Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආසියානු ශූරතා රග්බි තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (17දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව මලයාසියාවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් පිලිපීනයට එරෙහිව ලකුණු 24-13ක ජයක් වාර්තා කළේය.
මෙම තරගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ තිළිණ විජේසිංහ දඬුවම් පහර 4ක් සහ ප්‍රවර්ථනයක් මගින් ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.
මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු වරට ශ්‍රී ලංකා පිලට එක්වූ තිළිණ විජේසිංහට අද තරගයේදීද වැඩි වගකීමක් පැවරී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා නායක රොෂාන් වීරරත්න පවසා ඇත්තේ පළමු තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තිළිණ විජේසිංහගෙන් සිදුවූ සේවය විශිෂ්ට බවයි.
‘පළමු තරගයේදී තිළිණ හොඳින් ක්‍රීඩා කළා. එය අපේ ජයග්‍රහණයට විශාල රුකුලක් වුණා. අද තරගයේදීත් ඔහුගෙන් එම දස්කම් බලා‍පොරොත්තු වෙනවා’ යැයි රොෂාන් වීරරත්න පවසා තිබේ. 
පිලිපීන තරගයේදී පූර්ණ දස්කම් මතු නොවූ බව පවසන රොෂාන් අද පළමු තරගයට වඩා හොඳින් ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසය පළ කරයි.
මේ අතර මලයාසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැති තරගයෙන් ලකුණු 36-22ක ජයක් වාර්තා කිරීමට මලයාසියාව සමත් විය.
ෆීජියානු ක්‍රීඩකයන් 7 දෙනෙකු ක්‍රීඩා කරන මලයාසියාවට එරෙහිව තරගය පරාජය වුවත් එමීර් ක්‍රීඩකයන් ලකුණු 22ක් රැස් කිරීම කාගේත් කතාබහට ලක්වී ඇති බව වාර්තාවේ.
මේ අනුව අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ලවනු ඇතැයි පැවසේ. 
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක රොෂාන් වීරරත්න පවසන්නේ එක්සත් අරාබි එමීර් අභියෝගයට ශ්‍රී ලංකාව සූදානමින් පසුවන බවයි. 
මෙම තරගයෙන් ප්‍රසාද ලකුණද සමග ජයගත් මලයාසියාව ලකුණු 5ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, පිලිපීනය පරාජය කළ ශ්‍රී ලංකාව ලකුණු 4ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.
මේ වන විට ඉ‍පෝ නගරයට සවස් කාලයේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණ තෙතබරිත ස්වභාවයක් උසුලන බවද වාර්තා වේ.
මෙම තරගාවලියේ ගියවර අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, මෙවර ශූරතාව දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම මලයාසියාවද පරාජය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.
ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර තීරණාත්මක තරගය ලබන 20දා පැවැත්වීමට නියමිතව තිබේ.{jcomments on}
 

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන තරග යටතේ පැවැති තරගවලින් ජයගත් මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය ලකුණු සටහනේ පෙරට පැමිණීමට සමත්විය.
මේ අනුව කුසලාන දිනා ගැනීමට ඉසිපතන සහ වෙස්ලි තබා තිබූ බලා‍පොරොත්තු බිඳ වැටුණු අතර ත්‍රිත්ව-රාජකීය බ්‍රැඩ්බි පලිහ පළමු අදියරේ ජය ගන්නා කණ්ඩායමට මෙවර ලීග් ශූරතාව හිමිවේ.
පසුගිය සති අන්තයේ පැවැති ත්‍රිත්ව සහ ඉසිපතන අතර තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 15-10 ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව සමත්විය.
පළමු භාගය අවසන් වන විට ලකුණු 12-05 ක් ලෙස ත්‍රිත්ව පෙරමුණේ පසුවුවද දෙවැනි භාගයේදී ඉසිපතනයෙන් තියුණු තර්ජනයක් එල්ලවිය.
එහෙත් අවසානයේ සියලු අභියෝග පරදවමින් ඉසිපතන පරාජය කිරීමට ත්‍රිත්ව සමත්විය.
ත්‍රිත්ව වෙනුවෙන් අවීශ ප්‍රියංකර සහ රශේන් බණ්ඩාරනායක උත්සාහ දිනුම් වාර්තා කළ අතර ලෂාන් විජේසූරිය ප්‍රවර්තනයක් සහ දඬුවම් පහරක් සාර්ථකව නිම කළේය.
පරාජිත ඉසිපතන වෙනුවෙන් චමෝද් ප්‍රනාන්දු සහ හරිත් බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කළේය.
මේ අතර තියුණු සටනක් අපේක්ෂා කළ රාජකීය-වෙස්ලි තරගය ලකුණු 35-19 ක් ලෙස ජය ගැනීමට රාජකීය සමත්විය.
පළමු භාගයේදී තියුණු සටනක් පැවතියද දෙවැනි භාගයේදී සිය අණසක පැතිරවීමට රාජකීය ක්‍රීඩකයෝ සමත්වූහ. පළමු භාගයේදී වෙස්ලි ලකුණු 9-7 ක් ලෙස පෙරමුණේ පසුවිය.
රාජකීය වෙනුවෙන් හම්සා රීසා (2), ජනිඳු ඩිල්ෂාන්, ඉඳුවර කරුණාරත්න, නිකිල් ද සිල්වා උත්සාහක දිනුම් වාර්තා කළ අතර 
ෂරික් නවුෆර් ප්‍රවර්තන 5 ක් සාර්ථකව නිම කළේය.
පරාජිත වෙස්ලි වෙනුවෙන් අසංග හර්ෂණ සහ දයාන් සබා උත්සාහක දිනුම් වාර්තා කළ අතර අවිශ්ක ලී දඬුවම් පහර 3 ක් සාර්ථකව නිම කළේය.
ශා. ජෝසප් සහ ශා. තෝමස් අතර හැව්ලොක් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 26-12 ක ජයක් වාර්තා කිරීමට ශා.ජෝසප් සමත් විය.
පළමු භාගයේදී ශා. ජෝසප් ලකුණු 26-7 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ශා.ජෝසප් වෙනුවෙන් සචින් සිල්වා (2) ගිහාන් පෙරේරා, චතුර සෙනවිරත්න උත්සාහක දිනුම් වාර්තා කළ අතර සචින් සිල්වා ප්‍රවර්තන 3 ක් නිම කළේය.
ශා. තෝමස් වෙනුවෙන් ෂරින් නානායක්කාර සහ ක්‍රිස්ටියන් ලීල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඩියොන් ඩයස් ප්‍රවර්තනයක් නිම කළේය.
ශා. පීතර සහ සහිරා අතර තරගයෙන් ලකුණු 43-16 ක ජයක් වාර්තා කිරීමට ශා.පීතර සමත්විය.
පළමු භාගය අවසානයේ ශා. පීතර ලකුණු 12-09 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ශා. පීතර වෙනුවෙන් රවීන් ප්‍රනාන්දු (2) ෆියාස් අබ්දුල්ලා, දියත් ප්‍රනාන්දු, එම්. ඉර්ෂාඩ්, ආශා මෙන්ඩිස් සහ තීක්ෂණ හේෂාන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර සුහේල් ප්‍රනාන්දු ප්‍රවර්තන 3 ක්ද, දියත් ප්‍රනාන්දු එක් ප්‍රවර්තනයක්ද නිම කළේය.
සහිරා වෙනුවෙන් මොහොමඩ් අම්ජාඩ් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර සේඩ් සිංහවංශ ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 3 ක් සාර්ථකව නිම කළේය.
 
මංගල ධර්මප්‍රේම{jcomments on}

ආසියානු ශූරතා රග්බි තරගාවලිය සඳහා රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර ලීග් ශූරයන් වූ මහනුවර ක්‍රීඩා සමාජයෙන් 9 දෙනකු සංචිතයට නම් කර තිබේ.
මෙම තරගාවලිය ලබන 14 දා සිට 20 දා දක්වා මලයාසියාවේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පිල ලබන 11 දා ලක්බිමෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.
මෙම සංචිතයට මෙවර ලීග් අනුශූර හැව්ලොක්ස් ක්‍රීඩකයන් 7 දෙනෙකුද, නාවික හමුදාවෙන් ක්‍රීඩකයන් 5 දෙනෙකුද ඇතුළත් තර තිබේ.
මෙවර තරගාවලියේ නවක ක්‍රීඩකයන් 8 දෙනකු 15 දෙනාගේ කණ්ඩායමේ ශ්‍රී ලංකා වර්ණ දිනා ගැනීමට සමත්වී තිබිම කැපී පෙනෙයි.
මේ අනුව තරික් සාලි, අශාන් ඩාලින්, නිෂෝන් පෙරේරා, උමේෂ් මධුෂාන්, ජෙයෙල් පෙරේරා, තිලිණ විජේසිංහ සමග ධර්මපාල සොයුරන් වන රිචඩ් ධර්මපාල සහ රිචී ධර්මපාල පළමු වරට ශ්‍රී ලංකා 15 දෙනාගේ රග්බි සංචිතයට තේරී තිබේ.
ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීම නිවේදනය කර ඇති හිටපු නායක ෆාසිල් මරීජා අවසන් වරට මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ෆීජියානු ජාතික ෆෙරෙටි වෙරෙබුලා කටයුතු කරන අතර සහය පුහුණුකරු ලෙස රජීව් පෙරේරාද, කළමනාකරු ලෙස රොහාන් චින්තකද කටයුතු කරයි.
 
ශ්‍රී ලංකා සංචිතය
රොෂාන් වීරරත්න (නායක), ෆසිල් මරීජා, ධනුෂ්ක රංජන්, ලවංග පෙරේරා, රිචඩ් ධර්මපාල, ජේසන් දිසානායක, තිලිණ විජේසිංහ, ගනුක දිසානායක, සයුරු ඇන්තනි (මහනුවර) දුෂ්මන්ත ප්‍රියදර්ශන, ෂාරෝ ප්‍රනාන්දු, ප්‍රසාද් මධුසංක, උමේෂ් මධුෂාන්, අශාන් ඩාලින්, නිෂෝන් පෙරේරා, නිරෝෂන් ප්‍රනාන්දු (හැව්ලොක්ස්) සජිත් සාරංග, සත්‍ය රණතුංග, චානක චන්දිමාල්, ලී කීගල්, රිචී ධර්මපාල (නාවික හමුදාව) ඔමල්ක ගුණරත්න, තරික් සාලි (සී.ආර්.) අශෝක ජයලාල් (යුද හමුදාව) ජොයෙල් පෙරේරා (‍පොලීසිය) ෆෙරෙටි වෙරෙබුලා (පුහුණුකරු), රජීව් පෙරේරා (සහය පුහුණුකරු) රොහාන් චින්තක (කළමනාකරු)
 
මංගල ධර්මප්‍රේම

Page 7 of 7

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1761

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1037

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3108

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4181

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7181

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6326

Please publish modules in offcanvas position.