Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආසියානු පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස 3දා හොංකොංහිදී පැවැත්වෙන තෙවැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ තරගය සඳහා සහභාගි කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම නම්කර තිබේ.
මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 6ක් සහ ක්‍රීඩිකාවන් 6ක් ඇතුළත්වේ.
මෙම තරගාවලිය කණ්ඩායම් ඉසව්වක් ලෙස බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම ක්‍රියාත්මක කෙරේ.
සාමාජිකයන් 6 දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායම හිමිකර ගන්නා ප්‍රසාද ලකුණු අනුව ජයග්‍රාහී ස්ථානය තීරණය කෙරේ.
මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගන්නා ස්ථානය අනුව පදක්කම් සහ සතික පත් ප්‍රදානය කිරීමටද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
ආසියානු පාසල් රට හරහා දිවීමේ තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සටහන් වෙයි.
නොවැම්බර් මස 10 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය ආශ්‍රිතව පවත්වන ලද තේරීම් තරගයේදී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පාසල් බාලක සහ බාලිකා අවු. 20න් පහළ කණ්ඩායම් නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල වන වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ වීම කැපී පෙනෙන සිදුවීමකි.
 
ශ්‍රී ලංකා කණ්ඩායම
බාලක :- ජී.ආර්. දම්මික විජේසූරිය (මාවනැල්ල රන්දිවෙල ම.වි.), ආර්.එම්. චනිඳු මධුසංඛ (මාවනැල්ල රන්දිවෙල ම.වි.), එස්.ජී. විරාජ් සිතුම් සංජය ඩෙන්සිල් (වලල ඒ. රත්නායක), ජී.වී. කවිෂ්ක එරංග සිල්වා (කළුතර බණ්ඩාරනායක ම.වි.), පී.ජී. මලින්ත ලක්රුවන් ප්‍රදීප් කුමාර (වලල ඒ. රත්නායක), ඩී.එම්. හර්ෂ සඳරුවන් කරුණාරත්න (වලල ඒ. රත්නායක)
බාලිකා :- එච්.එම්. චාමිණී චමුදිකා හේරත් (වලල ඒ. රත්නායක), ඊ.එම්. ප්‍රසන්ති (වලල ඒ. රත්නායක), කේ.එම්. ජයන්ති මැණිකේ කනගරත්න (වලල ඒ. රත්නායක), ඩබ්ලිව්.එම්.  හසන්ති මධුමාලි (මාතර සුජාතා බාලිකා විදුහල), ආර්.ජී. ප්‍රභාෂිනී ප්‍රේමරත්න (වලල ඒ. රත්නායක), ආර්.බි. ගිහන්ති ජයසිංහ (වලල ඒ. රත්නායක)
 
සපුමල් වීදියබණ්ඩාර

ශ්‍රී ලංකා ජාතික රයිෆල් ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් මීගමුව රයිෆල් ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික ලෝහක ඡායා වෙඩි තැබිමේ තරගාවලියේ කනිෂ්ඨ අංශයෙන් තරග වැදුණු කොළඹ රාජකීය විදුහ‍ලේ පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රසිඳු රන්දිර රිදී පදක්කම් දෙකක් දිනා ගෙන තිබේ.

මෙහිදී රයිෆල් සැහැල්ලු සහ රයිෆල් ඡායා යන අංශ දෙකෙන් රිදී පදක්කම් දිනාගත් රසිඳු රන්දිර ස්කෝපියන් වෙඩි තැබිමේ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වී ඇත.


ජයකාන්ත ලියනගේ - බළපිටිය

තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් පවත්වන ලද 2017 සමස්ත ලංකා දාම් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ක්‍රිෂාන්ත කුමාරගේ සමත් විය.
ප්‍රවීණ දාම් ක්‍රීඩකයන් වන විත්‍යානන්දන්, ශ්‍රී කාන්ත, මෙල්ටස්, ෂෙල්ටන් ප්‍රනාන්දු, රම්‍යා ගුණසේකර යන ක්‍රීඩකයන් පරාජය කරමින් මෙවර ශූරතාව ක්‍රිෂාන්ත කුමාරගේ දිනා ගැනීම කැපී  පෙනෙයි.
මෙම තරගාවලියේ කුසලාන සහ ත්‍යාග ප්‍රදාන උත්සවය මේ මස 27දා සවස 4.30ට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චි’ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග මේ මස 18 වැනි සෙනසුරාදා මහරගම ජාතික තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ආධුනික සහ සුපර් ලීග් යන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා-පිරිමි අවසන් තරග 18දා පෙරවරු 8.00 සිට පැවැත්වේ. 
මෙවර තරගාවලියේ සුපර්ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා අවසන් මහ තරග දෙකටම යුද හමුදාව සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන අතර, සුපර් ලීග් කාණ්ඩයේ අවසන් තරග අයි.ටී.එන්. නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
මේ අනුව සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගය යුද හමුදාව සහ විදුලි බල මණ්ඩලය අතර ප.ව. 3.00ට ආරම්භ කෙරෙන අතර, සුපර් ලීග් කාන්තා අවසන් මහ තරගය යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර ප.ව. 1.00ට ආරම්භ කෙරේ.
ආධුනික කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගය කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රීඩා සමාජය අතර පෙ.ව. 10.00ට ආරම්භ කෙරෙන අතර, ආධුනික කාන්තා අවසන් මහ තරගය ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය සහ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය අතර පෙ.ව. 8.00ට ආරම්භ කෙරේ.
පසුගිය 11 සහ 12දා මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තරගවලදී සුපර් ලීග් පිරිමි තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වූ අතර, කාන්තා තෙවැනි ස්ථානය මාස් කැෂුවලයින් සතුවිය.
ආධුනික පිරිමි තෙවැනි ස්ථානය කෑගල්ල ක්‍රියේටර්ස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය කුරුණෑගල ඔමේගාලයින් ක්‍රීඩා සමාජය සතුවිය.
 
අවසන් පූර්ව තරග ප්‍රතිඵල
 
සුපර් ලීග් පිරිමි
යුද හමුදාව හමුවේ වට 3-1කින්  ගුවන්  හමුදාව පරදියි
විදුලිබල මණ්ඩලය හමුවේ වට 3-0කින් වරාය පරදියි
තෙවැනි ස්ථානය
ගුවන් හමුදාව හමුවේ වට 3-2කින් වරාය පරදියි
සුපර් ලීග් කාන්තා
ගුවන් හමුදාව හමුවේ වට 3-1කින් මාස් කැෂුවලයින් පරදියි
යුද හමුදාව හමුවේ වට 3-0කින් වරාය පරදියි
තෙවැනි ස්ථානය 
මාස් කැෂුවලයින් හමුවේ වට 3-1කින් වරාය පරදියි
ආධුනික පිරිමි
ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී හමුවේ වට 3-0කින් මහනුවර වැගනර්ස් පරදියි
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් හමුවේ වට 3-0කින් කෑගල්ල ක්‍රියේටර්ස් පරදියි
තෙවැනි ස්ථානය 
කෑගල්ල ක්‍රියේටර්ස් හමුවේ වට 3-0කින් මහනුවර වැගනර්ස් පරදියි
ආධුනික කාන්තා
ගලිගමුව බෝයගම සිරි පැරකුම් හමවේ වට 3-0කි කුරුණෑගල ඔමේගා ලයින් පරදියි
මහඋස්වැව රතනපාල හමුවේ වට 2-0කින් මඩකලපුව බ්ලැක් ලයන්ස් පරදියි
තෙවැනි ස්ථානය
කුරුණෑගල ඔමේගා ලයින් හමුවේ වට 3-0කින් මඩකලපුව බ්ලැක් ලයන්ස් පරදියි
 
ප්‍රභාත් විදානපතිරණ

වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ සහ ‘සී’ කාණ්ඩයේ කාන්තා ශූරතා දිනා ගැනීමට ඔමේගා ලයින් කණ්ඩායම් සමත් විය.
මහරගම තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මෙම තරගාවලියේදී ඔමේගා ලයින් කණ්ඩායම් නායිකා පියුමි මහේෂිලා ‘ඒ’ කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන ලැබුවාය.
මෙම තරගාවලියේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස තිළිණි මධුෂාණිකා ද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස සඳුනි කවීෂාද සම්මාන දිනා ගත්හ. මෙම තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ ශූරතාවද දිනා ගැනීමට ප්‍රබෝධා තිලකරත්නගේ නායකත්වයෙන් යුත් ඔමේගා ලයින් කණ්ඩායම සමත් වීම විශේෂත්වයක් විය.
ඔමේගා ලයින් වොලිබෝල් පුහුණුකරුවන් ලෙස චන්න ජයසේකර සහ පුෂ්පා රංජනී බොතේජු මහත්ම මහත්මීන් කටයුතු කරති. වෙළෙඳ සේවා කාන්තා වොලිබෝල් ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් ඔමේගා ලයින් කණ්ඩායම ඡායාරූපයෙන් දිස්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් බිස්කට් සමාගමේ ‘මන්චී’ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (11 සහ 12දා) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා තරගද, ආධුනික කාණ්ඩයේ පිරිමි තරගද පැවැත්වේ.
මෙම අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් නොවැම්බර් 18දා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරග සඳහා සහභාගි වෙයි.
දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණය කරන ලද කාන්තා සහ පිරිමි කණ්ඩායම් 100කගේ සහභාගිත්වයෙන් පසුගිය 4, 5 සහ 6 දිනයන්හි කුරුණෑගල මාලිගාපිටියේදී පැවැති ජාතික මට්ටමේ තරගවලින් ජය ගත් කණ්ඩායම් මෙම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබිය.
නොවැම්බර් 11දා
සුපර් ලීග් - කාන්තා අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ මාස් කැෂුවලයින් අතර
(පෙ.ව. 9.00)
වරාය අධිකාරිය සහ යුද හමුදාව (පෙ.ව. 11.00)
සුපර් ලීග් - පිරිමි අවසන් පූර්ව තරග
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර (ප.ව. 1.00)
වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය අතර (ප.ව. 3.00)
නොවැම්බර් 12දා
සුපර් ලීග් කාන්තා තෙවැනි ස්ථානය තරගය
(පෙ.ව. 8.00)
සුපර් ලීග් පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 2.00)
ආධුනික පිරිමි අවසන් පූර්ව තරග
මහනුවර වැගනර්ස් සහ ගාල්ල එස්.එල්.ඒ.ඕ.සී. ක්‍රී.ස අතර (පෙ.ව. 10.00)
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් සහ කෑගල්ල ක්‍රියේටර්ස් අතර (ප.ව. 12.00)
ආධුනික පිරිමි තෙවැනි ස්ථානය තරගය
(ප.ව. 4.00)

ප්‍රභාත් විදානපතිරණ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4682

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3353

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4823

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5444

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6265

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3834

Please publish modules in offcanvas position.

X

Right Click

No right click