Coss Ear2
lakbima.lk
COSS Ear 1

යාපනය දිස්ත්‍රික්කය තුළ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අඛණ්ඩව පස්වන වරටත් පවත්වනු ලබන මයිලෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් 4දා යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරග වදින ක්‍රීඩා සමාජ 210ට අමතරව මෙවර ප්‍රථම වරට පාසල් කණ්ඩායම් 100ක්ද එක්වී සිටිති.

සමස්ත තරගාවලිය තරග 300කින් සමන්විත වන අතර, ප්‍රදේශ 11ක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට තරග පැවැත්වේ.
යාපනය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය, යාපනය පාපන්දු සංගමය සහ නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පසුගිය ඔක්තෝබර් 7දා ආරම්භ කෙරුණි.

(ප්‍රභාත්)

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනය එක්ව ඩී.එස්.අයි. සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන 17 වැනි ඩී.එස්.අයි. සුපර් ස්‍පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග මේ මස 23 සහ 24 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
අවු. 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ වයස් සීමා යටතේ බාලක-බාලිකා වශයෙන් පැවැති මෙම තරගාවලියේ ජාතික මට්ටමේ අවසන් තරග සඳහා කණ්ඩායම් 16ක් සුදුසුකම් ලබා සිටියි.
මාරවිල ශා. ෂේවියර්, හුංගම විජයබා සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල්වලින් වයස් කාණ්ඩ 3ක් යටතේ කණ්ඩායම් 3ක් බැගින් අවසන් තරගවලට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන සිදුවීමකි.
අවු. 15න් පහළ, 17න් බාලිකා සහ අවු. 15න් පහළ බාලක අවසන් තරග 23දා පැවැත්වේ.
අවු. 13න් පහළ, 17න් පහළ, 19න් පහළ බාලක අවසන් තරග සහ අවු. 13න් පහළ, 19න් පහළ බාලිකා අවසන් තරග 24දා පැවැත්වේ.  
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල-පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, සීමාසහිත ඩී. සැම්සන් කර්මාන්ත සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් 24 දා පස්වරුවේදී පැවැත්වේ.
 
අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 
 
බාලක
අවු. 13න් පහළ
රුවන්වල්ල රාජසිංහ සහ මාරවිල ශා. ෂේවියර්
අවු. 15න් පහළ
මාරවිල ශා. ෂේවියර් සහ රුවන්වැල්ල රාජසිංහ
අවු. 17න් පහළ
මාරවිල ශා. ෂේවියර් සහ හුංගම විජයබා
අවු. 19න් පහළ
රුවන්වැල්ල රාජසිංහ සහ නාත්තණ්ඩිය දම්මිස්සර
 
බාලිකා 
අවු. 13න් පහළ
අම්පාර උහන තිස්සපුර විදුහල සහ ත්‍රිකුණාමලය රාජකීය විදුහල
අවු. 15න් පහළ
අම්පාර උහන තිස්සපුර මහා විද්‍යාලය සහ හුංගම විජයබා
අවු. 17න් පහළ
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ මහඋස්වැව රතනපාල මහා විදයාලය
අවු. 19න් පහළ
හුංගම විජයබා සහ කෑගල්ල ගලිගමුව මැදි විදුහල
(පමොද්)

කොළඹ රාජකීය විද්‍යාලය සහ රාජකීය හොකී සමාජය සිංගර් සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කරන ‘සිංගර්-බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ්’ අභියෝග ශූරතා සමස්ත ලංකා පාසල් අවු. 20න් පහළ බාලක-බාලිකා සත් සාමාජික හොකී තරගාවලිය 21-22දා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මෙම තරගාවලියේ මූලික වටය කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.
දේශීය පාසල් හොකී පිටියේ ප්‍රමුඛතම තරගාවලියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙහි ශූරතාව දිනා ගැනීම සඳහා කොළඹ, කළුතර, ගම්පහ, මාත‍ලේ, මහනුවර, යාපනය, බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර, ‍පොළොන්නරුව සහ කුරුණෑගල යන ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගි වීමට නියමිතය. මෙහි ශූරතා කුසලානට අමතරව පළඟ ශූරතාව, බඳුන ශූරතාව සහ පළිහ ශූරතාව වෙනුවෙන් තරග පැවැත්වේ.
21 වැනි සෙනසුරාදා පෙ.ව. 7.00ට ආරම්භ කෙරෙන මෙම තරගාවලියේ අවසන් තරග 22වැනි ඉරිදා ප.ව. 5.00ට පැවැත්වේ.
 
සපුමල් වීදිය බණ්ඩාර
 

මහව අධ්‍යාපන කොට්ඨාසයේ බලල්ල යූ.බි. වන්නිනායක විද්‍යාලයේ කරාතේ ශූරියක් වන ප්‍රාර්ථනා සෙව්මිනි හෙට්ටිආරච්චි දිස්ත්‍රික් සහ පළාත් කරාතේ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වනු ලැබූ කුරුණෑගල දිස්ත්‍රික් කරාතේ තරගාවලියේදී අවු. 14න් පහළ රිදී පදක්කම දිනාගත් ප්‍රාර්ථනා සෙව්මිණි වයඹ පළාත් තරගාවලියේදී ලෝකඩ පදක්කමද දිනාගෙන තිබේ.
ශෝතෝකාන් කරාතේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් ‍ලේකම් කමල් එදිරිසිංහ මහතා ප්‍රාර්ථනා සෙව්මිණිගේ පුහුණුකරුලෙස කටයුතු කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ සුගියදා අවසන් වූ කණ්ඩායම් තරගවලදී තිස්තුන් වසරක පාසල් ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරමින් පළමු වරට හොකී ශූරතාවක් ගාල්ලට රැගෙන යාමට ශා. ඇලෝසියස් විදුහල් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
හොකී ක්‍රීඩාවේ අධිපත්‍ය රැකගෙන සිටින මහනුවර සහ මාත‍ලේ කිසිදු පාසලකට බාලක තරගාවලියේදී ස්ථානයක් දිනා ගැනීමට නොහැකි වීම කාගේත් අවධානය දිනාගත් කරුණක් විය.
මෙවර තරගාවලියේ බාලක අනුශූරතාව කොළඹ නාලන්දා විදුහලට හිමිවූ අතර, තෙවැනි ස්ථානය ගල්කිස්ස ශා. තෝමස් විදුහල සතුවිය. 
මෙවර බාලිකා තරගාවලියේ ශූරතාව මහනුවර සීතාදේවි බාලිකාව දිනාගත් අතර, නාවල ජනාධිපති බාලිකාවට අනුශූරතාව හිමිවිය.
බාලිකා තෙවැනි ස්ථානය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල සතුවිය. 
මෙවර තරගාවලියෙහි දක්ෂතම හොකී ක්‍රීඩකයා ලෙස ශා. ඇලෝසියස් විදුහ‍ලේ කේ.යූ.ජී. චිරාන් සචින්ත නම් කෙරුණු අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර සීතාදේවි බාලිකා විදුහ‍ලේ තාරුකා අබේරත්න තිළිණ ලැබුවාය. 
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) ආරම්භ කෙරුණු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියෙහි පළමු රන් පදක්කම දිනා ගැනීමට පානදුර යහපත් එ¾ෙඩ්රාගේ කන්‍යාරාමයේ ෂිහාරා සඳමිණි සමත් වූවාය.
අවුරුදු 12න් පහළ බාලිකා දුර පැනීම ඉසව්වේදී මීටර් 4.55ක දක්ෂතාවක් දැක්වූ එල්.එම්. ෂිහාරා සඳමිණි රන් පදක්කම දිනා ගත් අතර, රිදී පදක්කම දිනා ගැනීමට මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ එම්.ඒ.එම්.ජී. රණසිංහ (මීටර් 4.53) සමත් වූවාය.
මීටර් 4.27ක දක්ෂතාවක් දැක්වූ ඇඹිලිපිටිය ජනාධිපති විදුහ‍ලේ එච්.ඒ.ඩබ්ලිව්.ඒ. දහම්දි ලෝකඩ පදක්කමේ හිමිකාරිය වූවාය.
ඊයේ ආරම්භ කෙරුණු මෙම මලල ක්‍රීඩා තරගාවලියට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වීම හේතුවෙන් පිටියේ තරග ඉසව් (විසිකිරීමේ සහ දැමීමේ) පැවැත්වීමට සංවිධායකයින්ට දැඩි පරිශ්‍රයමයක් දැරීමට සිදුවිය.
පසුගිය වසර වල අවුරුදු 15න් පහළ 17න් පහළ, 19න් පහළ සහ 21න් පහළ වයස් සීමාවන් යටතේ තරග පැවැත්වුණද මෙවර අවු. 12, 14, 16, 18 සහ 20න් පහළ ලෙස වෙනස් වීම හේතුවෙන් තරග වාර්තා බිහිවීමක් සිදු නොවේ.
ඊයේ පැවැති අවු. 12න් පහළ බාලක උස පැනීම ඉසව්වේ රන් පදක්කම දික්වැල්ල විජිත මැදි විදුහ‍ලේ පැහැසර තෙනුජ (මීටර් 1.41) දිනාගත් අතර, එහි රිදී පදක්කම කුරුණෑගල මලියදේව විදහ‍ලේ නිපුන මනෝද්‍යටද (මීටර් 1.37), ලෝකඩ පදක්කම මිනුවන්ගොඩ ගනේගොඩ රාජසිංහ මහ විදුහ‍ලේ එම්. අකිත ප්‍රසාද් විජේසිරිටද (මීටර් 1.37) හිමි වූහ.
අවුරුදු 18න් පහළ බාලිකා තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඇඹිලිපිටිය ජනාධිපති විදුහ‍ලේ කේ.වී.වී. සත්සරා සන්දීපනී (මීටර් 12.01) සමත් වූ අතර, රිදී පදක්කම මාවනැල්ල දිප්පිටිය රාජගිරි මහ විදුහ‍ලේ ආර්.එස්.පී. කරුණානායකද (මීටර් 11.81), ලෝකඩ පදක්කම ගම්පහ සිරිකුරුස විදුහ‍ලේ එම්.කේ. ප්‍රසාදි ලක්ෂාණිද (මීටර් 11.40) දිනා ගත්හ.
 
වොලිබෝල් 
අවු. 16න් පහළ බාලක
1. මාරවිල ශා. ෂේවියර් මහ විදුහල, 2. වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල, 3. හුංගම විජයබා විද්‍යාලය
අවු. 18න් පහළ බාලක
1. මාරවිල ශා. ෂේවියර් මහ විදුහල, 2. රුවන්වැල්ල රාජසිංහ විදුහල, 3. නාත්තන්ඩිය දම්මිස්සර විදුහල
අවු. 20න් පහළ බාලක
1. රුවන්වැල්ල රාජසිංහ විදුහල, 2. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල 3. කඳාන ද මැසනද් විදුහල
අවු. 16න් පහළ බාලිකා 
1. හුංගම විජයබා විදුහල, 2. ආනමඩුව මධ්‍ය විදුහල, 3. උහන තිස්සපුර විදුහල
අවු. 18න් පහළ බාලිකා
1. ආනමඩුව ශ්‍රී රතනපාල මහ විදුහල, 2. ආනමඩුව මධ්‍ය විදුහල, 3. අනුරාධපුර මධ්‍ය විදුහල
අවු. 20න් පහළ බාලිකා
1. හුංගම විජයබා විදුහල, 2. ඇහැලියගොඩ ධර්මපාල විදුහල, 3. පානදුර අගමැති බාලිකා විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- සංඛ ජයරත්න (රුවන්වැල්ල රාජසිංහ)
දක්ෂතම ක්‍රීඩිකාව :- එච්.ජී. චකීරා ලක්චානි (හුංගම විජයබා)
 
ටෙනිස් 
අවු. 17න් පහළ බාලක
1. බම්බලපිටිය ශා. පීතර විදුහල, 2. ගල්කිස්ස ශා. තෝමස් විදුහල, 3. කොළඹ රාජකීය විදුහල
අවු. 20න් පහළ බාලක
1. ගල්කිස්ස ශා. තෝමස් විදුහල, 2. කොළඹ ආනන්ද විදුහල, 3. බම්බලපිටිය ශා. පීතර විදුහල
අවු. 17න් පහළ බාලක
1. කොළඹ කාන්තා විදුහල, 2. කොළඹ විශාඛා විදුහල, 3. කොළඹ බිෂොප් විදුහල
අවු. 20න් පහළ බාලිකා
1. කොළඹ විශාඛා විදුහල, 2. කොළඹ කාන්තා විදුහල, 3. කොළඹ මියුසියස් විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- අවින්ද්‍ර පෙරේරා (ගල්කිස්ස ශා. තෝමස්)
දක්ෂතම ක්‍රීඩිකාව :- නෙත්මි වඩුගේ (කොළඹ විශාකා විදුහල)
 
ජූඩෝ
අවු. 20න් පහළ බාලක
1. ගම්‍පොල මහා වික්‍රමබාහු ජාතික පාසල, 2. ගම්‍පොල වැවතැන්න මහ විදුහල, 3. නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල
අවු. 20න් පහළ බාලිකා
1. ගම්‍පොල ජිනරාජ බාලිකා විදුහල, 2. ගම්‍පොල ශා. ජෝසප් බාලිකා විදුහල, 3. ගම්‍පොල පන්විලතැන්න මහ විදුහල
දක්ෂතම ක්‍රීඩකයා :- කේ.පී.ජී.එන්. පබසර (ජිනරාජ මහ විදුහල)
දක්ෂතම ක්‍රීඩිකාව :- එච්. යෙමීනා රිෆාස් (ගම්‍පොල ශා. ජෝසප් බාලිකාව)
 
සපුමල් වීදිය බණ්ඩර

2017.10.08 සහ 09 දිනවල ජනමාධ්‍යවල පළවූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත එවන ලද ලිපිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (09දා) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේයි.

“උක්ත ලිපිය තුළින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරනුයේ පානදුර සහ කළුතර ක්‍රිකට් සමාජන්හි ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග මෙකී ක්‍රීඩකයන්ට නොව එම ක්‍රීඩා සමාජයන්හි නිලධාරීන්ටද අදාළ විය යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ක්‍රිකට් මෙන්ම අනෙකුත් ක්‍රීඩා 61 සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තම තනි අභිමතය පරිදි ක්‍රියා නොකරන බව මාධ්‍යවේදී ඔබ සැම දන්නා කරුණකි. එමෙන්ම ක්‍රීඩා සමාජවල මෙන්ම ක්‍රීඩා සම්මේලන සම්බන්ධ ඕනෑම අනීතික, අසාධාරණ සහ අයුක්තිසහගත ක්‍රියාවකදී අමාත්‍යවරයා නීතිය, සාධාරණය හා යුක්තිය ආරක්ෂා කිරීම උදෙසා මැදිහත්වන අතර, එය සැම විටම විධිමත් අයුරින් සිදුකළ බවට පසුගිය දෙවසරකට ආසන්න කාලය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කරගත හැකියි. ස්වභාවික යුක්ති මූලධර්ම අනුව අපක්ෂපාතීව සෑම පාර්ශ්වයකටම සවන්දී තීරණ වෙත ප්‍රවේශවීමට අමාත්‍යතුමන් විසින් නිරතුරුව කටයුතු කරයි.

මේ වන විට තරග තහනමට ලක්ව සිටින චාමර සිල්වා ඇතුළු ක්‍රීඩකයන් හට පනවා ඇති තරග තහනම ඉවත් කරන ලෙසට චාමර සිල්වා ක්‍රීඩකයා විසින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් ලිපියක් එවමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබිණි. මේ අතර අර්ජුන රණතුංග මහතා විසින්ද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් එවමින් පවසා සිටියේ පානදුර-කළුතර ක්‍රිකට් සමාජයන්හි නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් 2017.10-04 දින ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒකපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇති අතර, එළැඹෙන ඔක්තෝබර් 14 වැනිදා පෙ.ව. 9.30ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ මෙම කමිටුව රැස්වීමට නියමිතයි. එහිදී චාමර සිල්වා ඇතුළු පාර්ශ්වයට මෙන්ම අර්ජුන රණතුංග මහතාට ද කරුණු දැක්වීමට අවස්ථාව ඇත. මේ සඳහා සහභාගී වන මෙන් ඉල්ලා 2017.10.04 දින ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් ඛනිජ තෙල්සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර ඇත.

ඒ අනුව 2017.10.14 දින රැස්වන ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒකපුද්ගල කමිටුව ඉදිරියේ තම ලිපියේ සඳහන් චෝදනා පිළිබඳ කරුණු දැක්වීමේ හැකියාව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඇති අතර, එම දිනයේ නොහැකි නම් වෙනත් දිනයක හෝ පැමිණ කරුණු දැක්වීමට අවස්ථාව ඇත. ඉනික්බිති දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින් සැකසෙන වාර්තාව දෙසතියක් තුළ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතයි.

එම වාර්තාව පදනම් කරගනිමින් ක්‍රීඩාවේ විනයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩිව අවධාරණය කරනු ලබන මහත්මා ගුණයත් ආරක්ෂා වන පරිදි සාධාරණ විසඳුමක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී කටයුතු කරනු ඇත.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2008

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1098

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5109

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2938

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5021

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6249

Please publish modules in offcanvas position.