lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්තය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙවර තරගාවලියේ සිය දෙවැනි ශතකය වාර්තා කිරීමට ඊයේ (23දා) සමත් විය.
වොර්වික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව පැවැති මෙම තරගයේදී සංගා හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සහිතව ලකුණු 105 ක් වාර්තා කිරීමට සමත් විය.
පසුගිය සතියේදී ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 138 ක් ලබා ගැනීමට සංගා සමත්විය.

අයි.සී.සී. ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට ඇතුළත් වූ පළමු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සමත් වී තිබේ.
මුරලිදරන් සමග ඕස්ට්‍රේලියානු හිටපු නායකයකු වන කරන් රෝල්ටන් සහ ආතර් මොරිස්ද විශිෂ්ටයන්ගේ නාමාවලියට මෙම වසරේදී ඇතුළත්කොට තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස වාර්තාවක් පිහිටුවා තිබේ.
එළැඹෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජුනි 8දා ඕවල් පිටියේ පැවැත්වෙන ක්‍රිකට් තරගයේදී මුරලිදරන්ට අදාළ සිහිවටනය පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ලබන ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර විචාරකයකු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරව නම්කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් මෙවර තරගාවලිය සඳහා ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් 15 දෙනෙකු නම්කර ඇති අතර, ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාරට එම අවස්ථාව හිමිවී තිබේ.
මේ අනුව පළමු වරට කුමාර් සංගක්කාර, ග්‍රැහැම් ස්මිත්, රිකී ‍පොන්ටින් සහ බ්‍රෙන්ඩන් මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරයට එක්වීමට නියමිතව තිබේ.
මෙම ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ලට රිකී ‍පොන්ටින්, කුමාර් සංගක්කාර, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රැහැම් ස්මිත්, රමීස් රාජා, මයිකල් ඇතර්ටන්, ෂේන් වෝන්, ආතර් අලී ඛාන්, ඉයන් බිෂොප්, සව්රව් ගංගුලි, මයිකල් ස්‍ලේටර්, ෂෝන් ‍පොලොක්, නසාර් හුසේන්, සංජේ මංජේකාර් සහ සයිමන් ඩුල් ඇතුළත් කර තිබේ.
මීට අමතරව චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 8 වෙනුවෙන් සන්නාම තානාපතිවරු පත් කිරීම පසුගියදා සිදු කෙරුණු අතර, එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර නම්කර තිබේ.

මහනුවර ත්‍රිත්ව විදුහල් හොකී සංගමය වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සමස්ත ලංකා පාසල් සය සාමාජික බාලිකා හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවල ජනාධිපති බාලිකා ක්‍රීඩිකාවන් සමත්වූහ.
අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට ...... බාලිකා කණ්ඩායම් 14ක්ද සහභාගි විය.
කොළඹ මියුසියස් බාලක විදුහල සහ මාත‍ලේ සංඝමිත්තා බාලිකා විදුහල අතර පැවැති මෙහි අවසන් තරගයේදී ගෝල් 3-1ක් ලෙසින් ජය හිමිකර ගැනීමට නාවල ජනාධිපති බාලිකා විදුහල් කණ්ඩායම සමත්විය.
තරගාවලියේ දක්ෂ ගෝල් රකින්නියන් ලෙස නාවල ජනාධිපති බාලිකා කණ්ඩායමේ මෝක්ෂා චමුදි ද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සඳලි දිල්හාරාද මෙහිදී විශේෂ කුසලාන හිමිකර ගත්හ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුග්‍රහය ඇතිව ලංකා ස්‍පෝර්ට්ස් රයිසන් සංවිධානය කළ ශ්‍රී ලංකා ටී-කප් ජාත්‍යන්තර කණ්ඩායම් පාපැදි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.
රටවල් 7ක් නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපැදි කණ්ඩායම් 7ක සහභාගිත්වයෙන් අදියර තුනක් පුරා කිලෝ මීටර් 318ක් දුරට මෙම මුල්ම ජාත්‍යන්තර පාපැදි සවාරිය පැවැත්වුණි.
මෙම සවාරියේ පළමු අදියර පාසිකුඩා සිට මහියංගණය දක්වාද, දෙවැනි අදියර මහියංගණයේ සිට මහනුවර දක්වාද, අවසන් අදියර ඊයේ මහනුවර සිට මීගමුව දක්වාද පැවැත්විණි.
තරගයේ පළමු අදියර ජය ගැනීමට මලයාසිවේ බක්රි සොපාන් සමත් වූ අතර, දෙවැනි අදියර ජය ගැනීමට පිලිපීනයේ ඔකොනර් ජෝජ් සමත් විය.
තියුණු ස්ප්‍රින්ට් තරග නිමාවකින් අනතුරුව තෙවැනි අදියර  ජය ගැනීමට මලයාසිවේ හැම්ඩන් හම්දුප් සමත් විය.
මෙම තරගයට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ කණ්ඩායම් අතුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුදිත වර්ණකුලසූරිය පළමු අදියරයේදී සිව්වැනි ස්ථානයටද, ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ දෙවැනි අදියරේ 9 වැනි ස්ථානයද දිනා ගත්තේය.
තෙවැනි අදියරයේදී දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සුරංග රණවීර 8 වැන්නා ලෙසද, යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න 9 වැන්නා ලෙසද, ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය 12 වැන්නා ලෙසද තරගය අවසන් කළේය.
ඊයේ (9දා) තෙවැනි අදියරේදී තියුණු සටනකින් පසු ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ දෙවැන්නා ලෙසද, ගුවන් හමුදාවේ රුචිර නවීන් තෙවැන්නා ලෙසද, ගුවන් හමුදාවේ ඩේන් නුගේරා සිව්වැන්නා ලෙසද, යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාර 8 වැන්නා ලෙසද, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කාශ්‍යප සිරිවර්ධන 10 වැන්නා ලෙසද, ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය 13 වැන්නා ලෙසද තරගය අවසන් කළහ.
මේ අතර කිලෝ මීටර් 318ක් දුරට පැවැති ටී-කප් සමස්ත සවාරිය පැය 8 වි. 17 තත්. 13 අවසන් කළ පිලිපීනයේ ඔකෝනෝ ජෝර්ජ් ප්‍රථම ස්ථානය දිනාගත් අතර, දෙවැනි ස්ථානය පැය 8 වි. 17 තත් 30කින් තරගය අවසන් කළ නෙදර්ලන්තයේ වෝකර් සැමුවෙල් හිමිකර ගත්තේය.
සමස්ත සවාරියේ තෙවැනි ස්ථානයද නෙදර්ලන්තයේ හැරී ෆි්‍රට්ලම් (පැය 8 වි. 19. තත්පර 15) දිනා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය සමස්ත තරගයේ 7 වැන්නා (පැය 8. වි. 24 තත් 35) බවට පත්වූ අතර, දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සුරංග රණවීර සමස්ත තරගයේ 9 වැන්නා (පැය 8 වි. 24 තත්. 41) බවට පත්විය.
සමස්ත පාපැදි සවාරියේ දක්ෂතම පාපැදි කණ්ඩායම ලෙස නෙදර්ලන්තයේ සී.සී.එන්. කණ්ඩායමද, දෙවැනි ස්ථානයට පිලිපීනයේ ගෝකෝ ගෝල්ඩ් කණ්ඩායමද, තෙවැනි ස්ථානයට මලයාසියාවේ ජාතික කණ්ඩායමද, සිව්වැනි ස්ථානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමද, පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමද, හයවැනි ස්ථානයටද සිංගප්පූරු පාපැදි කණ්ඩායමද පත්වූ අතර, ශ්‍රී ලංකාවේ දෙහිවල ගල්කිස්ස නගර සභා කණ්ඩායම 7 වැනි ස්ථානයටද, නාවික හමුදාව 8 වැනි ස්ථානයටද, ටෙලිකොම් කණ්ඩායම 9 වැනි ස්ථානයටද, ශ්‍රී ලංකා ‍පොලිසිය 10 වැනි ස්ථානයටද පත්විය.
තරගකරුවන් අතර ශ්‍රී ලංකාවේ බුද්ධික වර්ණකුලසූරිය (ගුවන්) 7 වැන්නා ලෙසද, සුරංග රණවීර 9 (දෙහිවල ගල්කිස්ස) වැන්නා ලෙසද,  ලක්ෂ්මන් විජේරත්න 11 වැන්නා ලෙසද, ශ්‍රී ලංකා ‍පොලීසිය සුධීර නිලංග 12 වැන්නා ලෙසද, යුද හමුදාවේ ගියාන් පුෂ්පකුමාර 15 වැන්නා ලෙසද ස්ථාන දිනා ගත්හ.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා අනුව බුද්ධික වර්ණකුලසූරියට (ගුවන්) පළමු ස්ථානය හිමිවූ අතර, සුරංග රණවීර (දෙහිවල ගල්කිස්ස) දෙවැනි ස්ථානයටද, ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න තෙවැන්නා ලෙසද නම් කෙරුණි.
සමස්ත තරගාවලියේ හොඳම කඳු නැගීමේ ශූරයා ලෙස පිලිපීනයේ කියුබිට් බූට්ද සම්මාන ලැබිය.
සමස්ත සවාරියේ පෞද්ගලික දක්ෂතා අනුව මලයාසියාවේ බෆ්රි සොෆියන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර, මලයාසියාවේ හමිදුන් හැම්ඩන් දෙවැනි ස්ථානයටද, පිලිපීනයේ ඔකෝනෝ ජෝර්ජ් තෙවැනි ස්ථානයටද පත්විය.

සුනිල් අභයවර්ධන

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය සමග සංවිධානය කරන එස්.එල්.ටී. 4ට් දිස්ත්‍රික් ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගාවලියේ අනුරාධපුර දිස්ත්‍රික් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට අනුරාධපුර ටූවීල් ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් දිල්රුක් සමත් විය.
තරගය සඳහා තරගකරුවන් 74ක් සහභාගි වූ අතර, තරගය කිලෝ මීටර් 126ක් දුරට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පැවැත්විණි.
මෙම තරගාවලිය බදුල්ල දිස්ත්‍රික් තරගය මේ මස 4 වැනි දිනද, රත්නපුර දිස්ත්‍රික් තරගය 5 වැනි දිනද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරග ප්‍රතිඵල
1. ප්‍රදීප් දිල්රුක් (ටූ වීල් ක්‍රී.ස.), 2. ලක්ෂ්මන් සංජිම (රංජිත් අනුර ක්‍රී.ස.), 3. ඉසුරු සඳරු (ටූ වීල් ක්‍රී.ස.), 4. අසංක කුමර (ශාන්ති ක්‍රී.ස.), 5. නිපුන් විමුක්ති (ටූ වීල් ක්‍රී.ස.), 6. උදාන ක්‍රිෂාන්ත (ශාන්ති ක්‍රී.ස.)

සුනිල් අභයවර්ධන

Page 1 of 6

IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 6

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2886

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1475

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9689

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4251

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1553

Please publish modules in offcanvas position.