Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාත්තන්ඩිය යුනයිටඩ්-කටාන ඒකාබද්ධ සියඹලාගොඩ කපිල-කොස්වාඩිය විජය විවෘත අවසන් මහ තරග 18දා

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව පවත්වනු ලබන ‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ’ විවෘත අංශයේ අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට නාත්තන්ඩිය යුනයිටඩ්, කටාන ඒකාබද්ධ, සියඹලාගොඩ කපිල සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජ සමත් විය.
විවෘත සහ අවු. 22න් පහළ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැති මෙම තරගාවලියේ අවු. 22න් පහළ අවසන් තරග සඳහා හුංගම විජයබා, හලාවත ඒකාබද්ධ, කුරුණෑගල කැෂුවලයින් සහ ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබා ගත්තේය.
දිස්ත්‍රික් ජයග්‍රාහී කණ්ඩායම් 100කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ජාතික මට්ටමේ තරග පසුගිය 9 සහ 10 දා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත් වුණි.
කාණ්ඩ දෙකේම පිරිමි සහ කාන්තා අවසන් මහා තරග දෙසැම්බර් 18 දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
විවෘත පිරිමි අවසන් පූර්ව තරගවලදී නාත්තන්ඩිය යුනයිටඩ් වට 3-0කින් (25-18, 25-22, 25-15) බොරැලැස්ගමුව බලරැස් පරාජය කරමින්ද, කටාන ඒකාබද්ධ වට 3-2කින් (22-25, 25-23, 25-20, 25-27, 15-09) දෙබෑගම රන්තරු පරාජය කරමින්ද අවසන් තරග තරග සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
විවෘත කාන්තා අවසන් පූර්ව තරගවලදී කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය වට 3-0කින් (25-21, 25-16, 25-20) රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පරාජය කරමින්ද, සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය වට 3-1 කින් (25-23, 25-18, 23-25, 25-20) කුරුණෑගල කැෂුවලයින් පරාජය කරමින්ද අවසන් තරග සඳහා සුදුසුකම් ලැබිය.
අවු. 22න් පහළ පිරිමි අවසන් පූර්ව තරගවලදී හුංගම විජයබා වට 3-1කින් රුවන්වැල්ල රාජසිංහ පරාජය කරමින්ද, හලාවත ඒකාබද්ධ වට 3-2කින් සීදූව දවිසමර පරාජය කරමින්ද අවසන් තරග සඳහා සුදුසුකම් ලැබිය.
අවු. 22න් පහළ කාන්තා අවසන් පූර්ව තරගවලදී කුරුණෑගල කැෂුවලයින්  වට 2-0කින් ඇහැලියගොඩ ධර්මපාල පරාජය කරමින්ද, ගලිගමුව බෝගම සිරි පැරකුම් වට 2-0කින් හුංගම විජයබා පරාජය කරමින්ද අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ප්‍රභාත් විදානපතිරණ
 

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5233

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3637

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5124

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5742

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6558

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4056

Please publish modules in offcanvas position.

X

Right Click

No right click