Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආසියානු පාසල් රට හරහා දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 12ක්

ආසියානු පාසල් ක්‍රීඩා සභාවේ මෙහෙයවීමෙන් දෙසැම්බර් මස 3දා හොංකොංහිදී පැවැත්වෙන තෙවැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ තරගය සඳහා සහභාගි කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම නම්කර තිබේ.
මෙම කණ්ඩායමට ක්‍රීඩකයන් 6ක් සහ ක්‍රීඩිකාවන් 6ක් ඇතුළත්වේ.
මෙම තරගාවලිය කණ්ඩායම් ඉසව්වක් ලෙස බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම ක්‍රියාත්මක කෙරේ.
සාමාජිකයන් 6 දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායම හිමිකර ගන්නා ප්‍රසාද ලකුණු අනුව ජයග්‍රාහී ස්ථානය තීරණය කෙරේ.
මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගන්නා ස්ථානය අනුව පදක්කම් සහ සතික පත් ප්‍රදානය කිරීමටද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.
ආසියානු පාසල් රට හරහා දිවීමේ තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සටහන් වෙයි.
නොවැම්බර් මස 10 දින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය ආශ්‍රිතව පවත්වන ලද තේරීම් තරගයේදී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පාසල් බාලක සහ බාලිකා අවු. 20න් පහළ කණ්ඩායම් නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසල වන වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ වීම කැපී පෙනෙන සිදුවීමකි.
 
ශ්‍රී ලංකා කණ්ඩායම
බාලක :- ජී.ආර්. දම්මික විජේසූරිය (මාවනැල්ල රන්දිවෙල ම.වි.), ආර්.එම්. චනිඳු මධුසංඛ (මාවනැල්ල රන්දිවෙල ම.වි.), එස්.ජී. විරාජ් සිතුම් සංජය ඩෙන්සිල් (වලල ඒ. රත්නායක), ජී.වී. කවිෂ්ක එරංග සිල්වා (කළුතර බණ්ඩාරනායක ම.වි.), පී.ජී. මලින්ත ලක්රුවන් ප්‍රදීප් කුමාර (වලල ඒ. රත්නායක), ඩී.එම්. හර්ෂ සඳරුවන් කරුණාරත්න (වලල ඒ. රත්නායක)
බාලිකා :- එච්.එම්. චාමිණී චමුදිකා හේරත් (වලල ඒ. රත්නායක), ඊ.එම්. ප්‍රසන්ති (වලල ඒ. රත්නායක), කේ.එම්. ජයන්ති මැණිකේ කනගරත්න (වලල ඒ. රත්නායක), ඩබ්ලිව්.එම්.  හසන්ති මධුමාලි (මාතර සුජාතා බාලිකා විදුහල), ආර්.ජී. ප්‍රභාෂිනී ප්‍රේමරත්න (වලල ඒ. රත්නායක), ආර්.බි. ගිහන්ති ජයසිංහ (වලල ඒ. රත්නායක)
 
සපුමල් වීදියබණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1708

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1729

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1013

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2554

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4014

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10162

Please publish modules in offcanvas position.