Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
පසුගියදා ඉන්දියාවේ කේරලයේ කොචිහි රජිව් ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ලෝක ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් තුනක් හිමි විය. මෙම ක්‍රීඩා තරගය සඳහා ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක් පමණ සහභාගි වී තිබේ.
මෙහිදී 65+ කාණ්ඩයේ මිශ්‍ර යුගල අංශයෙන් තරග වැදුණු රෝහිණී ජයවර්ධන එම අංශයේ  ලෝකඩ පදක්කමද 40න් ඉහළ කාණ්ඩය යටතේ තරග වැදුණු චන්ද්‍රිකා ද සිල්වා එම අංශයේ රිදී පදක්කමද ජයග්‍රහණය කොට තිබේ. මීට අමතරව ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ඉන්දුනීසියානු ජාතික ආනල්ඩ් ඩෙන්ඩෙන්ග්ද පිරිමි 50 වයස් කාණ්ඩය යටතේ රිදී පදක්කම දිනාගනු ලැබිය.
රෝහිණී ජයවර්ධන මින්පෙර දකුණු කොරියාවේ පැවැති ඹධපතඤ ථචඵබඥපඵ තරගාවලියේදීද රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනාගනු ලැබුවාය. 65+ මිශ්‍ර යුගල තරගයේදී රෝහිණීගේ  සහකරු වූයේ මියන්මාරයේ ෆ්‍රිට්ස් මිනාකිය. ඔහුද ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගි වීම විශේෂත්වයකි.
මගේ අංශයෙන් රන් පදක්කම දිනාගත්තේ කැනඩාව. ඩෙන්මාර්කයට එහි රිදී පදක්කම හිමිවුණා. මාත් එක්ක තරග කරපු ඉන්දීය කණ්ඩායම පරාද වෙද්දී පදක්කම් වැඩි තරමක් දිනපු ඉන්දියාවට ඒක හොඳටම දැනුණා. මේ තරග සඳහා ගමන් බිමන්, ආහාරපාන, ගුවන් ටිකට්පත් ඇතුළු සියලුම වියදම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික මුදලිනුයි ඉටුකරගත්තේ. සම්මේලනය පැත්තෙන් කිසිම උදව්වක් ලැබුණේ නම් නෑ. ඒත් ඒකට කමක් නෑ. අපි රට වෙනුවෙන් දෙයක් කළා කියන ආත්ම තෘප්තිය තිබෙනවානේ. ඒ වගේම මෙහෙම හරි මේ ගැන ජනතාව දැනුවත් කරන එක ගැන සතුටුයි. මේ තරගාවලිය පැවැත්වෙන්නේ වසර 2කට වරක්. ඊළඟ තරගය 2019 දී. නිරෝගීව සිටියොත් ඊටත්  සහභාගි වන්න බලා‍පොරොත්තු වනවා.
තම ජයග්‍රහණය පිළිබඳ ලක්බිමට අදහස් පළකළ රෝහිණී ජයවර්ධන එලෙස පවසන්නීය.මිනිසුන් වයසත් සමග බොහෝ දේ අත්හරිති. අපේක්ෂා බිඳගනිති. එසේ වුවද හැත්තෑ වැනි වියද පසුකළ රෝහිණී ජයවර්ධනගේ ක්‍රීඩාශීලී බවින් අඩු නොවූ හඬ හැම දෙනාටම කියා දෙන්නේ හොඳ පාඩමක් නොවන්නේදැයි අපට සිතුණි.
 
ප්‍රසාදිකා ජයවර්ධන 
fShare
0
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1486

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1760

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3021

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1608

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1935

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3506

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click