Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

2017 මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය මේ මස 30දා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ වසරේදීද සුපර් ලීග් යන ආධුනික ලෙස තරගාවලි දෙකක් පැවැත්වෙන අතර පිරිමි කාන්තා අංශ දෙකෙන්ම තරග පැවැත්වේ.
තරගාවලිය සඳහා 10 වැනි වරටත් සිලෝන් බිස්කට්ස් ආයතනයේ මංචි අනුග්‍රහය දක්වන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

තරගාවලියෙ සමාරම්භක උළෙල ලබන 30දා වොලිබෝල් සභාපති විදුලි බල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රදානත්වයෙන් ගලිගමුව මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සුපර් ලීග් පිරිමි තරගාවලියට ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, විදුලි බල මණ්ඩලය, ජාතික තරුණ සේවා, වරාය, ‍පොලීසිය හා වෙළෙඳසේවා ඒකාබද්ධ පිල තරග වදිති.
සුපර්ලීග් කාන්තා තරගාවලියට යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, වරාය, වෙළෙඳසේවා හා ජාතික තරුණ සේවා කණ්ඩායම් තරග වදිති.

ආධුනික තරගාවලිය සඳහා අයැදුම්පත් ගැනීම ඔක්. 1දා අවසන් වන අතර තරග ගෘහස්ථ එළිමහන් පිටි වලදී පැවැත්වේ. සුපර් ලීග් තරගාවලියේ අවසන් තරග නොවැම්බර් 18දා තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සුපර් ලීග් ශූරයන් රු. 1,50,000ක්ද අනුශූරයන්ට රු. 1,00,000ක්දතෙවැනි ස්ථානයට රු. 50,000ක්ද පිරිනැමේ.

ආධුනික තරගාවලියේ ශූරයන්ට රු. 1,00,000ක්ද අනුශූරයින්ට 50,000ක්ද තෙවැනි ස්ථානයට රු. 25,000ක්ද පිරිනැමේ.

මංගල ධර්මප්‍රේම{jcomments on}

මේ දිනවල වස්කඩුවේ සිට්රස් හෝටලය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන 2 වැනි බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී වේගී අංශයේ ඉසව් 12න් රන් පදක්කම් 8ක්ම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ සමත් වූහ.
බටහිර ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංගලිදේශය, කසකස්තානය, කිර්ගිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 175 දෙනෙක් පමණ මෙම තරගාවලියට එක්වී සිටිති.
වයස අවුරුදු 8න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ වයස් සීමාවන් යටතේ බාලක-බාලිකා තරග ඉසව් 12ක් පැවැත්විණි.
මෙහිදී රන් පදක්කම් දිනා ගැනීමට කැන්ඩිඩේට් මාස්ටර් ටී.ඩී. වික්‍රමරත්න (8න් පහළ බාලක), එම්. එසඳි නෙවංසා (8න් පහළ බාලිකා), ලළිඳු සෙත්මිණ (10න් පහළ බාලක), එම්. තිසල් මංජිත් පියුමන්ත (12න් පහළ බාලක), කැන්ඩිඩේට් මාස්ටර් හර්ෂණ තිලකරත්න (14න් පහළ බාලක), කාන්තා කැන්ඩිඩේට් මාස්ටර් නික්‍ලේෂා තරුෂි (14න් පහළ බාලිකා), කාන්තා කැන්ඩිඩේට් මාස්ටර් සයුනි ගිහංසා ජයවීර (16න් පහළ බාලිකා) සහ ජී.එම්.එස්. තිලකරත්න (18න් පහළ බාලක) සමත්වූහ.
(පමෝද්)

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සැප්තැම්බර් 16දා රුවන්වැල්ල රාජසිංහ මධ්‍යමහා විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් තරගවලින් ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩා තරගාවලිය මෙන්ම මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට මෙවර 2500කට වැඩි කණ්ඩායම් සහ 40,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකා සහභාගිත්වයෙන් පැවැත්වේ.
ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගම අඛණ්ඩව 12 වැනි වරටත් මෙවර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට පූර්ණ අනුග්‍රාහකත්වය සපයයි.
මෙම තරගාවලිය අවුරුදු 22න් පහළ සහ විවෘත අංශයෙන් පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක කෙරේ.
මේ අනුව 22න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර 2ක්ද, විවෘත තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර 3ක්ද සිය ග්‍රාම සේවා වසම් තුළ ස්ථිර පදිංචිය තහවුරු කළ යුතුයි.
විවෘත සහ අවු. 22න් පහළ යන කාණ්ඩ දෙකේම දිස්ත්‍රික් තරගවලින් ජය ගන්නා ශූරයන් සහ අනුශූරයන් (කාන්තා/පිරිමි) වන කණ්ඩායම් 8 ජාතික මට්ටමට සුදුසුකම් ලබයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් තරග ඔක්තෝබර් මස වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ජාතික මට්ටමේ තරග නොවැම්බර් මස අවසන් කර දෙසැම්බර් 15දා අවසන් මහා තරග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම අවසන් මහා තරග පෙර වර්ෂවලදී මෙන්ම ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, රූපවාහිනිය ඔස්සේ සජීවීවද විකාශය කෙරේ.
මෙවර ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෑම ඉරියව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7දෙනා බැගින් තෝරා ගන්නා බව පෙරේදා (6දා) පැවැති තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් ඒ.එස්. නාලක මහතා අනාවරණය කළේය.
මෙම මාධ්‍ය හමුවේදී වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටියේ පසුගියදා පැවැත්වූ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳව දින දෙකක මහා සම්මේලනයේදී ජාතික ක්‍රීඩාව ලොව ජයගන්න ගමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් ඔප්නැංවීමට දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
මෙම අවස්ථාවට වොලිබෝල් සම්මේලනයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිනී නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්‍ලේ, ඩයලොග් ආසිආටා සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර, ඩයලොග් සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් ඒ.එස්. නාලක ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකා පාසල් අවුරුදු 18න් පහළ සුපිරි පාපන්දු තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග ආරම්භ කරමින් පෙරේදා (4දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති ශා. ජෝසප් සහ ශා. බෙනඩික්ට් අතර තරගයෙන් ගෝල 6-2ක ජයක් වාර්තා කිරීමට ශා. ජෝසප් සමත් විය.
තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත් ශා. ජෝසප් ක්‍රීඩකයෝ ප්‍රතම භාගය නිමාවන විට ගෝල 2-0ක් ලෙස පෙරමුණේ පසුවිය.
පසුගිය වසරේ ලීග් ශූරතාව දිනාගන්නා ලද ශා. ජෝසප් පිල තරග ආරම්භයේ සිට අවසානය දක්වාම අනෝන්‍ය සම්බන්ධතාවයෙන් යුතුව මනා පන්දු පාලනයක නිරත වීම හේතුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය පහසුවෙන් සටහන් කර ගැනීමට හැකිවූ බවක් පෙනෙන්නට තිබුණි. 
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පාසල් සුපිරි පාපන්දු තරගාවලියේ ‘ඒ’ කොටසට පාසල් 14ක් ඇතුළත් වේ.
ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටයේදී ‘ඒ’ සහ ‘බි’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට කටයුතු කර තිබේ.
 
සපුමල් වීදියබණ්ඩාර 

මාත‍ලේ දිස්ත්‍රික්කයේ අංක 1 විද්‍යස්ථානය වන ශා. තෝමස් විදුහලට නව ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් එක්රැස්කර ගැනීමට “අකුරු කළ පාසලට බිම් අඟලක්”  යන තේමාව යටතේ පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබේ.
මාත‍ලේ ආදි ශා. තෝමසුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ශා. තෝමස් විදුහලට අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් සහ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකරන බව මේ පිළිබඳව පසුගිය 29දා කොළඹදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අනාවරණය විය.
මෙම ව්‍යෘතියට අවශ්‍ය ඉඩම් අත්පත්කර ගැනීමේ පළමු කාර්ය අදියර තුනකින් අවසන් කිරීමට සැලසුම්කර තිබේ. මේ අනුව විදුහල ආසන්නයේම ඇති රුපියල් මිලියන 15ක පමණ වටිනාකමකින් යුත් පර්චස් 53ක පමණ ඉඩම් ප්‍රමාණය මිලදී ගැනීම පළමු අදියර යටතේ සිදුකිරීමට නියමිත බව එම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙහිදී අදියර තුනේදීම අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 60ක පමණ මුදලක් වැයවෙනු ඇති බවත් ආදි ශා. තෝමසුවන්ගේ සංගමයේ සභාපති සුජීව ගොඩලියද්ද මහතා අනාවරණය කළේය.
මෙම ඉඩම් මිලදී ගැනීමට විදුහ‍ලේ අධ්‍යාපනය ලැබූ සිසුන්ට අවස්ථාවක් ලබා දෙමින් වර්ග අඟලක් රු. 5000 කට මිල නියම කර තිබේ. මේ සඳහා සන්නාම තානාපතිවරු 300 දෙනකු පත්කරන බවත් එම පිරිස තවත් 10 දෙනා බැගින් එකතු කරගනිමින් එය පුළුල් කිරීමට සැලසුම්කර තිබේ. 
මේ වන විට එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කටාර් රාජ්‍යය, කැනඩාව ඇතුළු විදෙස් රටවල් 16ක පමණ ක්‍රියාත්මක කෙරෙන ආදි ශා. තෝමසුවන්ගේ සංගමයේ ශාඛාවන්හීද සන්නාම තානාපතිවරු පත් කිරීමට සැලසුම්කර ඇති අතර, සංකේතාත්මකව පළමු සන්නාම තානාපති ලෙස අදාල ලියවිල්ල සුමේධ චන්ද්‍රරත්න මහතාට පිළිගන්වනු ලැබිය.
මෙම ‘අකුරු කළ පාසලට බිම් අඟලක්’ ව්‍යෘතියේ ඉඩම් මිලදී ගැනීමට ප්‍රථමයෙන්ම කැමැත්ත පළ කළ දෙදෙනා වන චමින්ද තිලකසේකර සහ තිළිණ රණසිංහ යන ආදි ශා. තෝමසුවන් දෙදෙනා මෙම මාධ්‍ය හමුවේදී පළමු අරමුදල් පිරිනැමූහ.
ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පුහුණු කොන්ක්‍රීට් පැති විකට්ටු 2ක් සහ තණ තීරු 5ක් (ටර්ෆ් විකට්) ලබා දීමට තීරණය කර ඇති බවත්, එහි වැඩ කටයුතු සැප්තැම්බර් 20දා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මාත‍ලේ දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ සැලසුම් ශිල්පී ඉංජිනේරු පණ්ඩුල පල්‍ලේකෝරාල මහතා මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධාන නිලධාරී ලෙස කටයුතු කරයි.
මෙම මාධ්‍ය හමුව සඳහා මාත‍ලේ ආදි ශා. තෝමස් කොළඹ ශාඛා සභාපති රංජිත් ඇන්තනි මහතා සහ ආදි සිසු සංගමයේ නිලධාරීහු රැසක් එක්වී සිටියහ.
 
ප්‍රභාත් විදානපතිරණ

පනාගොඩ යුද හමුදා ජනපදය තුළ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ගෘහස්ථ ක්‍රීඩාගාරය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත කෙරුණි.
රුපියල් ලක්ෂ 78ක පමණ වියදමින් රෙජිමේන්තු සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය ජාතික මට්ටමේ පහසුකම්වලින් සමන්විත වන අතර, වොලිබෝල්, ස්කොෂ්, පැසිපන්දු, බැඩ්මින්ටන් සහ බර ඉසිලීමේ ක්‍රීඩා සඳහා පහසුකම්වලින් සමන්විතව ඇත.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මූලිකත්වයෙන් සහ අධීක්ෂණයෙන් මෙම නව ක්‍රීඩා සංකීර්ණය ඉදිකෙරුණි.
යුද හමුදාපතිවරයා නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සමරු ඵලකය නිරාවරණය කළ අයුරු ඡායාරූපයේ.{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4706

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3363

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4831

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5454

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6274

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3840

Please publish modules in offcanvas position.

X

Right Click

No right click