Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පානදුර - කළුතර තරගයේ සිද්ධිය ගැන කරුණු දැක්වීමට අර්ජුනටත් අවස්ථාවක්

2017.10.08 සහ 09 දිනවල ජනමාධ්‍යවල පළවූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත එවන ලද ලිපිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (09දා) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේයි.

“උක්ත ලිපිය තුළින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරනුයේ පානදුර සහ කළුතර ක්‍රිකට් සමාජන්හි ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග මෙකී ක්‍රීඩකයන්ට නොව එම ක්‍රීඩා සමාජයන්හි නිලධාරීන්ටද අදාළ විය යුතු බවයි.

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ක්‍රිකට් මෙන්ම අනෙකුත් ක්‍රීඩා 61 සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තම තනි අභිමතය පරිදි ක්‍රියා නොකරන බව මාධ්‍යවේදී ඔබ සැම දන්නා කරුණකි. එමෙන්ම ක්‍රීඩා සමාජවල මෙන්ම ක්‍රීඩා සම්මේලන සම්බන්ධ ඕනෑම අනීතික, අසාධාරණ සහ අයුක්තිසහගත ක්‍රියාවකදී අමාත්‍යවරයා නීතිය, සාධාරණය හා යුක්තිය ආරක්ෂා කිරීම උදෙසා මැදිහත්වන අතර, එය සැම විටම විධිමත් අයුරින් සිදුකළ බවට පසුගිය දෙවසරකට ආසන්න කාලය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කරගත හැකියි. ස්වභාවික යුක්ති මූලධර්ම අනුව අපක්ෂපාතීව සෑම පාර්ශ්වයකටම සවන්දී තීරණ වෙත ප්‍රවේශවීමට අමාත්‍යතුමන් විසින් නිරතුරුව කටයුතු කරයි.

මේ වන විට තරග තහනමට ලක්ව සිටින චාමර සිල්වා ඇතුළු ක්‍රීඩකයන් හට පනවා ඇති තරග තහනම ඉවත් කරන ලෙසට චාමර සිල්වා ක්‍රීඩකයා විසින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් ලිපියක් එවමින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබිණි. මේ අතර අර්ජුන රණතුංග මහතා විසින්ද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් එවමින් පවසා සිටියේ පානදුර-කළුතර ක්‍රිකට් සමාජයන්හි නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් 2017.10-04 දින ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒකපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇති අතර, එළැඹෙන ඔක්තෝබර් 14 වැනිදා පෙ.ව. 9.30ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ මෙම කමිටුව රැස්වීමට නියමිතයි. එහිදී චාමර සිල්වා ඇතුළු පාර්ශ්වයට මෙන්ම අර්ජුන රණතුංග මහතාට ද කරුණු දැක්වීමට අවස්ථාව ඇත. මේ සඳහා සහභාගී වන මෙන් ඉල්ලා 2017.10.04 දින ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් ඛනිජ තෙල්සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර ඇත.

ඒ අනුව 2017.10.14 දින රැස්වන ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතාගෙන් යුත් ඒකපුද්ගල කමිටුව ඉදිරියේ තම ලිපියේ සඳහන් චෝදනා පිළිබඳ කරුණු දැක්වීමේ හැකියාව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඇති අතර, එම දිනයේ නොහැකි නම් වෙනත් දිනයක හෝ පැමිණ කරුණු දැක්වීමට අවස්ථාව ඇත. ඉනික්බිති දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින් සැකසෙන වාර්තාව දෙසතියක් තුළ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතයි.

එම වාර්තාව පදනම් කරගනිමින් ක්‍රීඩාවේ විනයත්, ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩිව අවධාරණය කරනු ලබන මහත්මා ගුණයත් ආරක්ෂා වන පරිදි සාධාරණ විසඳුමක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී කටයුතු කරනු ඇත.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 200

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 218

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 316

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 466

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7071

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4640

Please publish modules in offcanvas position.

X

Right Click

No right click