Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජාතික ශූරතා ස්කොෂ් තරගාවලිය 16දා ඇරඹේ

ජාතික ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන 37 වැනි ජාතික ශූරතා ස්කොෂ් තරගාවලිය (2017) ශ්‍රී ලංකා යුද හමුදා අනුග්‍රහයෙන් මේ මස 16දා සිට 19දා දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය පිරිමි සහ කාන්තා විවෘත, අවු. 35, 45, 50 සහ 55 යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.
මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ස්කොෂ් සම්මේලනය කරන ලද ඉල්ලීමට අනුව යුද හමුදාපතිවරයා මෙම තරගාවලියට යුද හමුදා අනුග්‍රහය ලබා දීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාව ක්‍රීඩා ඉසව්වක් සඳහා අනුග්‍රාහකත්වය දක්වන ප්‍රථම අවස්ථාව මෙය බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
යුද හමුදා අනුග්‍රාහකත්ව චෙක්පත යුද හමුදා ස්කොෂ් කමිටු සභාපති බ්‍රිගේඩියර් එච්.ජී.අයි. විද්‍යානන්ද මහතා විසින් ජාතික ස්කොෂ් සංගමයේ සභාපති ගුවන් කොමදෝරු (විශ්‍රාමික) ඒ. අබේසේකර මහතාට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ. මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් එම අවස්ථාවට එක්වූහ.

ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ

fShare
0
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1485

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1758

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3020

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1607

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1934

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3504

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click