවි කියලා මට හිතෙනවා” යැයි සුසන්තිකා අවසන් වශයෙන් පැවැසුවාය.
 
සුනිල් අභයවර්ධන

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ස්ලාඩාර් ඒකාබද්ධව සංවිධානය කරන ‘කැවල්රි සුපර් කේ‍රාස් 2017’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලිය ජූලි 7දා පැවැත්වේ.
මෙම තරගාවලිය කුරුණෑගල රිදියගල්ල සහ රම්බඩගල්ල කඳුවැටි පසුබිම් කරගනිමින් දිකර ඇති පාන්ගොල්ල ධාවන පථයේදී පැවැත්වේ.
යුද්ධයේදී මියගිය රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ සුබ සාධන කටයුතුවලට ආධාර වශයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේ අවස්ථාවක් ඡායාරූපයේ...

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය වාර්ෂිකව සංවිධානය කරන 50 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය හෙට (10දා) සිට 12දා දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 21ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරග ලබන 12දා ප.ව. 3.00ට ආරම්භ කෙරෙයි.

(සපුමල්)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට නියෝජනය කරමින් දිනා ගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නව නීතියක් ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා ඊයේ (7දා) පැවැසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
සුසන්තිකා ජයසිංහ එම පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය තමන් ලබාගෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ තබාගන්නා බවද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
සුසන්තිකා ජයසිංහට තමා විසින් රුපියල් 60,000ක වැටුපක්ද ගෙවූ බවත්, ඊට අමතරව යුද හමුදාව විසින්ද එවැනිම වැටුපක් ඇයට ගෙවා ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
මීට පෙර පැවැති කිසිදු රජයකට හෝ ක්‍රීඩා ඇමැතිවරයෙකුටවත් ඇයගෙන් කිසිදු හොඳක් ඇසීමට නොලැබුණු බව පැවසූ ඇමැතිවරයා ඇය තරමටම තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් ලබාදුන් පදක්කම් රැසක් තිබෙන බවත්, නමුත් ඔවුන් කිසිවෙකුත් සුසන්තිකා ජයසිංහ මෙන් ආණ්ඩුවෙන් විවිධ දේවල් ඉල්ලා නොමැති බවද සඳහන් කළේය.
 
පානුක රාජපක්ෂ 
IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2977

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1809

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1391

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3538

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5981

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5245

Please publish modules in offcanvas position.