Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුසන්තිකාගේ චෝදනාවලට ක්‍රීඩා අමාත්‍යාංශය පිළිතුරු දෙයි

ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහගේ වැටුප් නොගෙවීම පිළිබඳව පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ‍ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 
මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි.
2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනා ගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්ති පළමුව ගෞරවාන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවැති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇයගේ චරිතාපදානය ප්‍රකාශයට පත් කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොලහක මුදල් ප්‍රදානයක්ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳවද කණගාටු වෙමි.
ප්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මතෛක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවාකාලික පමාවක් සිදුව ඇති අතර, ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.
මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර, 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාර ගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවාන්විතව ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනිණි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක්‍රීඩා අමා්‍ය ධුරය දැරුවද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු. 60,000ක මාසික දීමනාවක් සහ රු. 15,000ක ඉන්ධන දීමනාවක් ලබා දීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිය. එම සංදේශය ප්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත් කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.
මීට අදාළ පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර, එහි 08 වන ජේදය යටතේ “ක්‍රීඩා අමාත්‍යාංශයේ ‍ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටු කළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ‍ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර, මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාවද ‍ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.”
09 වන ජේදය යටතේ “තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ‍ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.” බවට සඳහන්ව ඇත.
මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩා පිටියේ පිහිටි ක්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැගිල්‍ලේ 03 වන මහලෙහි 08 වන කාමරයද ඇයට වෙන්කර ලබාදුණි.
සුසන්තිකා ජයසිංහ මෙන් දක්ෂ තවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර ගැනීමේ අරමුණු පෙරදැරිව ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒ වන විට පැවැති මලල ක්‍රීඩා සංචිත 3හි පුහුණු කිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය වෙත ලබාදී නැත.
2016 ජූලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ජේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අ‍පොහොසත් වී ඇත. 2017 ජනවාරි-මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර, සානුකම්පිතව සලකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමටද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08 වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යාංශ ‍ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.
රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර, එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය වෙත නිසි පරිදි ලබා දීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්ය භාරය පිළිබඳව තැකීමක් නොකර අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිදු ෙනෙතික හෝ සදාචාර හිමිකමක් නොමැත.
තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවාන්විත වැටුපක්ද ලබමින් ක්‍රීඩාවටත්, මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අති දක්ෂ ක්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5221

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3632

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5116

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click