Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේදී පළාත් ක්‍රීඩා සහතික නොසලකා හැරලා

දිවයිනේ රජයේ පාසල්වල පුරප්පාඩු වී ඇති ක්‍රීඩා පුහුණුකරුවන් තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේදී පළාත් ක්‍රීඩා සහතික නොසලකා හැරීමෙන් ක්‍රීඩා සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් කර ඇතැයි සමස්ත ලංකා පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ඉබ්බාගමුව කලාප ක්‍රීඩා නිලධාරී ප්‍රියනාත් සේනපාල මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව සමගියෙන් ඉටු කළ යුතු කාර්යයක් අධ්‍යාපන අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස සියල්ල තමන් අතට ගෙන තීන්දු තීරණ ගෙන ඇතැයි සේනපාල මහතා වැඩිදුරටත් පැවැසීය.
ක්‍රීඩා පුහුණුකරුවන් තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේදී වෘත්තීය සුදුසුකම් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයකදී අවම වශයෙන් තුන්වන (3) ස්ථානය ලබා සිටීම හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පවත්වන ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී අවම වශයෙන් තුන්වන ස්ථානය ලබා සිටීම දක්වා ඇත.
එසේ නොමැති නම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන පළාත් ක්‍රීඩා තරගවලදී අවම වශයෙන් දෙවන ස්ථානය ලබා තිබිම හෝ ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංගම් මගින් පවත්වන ජාතික මට්ටමේ පවත්වන තරගයන්හිදී (පළාත් මට්ටම්/දිස්ත්‍රික් මට්ටම් හැර) අවම වශයෙන් තුන්වන ස්ථානය ලබා සිටීම ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග ජයග්‍රහණ මත පදනම් වූ සුදුසුකම් දක්වා ඇත. මෙම ‍ලේඛනය ඉතා ඕනෑකමින් පරිශීලනය කිරීමෙන් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සහ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංගම් නොසලකා හැර ඇති බව පැහැදිලි නොවන්නේදැයි සේනපාල මහතා ප්‍රශ්න කරයි.
මෙම අසාධාරණය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සමගද සාකච්ඡා කළ බව සේනපාල මහතා පවසයි. මේ පිළිබඳව සොයා බලා අත්වැරදීමක් වී ඇත්නම් වහාම එය සංශෝධය කර පළාත් මට්ටමේ
දක්ෂයින්ට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සලස්වා දෙන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ‍ලේකම් කුමාරි වීරසේකර මෙනවියටද මෙම අසාධාරණය පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලීමක් කළ ප්‍රියනාත් සේනපාල මහතා මෙය වයඹ පළාතට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන නිසා අනෙක් පළාත් අටේ (8) ‍ලේකම්වරුන්ද දැනුවත් කර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවීමට යන අවමානයෙන් බේරා ගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.
මෙම චක්‍ර‍ලේඛයට අනුව පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් එම අවස්ථාව හිමිවන අතර, පාසල් හැරගිය පසුත් ක්‍රීඩාවේ නියැලෙමින් සිටින තරුණ තරුණියන්ට හිතාමතාම අසාධාරණයක් සිදුකර ඇතැයිද ඔහු පැහැදිලි කරයි. මේ හේතුවෙන් ඉදිරියේදී ක්‍රීඩා සමාජ හරහා ක්‍රීඩාවට යොමු වන්නන් අඩුවිය හැකි බවද ඔහු අවධාරණය කරයි. එය දැනට සේවයේ යෙදී සිටින ක්‍රීඩා පුහුණුකරුවන්ට ගම් මට්ටමට ගොස් වැඩ කිරීමටද අපහසු විය හැකි බවත්, ඒ තුළින් ඉදිරියේදී ක්‍රීඩාවෙන් ඈත්වන තරුණ තරුණියන් විවිධ රෝගාබාධවලින් යුත් පිරිසක් වෙනු ඇතැයිද පෙන්වා දෙයි.
ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යෙදෙන්නෙකුට ලබාදිය හැකි පහළ මට්ටමේ තනතුරු වන ක්‍රීඩා නිලධාරී, ක්‍රීඩා පුහුණුකරු හෝ ක්‍රීඩා ගුරු යන තනතුරු සඳහා පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවත්වන තරගයන්හී දස්කම් දැක්වූවන්ට අවස්ථාවක් ලබාදීම එම ක්‍රීඩකයන්ට වටිනාකමක් දීමකි. එසේ නොවුනහොත් තරුණ තරුණියන් ක්‍රීඩාවලට යොමුවීමද අඩුවිය හැක. ගමේ තරුණ තරුණියන් ක්‍රීඩා සමාජවලින් බිහිවී ඉතා අපහසුවෙන් අඩු පහසුකම් යටතේ ලබාගත් ජයග්‍රහණයන්ට වටිනාකමක් ලබා නොදීම තුළින් ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාවන්ද බිඳවැටිය හැකි යැයි සේනපාල මහතා අනතුරු ඇඟවීය.
එසේම එම චක්‍ර‍ලේඛයට අනුව එකී තනතුර සඳහා ඉල්ලුම්පත් යොමුකරන අවසාන දිනය ලෙස ජුනි 15 දිනය දක්වා තිබූ බවත්, ජුනි 14, 15, 16 යන දිනයන් හි තැපැල් වැඩ වර්ජනය තිබූ බැවින් මේ වනතුරුත් ඉල්ලුම්පත් යොමු කිරීමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කාලය දීර්ඝ කර දිය යුතු බවද සේනපාල මහතා ඉල්ලීමක් කළේය.

කමලා අතරගල්ල - දොඩම්ගස්ලන්ද

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2456

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2400

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3910

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5277

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click