Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චි’ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග මේ මස 18 වැනි සෙනසුරාදා මහරගම ජාතික තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ආධුනික සහ සුපර් ලීග් යන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා-පිරිමි අවසන් තරග 18දා පෙරවරු 8.00 සිට පැවැත්වේ. 
මෙවර තරගාවලියේ සුපර්ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා අවසන් මහ තරග දෙකටම යුද හමුදාව සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන අතර, සුපර් ලීග් කාණ්ඩයේ අවසන් තරග අයි.ටී.එන්. නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
මේ අනුව සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගය යුද හමුදාව සහ විදුලි බල මණ්ඩලය අතර ප.ව. 3.00ට ආරම්භ කෙරෙන අතර, සුපර් ලීග් කාන්තා අවසන් මහ තරගය යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර ප.ව. 1.00ට ආරම්භ කෙරේ.
ආධුනික කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගය කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රීඩා සමාජය අතර පෙ.ව. 10.00ට ආරම්භ කෙරෙන අතර, ආධුනික කාන්තා අවසන් මහ තරගය ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සහ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය අතර පෙ.ව. 8.00ට ආරම්භ කෙරේ.
පසුගිය 11 සහ 12දා මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගවලදී සුපර් ලීග් පිරිමි තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වූ අතර, කාන්තා තෙවැනි ස්ථානය මාස් කැෂුවලයින් සතුවිය.
ආධුනික පිරිමි තෙවැනි ස්ථානය කෑගල්ල ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය කුරුණෑගල ඔමේගාලයින් ක්‍රීඩා සමාජය සතුවිය.
 
අවසන් පූර්ව තරග ප්‍රතිඵල
 
සුපර් ලීග් පිරිමි
යුද හමුදාව හමුවේ වට 3-1කින්  ගුවන්  හමුදාව පරදියි
විදුලිබල මණ්ඩලය හමුවේ වට 3-0කින් වරාය පරදියි
තෙවැනි ස්ථානය
ගුවන් හමුදාව හමුවේ වට 3-2කින් වරාය පරදියි
සුපර් ලීග් කාන්තා
ගුවන් හමුදාව හමුවේ වට 3-1කින් මාස් කැෂුවලයින් පරදියි
යුද හමුදාව හමුවේ වට 3-0කින් වරාය පරදියි
තෙවැනි ස්ථානය 
මාස් කැෂුවලයින් හමුවේ වට 3-1කින් වරාය පරදියි
ආධුනික පිරිමි
ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී හමුවේ වට 3-0කින් මහනුවර වැගනර්ස් පරදියි
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් හමුවේ වට 3-0කින් කෑගල්ල ක්‍රියේටර්ස් පරදියි
තෙවැනි ස්ථානය 
කෑගල්ල ක්‍රියේටර්ස් හමුවේ වට 3-0කින් මහනුවර වැගනර්ස් පරදියි
ආධුනික කාන්තා
ගලිගමුව බෝයගම සිරි පැරකුම් හමවේ වට 3-0කි කුරුණෑගල ඔමේගා ලයින් පරදියි
මහඋස්වැව රතනපාල හමුවේ වට 2-0කින් මඩකලපුව බ්ලැක් ලයන්ස් පරදියි
තෙවැනි ස්ථානය
කුරුණෑගල ඔමේගා ලයින් හමුවේ වට 3-0කින් මඩකලපුව බ්ලැක් ලයන්ස් පරදියි
 
ප්‍රභාත් විදානපතිරණ

වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සහ ‘සී’ කාණ්ඩයේ කාන්තා ශූරතා දිනා ගැනීමට ඔමේගා ලයින් කණ්ඩායම් සමත් විය.
මහරගම තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මෙම තරගාවලියේදී ඔමේගා ලයින් කණ්ඩායම් නායිකා පියුමි මහේෂිලා ‘ඒ’ කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුවාය.
මෙම තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස තිළිණි මධුෂාණිකා ද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස සඳුනි කවීෂාද සම්මාන දිනා ගත්හ. මෙම තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ ශූරතාවද දිනා ගැනීමට ප්‍රබෝධා තිලකරත්නගේ නායකත්වයෙන් යුත් ඔමේගා ලයින් කණ්ඩායම සමත් වීම විශේෂත්වයක් විය.
ඔමේගා ලයින් වොලිබෝල් පුහුණුකරුවන් ලෙස චන්න ජයසේකර සහ පුෂ්පා රංජනී බොතේජු මහත්ම මහත්මීන් කටයුතු කරති. වෙළෙඳ සේවා කාන්තා වොලිබෝල් ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් ඔමේගා ලයින් කණ්ඩායම ඡායාරූපයෙන් දිස්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චී’ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (11 සහ 12දා) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා තරගද, ආධුනික කාණ්ඩයේ පිරිමි තරගද පැවැත්වේ.
මෙම අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් නොවැම්බර් 18දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරග සඳහා සහභාගි වෙයි.
දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණය කරන ලද කාන්තා සහ පිරිමි කණ්ඩායම් 100කගේ සහභාගිත්වයෙන් පසුගිය 4, 5 සහ 6 දිනයන්හි කුරුණෑගල මාලිගාපිටියේදී පැවැති ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් කණ්ඩායම් මෙම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබිය.
නොවැම්බර් 11දා
සුපර් ලීග් - කාන්තා අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ මාස් කැෂුවලයින් අතර
(පෙ.ව. 9.00)
වරාය අධිකාරිය සහ යුද හමුදාව (පෙ.ව. 11.00)
සුපර් ලීග් - පිරිමි අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර (ප.ව. 1.00)
වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය අතර (ප.ව. 3.00)
නොවැම්බර් 12දා
සුපර් ලීග් කාන්තා තෙවැනි ස්ථානය තරගය
(පෙ.ව. 8.00)
සුපර් ලීග් පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 2.00)
ආධුනික පිරිමි අවසන් පූර්ව තරග
මහනුවර වැගනර්ස් සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රී.ස අතර (පෙ.ව. 10.00)
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් සහ කෑගල්ල ක්‍රියේටර්ස් අතර (ප.ව. 12.00)
ආධුනික පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 4.00)

ප්‍රභාත් විදානපතිරණ

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් පෞද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සිලෝන් මෝටර් ස්‍පෝර්ට්ස් ක්ලබ් සංවිධානය කරන 2018 ආසියානු කුසලාන ගෝ-කාට් තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලිය අග්නිදිග ආසියාවෙන් පිටතදී දකුණු ආසියානු කලාපයේ රටකදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාවද වෙයි.
සිලෝන් මෝටර්ස් ස්‍පෝර්ට්ස් ක්ලබ් අනුග්‍රහයෙන් මෙම තරගාවලියේදී පැවැත්වෙන ආරාධිත සුපර් ශිෆ්ටර් ජාත්‍යන්තර පන්තියේ ධාවන තරගය සඳහා  ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් රැසක් සහභාගි වෙති.
රටවල් 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ධාවකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කැඩෙට් පන්තිය (අවු. 8 සිට 12), කනිෂ්ඨ පන්තිය (අවු. 12 සිට 14), ‍‍‍ජ්‍යෙෂ්ඨ පන්තිය (අවු. 14 සිට 30), ප්‍රවීණ පන්තිය (අවු. 30 සිට ඉහළට) සහ සුපර් ශිෆ්ටර් (ජාත්‍යන්තර පන්තිය) යන කාණ්ඩ 5ක් යටතේ පැවැත්වේ.
මෙම ආසියානු කුසලාන ගෝ-කාට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 13 සහ 14 දෙදින බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා කාටින් සර්කිට්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් හෑන්ඩ් බෝල් සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා පාසල් හෑන්ඩ් බෝල් තරගාවලියේදී කොළඹ සුපිරි පාසල් අභිබවමින් ‍පොළොන්නරුව රාජකීය විදුහල මෙවර බාලක ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
දින තුනක් පුරා ‍පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන පාසල්වල ක්‍රීඩා කණ්ඩායම් රැසක් සහභාගි වූ අතර, බාලක අනුශූරතාව ගල්කිස්ස විද්‍යා විදුහල සතුවිය.
මෙම තරගාවලියේ බාලිකා ශූරතාව කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය දිනාගත් අතර, අනුශූරතාව නුගේගොඩ අනුලා විදුහල සතුවිය. ජයග්‍රාහී ‍පොළොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ඡායාරූපයෙන් දිස්වේ...
 
ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

ජාතික පාපැදි සංගමයේ නිලවරණය නොවැම්බර් 12දා ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 23 දින දහවල් 12 දක්වා නාම යෝජනා භාර ගන්නා අතර, ඔක්තෝබර් 24දා සවස 2.00 දක්වා විරෝධතා භාරගනු ලැබේ.
පිළිගත් නාමයෝජනා ඔක්තෝබර් 28දා ක්‍රීඩා සංගම් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ වෙත දැනුම් දෙනු ලැබේ.
පාපැදි නිලවරණය පිළිගත් නිරීක්ෂණ කමිටුවක් යටතේ පවත්වන ලෙස  ක්‍රීඩා අමාත්‍යවරයා කළ දැනුම් දීමකට අනුව ඇන්ටන් රාජා ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් නම් කර තිබේ.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥ සතිෂ් වර්ණකුලසූරිය, කේ.ජී. හේමපාල, අජිත් මනෝධර සහ  සුභානි උඩවත්ත (ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිත) යන මහත්ම මහත්මීන් ඇතුළත් වෙති.

(ප්‍රභාත්)

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2213

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1231

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5387

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3116

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5209

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6468

Please publish modules in offcanvas position.