Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩයලොග් අනුග්‍රහය දක්වන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියර හෙට සහ අනිද්දා (14, 15) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි අදියරවලදී පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, තම මව්බිමේදී පැවැත්වෙන තෙවැනි අදියරේදී වැඩි දස්කම් දැක්වීමට බලා‍පොරොත්තුවෙන් පසුවෙයි.
ශ්‍රී ලංකාව කොරියාව, චීනය, චීන තායිපේ සමග ‘ඒ’ කොටසින් තරග වදින අතර, ජපානය, හොංකොං, මලයාසියාව සහ පිලිපීනය ‘බි’ කොටසින් තරග වදියි.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල ජපානය, හොංකොං සහ කොරියාව සමග තරග වැදීමට නියමිතව තිබේ.
දින දෙකේම තරග පෙරවරු 10.00ට ආරම්භ වන අතර, තරගාවලියේ සජීවී අවස්ථා ඩයලොග් චැනලය ඔස්සේ සහ ඩයලොග් ර්රඊ මොබයිල් චනන හරහා සජීවීව නැරඹීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයන්ට ලබාදී ඇති බව ඩයලොග් ආයතනය පවසයි.

මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් අවු. 16න් පහළ රග්බි තරගාවලියේ අවසන් තරග අද (29දා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

ඉසිපතන සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර කුසලාන අංශයේ අවසන් මහ සටන පස්වරු 5.00ට ආරම්භ කෙරේ.
ඩී.එස්. සේනානායක සහ ලුම්බිණි අතර පළඟ ශූරතා අවසන් තරගය පස්වරු 4.00ට ආරම්භ කෙරෙන අතර, වෙස්ලි සහ තර්ස්ටන් විදුහල අතර බඳුන ශූරතා අවසන් තරගය පස්වරු 3.00ට ආරම්භ කෙරේ.

(ප්‍රභාත්)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවනු ලැබූ මයිලෝ අවුරුදු 14න් පහළ එක් පිලකට 10 දෙනා බැගින් සහභාගි වූ දෙවැනි කොටසේ පාසල් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල සමත් විය.
කුසලාන අංශයේ අවසන් තරගයේදී කොල්ලුපිටිය ශා. තෝමස් මූලික විදුහල ලකුණු 19-7කින් පරාජය කිරීමට එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම අවසන් සටනේදී එස්. ද එස්. ජයසිංහ ගෝල 2ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර, පරාජිත ශා. තෝමස් මූලික පාසල එක් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
එස්. ද එස්. ජයසිංහ ලකුණු 33-00 කින් කොළඹ අසෝක විදුහල පරදවමින් අවසන් මහා සටනට සුදුසුකම් ලබාගත් අතර, කොල්ලුපිටිය ශා. තෝමස් මූලික පාසල ලකුණු 29-07 කින් කටුගස්තොට රාහුල විදුහල පරදවමින් අවසන් මහා සටනට පිවිසුණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය එස්. ද එස්. ජයසිංහ විදුහ‍ලේ එස්.ඩී. කවිෂ්ක මධුෂාන් දිනා ගත්තේය.
රත්ගම දේවපතිරාජ සහ පේරාදෙණිය සරසවි උයන විදුහල අතර පැවැති පළඟ ශූරතා අවසන් සටනේදී ලකුණු 35-14ක ජයක් වාර්තා කළ රත්ගම දේවපතිරාජය පළඟ ශූරතාව දිනා ගත්තේය.
පළඟ ශූරතා අවසන් පූර්ව තරගවලදී රත්ගම දේවපතිරාජය ලකුණු 35-00කින් පානදුර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරමින්ද, පේරාදෙණිය සරසවි උයන විදුහල ලකුණු 17-14කින් මහරගම ජනාධිපති විදුහල පරාජය කරමින්ද අවසන් මහා සටනට පිවිසුණි.  

මෙම තරගාවලියේදී කුරුණෑගල ඩී.බි. වෙලගෙදර විදුහල ලකුණු 26-21කින් පරාජය කළ බුත්තල දුටුගැමුණු මහා විදුහල බඳුන ශූරතාව දිනා ගැනීමට සමත් විය.
අවසන් පූර්ව තරගවලදී බුත්තල දුටුගැමුණු මහා විදුහල ලකුණු 12-00කින් මහනුවර මහානාම විදුහල පරාජය කරමින්ද, කුරුණෑගල ඩී.බි. වෙලගෙදර විදුහල ලකුණු 31-00කින් විදුර විදුහල පරාජය කරමින්ද අවසන් මහා සටනට පිවිසුණි.
කොළඹ ඩඩ්ලි සේනානායක විදුහල ලකුණු 12-07කින් පරාජය කළ අනුරාධපුර ශා. ජෝශප් විදුහල පළිහ ශූරතාව දිනා ගත්තේය.

පළිහ ශූරතා අවසන් පූර්ව තරගවලදී අනුරාධපුර ශා. ජෝශප් විදුහල ලකුණු 34-00කින් මහානාම නවෝද්‍යා විදුහල පරාජය කරමින්ද, කොළඹ ඩඩ්ලි සේනානායක විදුහල ලකුණු 26-05කින් ශා. ලූකස් විදුහල පරාජය කරමින්ද අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.


ප්‍රභාත් විදානපතිරණ

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් වූ අතර, කාන්තා ශූරතාව සබරගමුව පළාත සතුවිය.

 කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව බස්නාහිර පළාතටද, තෙවැනි ස්ථානය සබරගමුව පළාතටද හිමිවිය.

කාන්තා තරගාවලියේ අනුශූරතාව දකුණු පළාතට හිමිවූ අතර, ඉතිහාසයේ පළමු වරට නිතරග ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ඌව පළාත වාසනාවන්ත විය.

මෙම තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාත නියෝජනය කළ තිළිණ වීරසිංහ සම්මාන ලැබූ අතර,සබරගමුව පළාත නියෝජනය කළ සංදිකා හේමකුමාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත අතර පැවැති පිරිමි අවසන් මහ තරගයේදී ලකුණු 28-7ක් ලෙස පහසු ජයක් සටහන් කර ගනිමින් රන් පදක්කමට හිමිකම් කියන්නට මධ්‍යම පළාත සමත් වීම කැපී පෙනුණි.

ජයග්‍රාහී මධ්‍යම පිල ගෝල් 4ක් මගින් ලකුණු ලබාගත් අතර, පරාජිත පි‍ලේ ලකුණු සංඛ්‍යාව එක් ගෝල් දිනුමක් ආශ්‍රිතව වාර්තා විය.

ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී සබරගමුව හමුවේ දකුණු පළාත ලකුණු 12-7ක් ලෙස පරාජය ලැබිය.
පිරිමි අවසන් පූර්ව වටයේදී බස්නාහිර හමුවේ සබරගමුව පළාත ලකුණු 24-5ක් ලෙසද, මධ්‍යම පළාත හමුවේ දකුණු පළාත ලකුණු 34-0ක් ලෙසද පරාජය ලැබිය.

සබරගමුව සහ දකුණ අතර පැවැති කාන්තා අවසන් මහ තරගයේදී ලකුණු 26-0ක් ලෙස පහසු ජයක් සටහන් කර ගනිමින් රන් පදක්කමට හිමිකම් කියන්නට සබරගමුව පළාත් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා අවසන් පූර්ව වටයේදී සබරගමුව හමුවේ ඌව පළාත ලකුණු 36-0ක් ලෙසද, බස්නාහිර පළාත හමුවේ දකුණු පළාත ලකුණු 10-5ක් ලෙසද පරාජය ලැබිය.

එහෙත් දෙවැනි අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය ලද බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩිකාවක් තම ස්ථිර පදිංචිය සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් දකුණු පළාතට ජයග්‍රහණය පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කළේය. ඒ අනුව පසුගිය වසරේ ශූරීන් වූ දකුණු පළාතට මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය.

හොකී අවසන් තරග අද

කාළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ කාන්තා හොකී තරගාවලියේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත අතර අවසන් මහ තරගය අද (14දා) පස්වරු 1.00ට කොළඹ  කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඊයේ පෙරවරුවේ පැවැති අවසන් පූර්ව තරගවලදී මධ්‍යම පළාත හමුවේ උතුරු පළාත ගෝල් 12-0 කින්ද, බස්නාහිර පළාත හමුවේ දකුණු පළාත ගෝල් 5-1 කින්ද පරාජය ලැබිය.

පිරිමි හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද පෙරවරු 6.00ට ආරම්භ කෙරෙන අතර, එහිදී පසුගිය වසරේ ශූරයන් වූ මධ්‍යම පළාත සහ වයඹ පළාතද,  බස්නාහිර සහ දකුණු පළාතද තරග බිමට පිවිසෙයි.

පිරිමි අවසන් මහා තරගය අද පස්වරු 3.00 ආරම්භ කෙරෙයි.
පිරිමි හොකී අර්ධ අවසන් පූර්ව වටයේදී මධ්‍යම පළාත හමුවේ ඌව පළාත ගෝල් 5-0ක් ලෙසද, වයඹ පළාත හමුවේ සබරගමුව ගෝල 5-0ක් ලෙසද, දකුණු පළාත හමුවේ නැගෙනහිර පළාත ගෝල් 6-0ක් ලෙසද, බස්නාහිර පළාත හමුවේ උතුරු පළාත ගෝල් 12-0ක් ලෙසද පරාජය ලැබිය.

සපුමල් වීදිය බණ්ඩාර

හොංකොංහි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු සත් සාමාජික පිරිමි රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට හොංකොං ලකුණු 19-12කින් පරාජය කළ ජපානය සමත් විය.
දෙවැනි ස්ථානය හොංකොංටද, තෙවැනි ස්ථානය දකුණු කොරියාවටද සිව්වැනි ස්ථානය චීනයටද හිමි විය.
මෙම තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයේදී පිලිපීනය ලකුණු 32-19කින් පරාජය කළ ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනා ගත්තේය.
පළඟ ශූරතා අවසන් තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 12-10ක් ලෙස පසුපසින් පසුවූ ශ්‍රී ලංකාව දෙවැනි භාගයේදී පිට පිටම උත්සාහක දිනුම් 3ක් සහ එක් ගෝලයක් වාර්තා කරමින් ලකුණු 32-19ක ජයක් වාර්තා කළේය.
ශ්‍රී ලංකාව මෙම තරගයේදී එක් ගෝලයක් සහ උත්සාහක දිනුම් 5ක් මගින් ලකුණු රැස් කරගත් අතර, පිලිපීනය ගෝල 2ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් ලකුණු වාර්තා කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නවීන් හේනකංකානම්ගේ උත්සාහක දිනුම් 3ක් වාර්තා කළ අතර, බුද්ධිම නානායක්කාර, කෙවීන් ඩික්සන් සහ සුදර්ශන මුතුතන්ත්‍රී එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. 
සමිත් පිටවලලියනගේ එක් ප්‍රවර්ථනයක් සාර්ථක කර ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ ‘බි’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේදී ජපානය හමුවේ ලකුණු 33-5කින්ද, දකුණු කොරියාව හමුවේ ලකුණු 24-14කින්ද පරාජය ලැබූ අතර, චීන තායිපේට එරෙහිව ලකුණු 52-7ක පහසු ජයක් වාර්තා කරමින් කුසලාන අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
කුසලාන අංශයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනය හමුවේ ලකුණු 36-12ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව පළඟ ශූරතා අංශයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එහිදී මලයාසියාව ලකුණු 45-0කින් පරාජය කරමින් පළඟ ශූරතා අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගත්තේය.
පළඟ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට පත්වූ අතර, පිලිපීනය, මලයාසියාව සහ චීන තායිපේ 6, 7 සහ 8 වැනි ස්ථානයන්ට පත් විය.
ආසියානු ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සැප්තැම්බර් 23 සහ 24 දිනයන්හි දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර, තෙවැනි අදියර ඔක්තෝබර් 14 සහ 15දා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය මෙහෙය වූ අන්තර් පාසල් අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
කොළඹ තුරඟ තරග පිටියේදී පසුගිය 7 සහ 8 දිනවලදී පැවැති මෙම තරගාවලියේ කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ශා. ජෝශප් ලකුණු 22-12කින් පරාජය කිරීමට ත්‍රිත්ව සමත් විය.
ඩී.එස්. සේනානායක ලකුණු 22-5කින් පරාජය කරමින් ත්‍රිත්ව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 22-17කින් පරදවමින් ශා. ජෝශප් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිය.
කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ත්‍රිත්ව විදුහ‍ලේ වොරන් වීරකෝන් සම්මාන ලැබිය.
මෙම තරගාවලියේ පළඟ ශූරතාව සඳහා පැවැති අවසන් මහා තරගයෙන් රාජකීය ලකුණු 22-14කින් පරාජය කළ කටුගස්තොට ශා. අන්තෝනි පළඟ ශූරතාව දිනා ගත්තේය.
පිළියන්දල මැදි විදුහල ලකුණු 45-0කින් පරාජය කරමින් ශා. අන්තෝනි අවසන් තරගයට පිවිසි අතර, වෙස්ලි ලකුණු 
21-19කින් පරාජය කරමින් රාජකීය අවසන් මහා සටනට පිවිසුණි.
ලුම්බිණි විදුහල ලකුණු 27-10කින් පරාජය කළ විද්‍යාර්ථ විදුහල බඳුන ශූරතාව දිනාගත් අතර, ඇහැලියගොඩ මැදි විදුහල ලකුණු 26-0කින් පරාජය කළ රිච්මන්ඩ් විදුහල පළිහ ශූරතාව දිනා ගත්තේය.
මෙම තරගාවලිය සඳහා මහනුවර කිංග්ස්වුඩ්, ධර්මරාජ, මොරටුව වේල්ස්කුමර, කොළඹ ලලිත් ඇතුළත්මුදලි යන විදුහල් සහභාගි නොවූ අතර, මේ දිනවල පැවැත්වෙන අ‍පොස උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබූ බව වාර්තා විය.
 
මංගල ධර්මප්‍රේම 

Page 2 of 5

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4642

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4252

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7379

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4647

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2976

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3784

Please publish modules in offcanvas position.

Web Analytics