Coss Ear2
lakbima.lk
COSS Ear 1

ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග අද (21දා) කොළඹ සහ මහනුවරදී පැවැත්වේ.
ගියවර ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. අතර තරගය අද ප.ව. 4.00ට පල්ලෙකැ‍ලේදී පැවැත්වේ.
හැව්ලොක්ස් සහ ලීග් අනුශූර නාවික හමුදාව අතර තරගය අද ප.ව. 4.00ට තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
පසුගිය සති අන්තයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේද යුද හමුදාව ලකුණු 39-20කින් පරාජය කිරීමට හැව්ලොක්ස් සමත් විය.
‍පොලීසි ලකුණු 36-28කින් පරාජය කරමින් නාවික හමුදාව අවසන් පූර්ව තරගයට පිවිසුණි. 
මේ අනුව අද පැවැත්වෙන නාවික හමුදා-හැව්ලොක්ස් තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලීග් තරගාවලියේදී හැව්ලොක්ස් අභිභවා යාමට නාවික හමුදාව සමත් වූ අතර, යළිත් සිය බලය පෙන්වීමට හැව්ලොක්ස්ට අවස්ථාවක් හිමිවී තිබේ.
පසුගිය සති අන්තයේදී ගුවන් හමුදාව ලකුණු 53-14කින් පහසුවෙන් පරාජය කළ මහනුවර අවසන් පූර්ව තරගයට පිවිසුණි.
ලීග් තරගාවලියේදී සී.එච්. වෙතින් පරාජය වූ සී.ආර්. පසුගිය සති අන්තයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ලකුණු 46-29කින් සී.එච්. පරාජය කරමින් අවසන් පූර්ව තරගයට පිවිසුණි.
ලීග් තරගාවලියේදී මහනුවර වෙතින් දරුණු පරාජයක් ලැබූ සී.ආර්. පසුගිය සති අන්තයේ  දැක්වූ දස්කම් මත මහනුවරට සටනක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
සී.එච්. තරගයේදී සී.ආර්. පි‍ලේ ඔමල්ක ගුණරත්න විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ අතර, පෙර පෙළ ක්‍රීඩකයන්ද විශිෂ්ට දස්කම් දැක්වීය.
මහනුවර ක්‍රීඩා සමාජය මහනුවරදී පරාජය කිරීම ඉතා අසීරු කටයුත්තක් වන නමුත් තියුණු සටනක් ලබා දීමට සී.ආර්. සූදානමින් පසුවෙයි. 
 
 අවසන් පූර්ව තරග සටහන 
21දා - මහනුවර සහ සී.ආර්. අතර පල්ලෙකැ‍ලේදී
     - හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර තුරග තරග පිටියේදී
 
මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති නාවික හමුදාව සහ මහනුවර අතර තරගයෙන් ලකුණු 41-17ක ජයක් වාර්තා කළ මහනුවර තරග 2ක් ඉතිරිව තිබියදී ලීග් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තරග 12ක් ජයගෙන අපරාජිතව සිටින මහනුවර මේ වන විට ප්‍රසාද ලකුණු 70ක් හිමිකරගෙන සිටින බැවින් ඉතිරි තරග දෙකම පරාජය වුවද ලකුණු 48ක් ලබා දෙවැනි ස්ථානයේ සිටින හැව්ලොක්ස්ට ඔවුන් අභිබවා යාමට නොහැකි වෙයි.

මහනුවර-නාවික හමුදාව
මහනුවර සහ නාවික හමුදාව අතර වැලිසරදී පැවැති තරගයෙන් ලකුණු 41-17ක ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
මහනුවර වෙනුවෙන් රිචඩ් ධර්මපාල, ලවංග පෙරේරා, බුවනෙක උඩන්ගමුව, ජේසන් දිසානායක සහ දිමිත්‍ර විජේතුංග උත්සාහක දිනුම් වාර්තා කළ අතර, නයිජල් රත්වත්ත ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
නාවික හමුදාව වෙනුවෙන් මොහොමඩ් අබ්සාල් සහ දුලංජන විජේසිංහ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ වීරසිංහ ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.

සී.ආර්.-හැව්ලොක්ස්
හැව්ලොක් පිටියේ පැවැති සී.ආර්. - හැව්ලොක්ස් තරගයෙන් ලකුණු 30-22ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.
සී.ආර්. වෙනුවෙන් කෝකිල හිරාන්, නලීන් කුමාර, චමෝද් ප්‍රනාන්දු සහ රීසා රිෆයිඩීන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තරින්ද රත්වත්ත ප්‍රවර්ථන දෙකක් සහ දඬුවම් පහර දෙකක් මගින් ලකුණු ලබා ගත්තේ.
හැව්ලොක්ස් වෙනුවෙන් දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, රීසා මුබාරක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 5ක් මගින් ලකුණු ලබා ගත්තේය.

සී.එච්.-යුද හමුදාව
සී,එච්. සහ යුද හමුදාව අතර තරගයෙන් ලකුණු 30-28ක ජයක් වාර්තා කිරීමට සී.එච්. සමත් විය.
සී.එච්. වෙනුවෙන් කාංචන ලක්ෂිත, යෝෂිත රාජපක්ෂ, ලී කීගල් සහ අනුරුද්ධ හේරත් උත්සාහක දිනුම් වාර්තා කළ අතර, සැමුවෙල් මධුවන්ත ප්‍රවර්ථන දෙකක් සහ දඬුවම් පහර දෙකක් මගින් ලකුණු ලබා ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් මනෝජ් බණ්ඩාර, සුධාරක දික්කුඹුර, සුගත් නානායක්කාර සහ අශාන් බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ගයාන් සාලින්ද එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.

‍පොලිසිය-ගුවන් හමුදාව
‍පොලිසිය සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 18-12ක ජයක් වාර්තා කිරීමට ‍පොලිසිය සමත් විය.
‍පොලිසිය වෙනුවෙන් සුරංග කසුන් සහ වජිත් ෆවුමි උත්සාහක දිනුම් වාර්තා කළ අතර, සංදේශ් ජයවික්‍රම ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
ගුවන් මුදාව වෙනුවෙන් රමේෂ් රාම්දාස් සහ නුවන් පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර, චරිත් සෙනෙවිරත්න එක් ප්‍රවර්ථනයක් නිම කළේය.

මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී තරග 4ක් පැවැත්වෙන අතර, මහනුවර සහ සී.ආර්. අතර තරගය හෙට (13දා) නිත්තවෙලදී පැවැත්වේ.
අද (12දා) සී.එච්. සහ ගුවන් හමුදාව අතර තරගය තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, හැව්ලොක්ස් සහ යුද හමුදාව අතර තරගය හෙට හැව්ලොක් පිටියේදී පැවැත්වේ.
නාවික හමුදාව සහ ‍පොලිසිය අතර තරගය හෙට පස්වරු 4.00ට ‍පොලිස් පිටියේදී ආරම්භ වෙයි.

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ 9 වැනි සති අන්තය අවසන් වන විට ලකුණු සටහනේ දෙවැනි තැන දිනා ගැනීමට හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර තියුණු සටනක් නිර්මාණය වී තිබේ.
මේ වන විට දෙපිලම තරග 6 බැගින් ජයගෙන ඇති අතර, ප්‍රසාද ලකුණුද සමගින් හැව්ලොක්ස් ලකුණු 36ක්ද නාවික හමුදාව ලකුණු 34ක්ද ලබා සිටියි.
පසුගිය සති අන්තයේදී සී.එච්. වෙතින් අනපේක්ෂිත පරාජයක් ලැබූ හැව්ලොක්ස් පි‍ලේ කුසලාන දිනා ගැනීමේ බලා‍පොරොත්තු සුන්වන ලකුණු පහළ වී තිබේ.
නාවික හමුදාව පසුගිය සති අන්තයේදී යුද හමුදාව පරාජය කරමින් තෙවැනි තැන දක්වා පැමිණ හැව්ලොක්ස්ට තියුණු අභියෝගයක් එල්ල කරමින් සිටියි.
තරග 9ම ජය ගනිමින් අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින මහනුවර දෙවැනි ස්ථානයට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් සිටිමින් මෙවරද ලීග් ශූරතාව දිනා ගන්නා ලකුණු පහළ වී තිබේ.
තරග 5ක් ජයගත් සී.ආර්. සිව්වැනි ස්ථානයේ පසුවන අතර, තරග 4ක් ජයගත් සී.එච්. පස්වැනි ස්ථානයේ පසුවෙයි.
 
මංගල ධර්මප්‍රේම 
 

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ තවත් පෙරළිියක් සිදුකළ සී.එච්. ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි හැව්ලොක්ස් ලකුණු 27-25 කින් හැව්ලොක් පිටියේදීම පරාජය කිරීමට සමත් විය.
පළමු භාගයේදී හැව්ලොක්ස් ලකුණු 25-13 ක් ලෙස පෙරමුණ ගෙන සිටියද දෙවැනි භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවෙමින් තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. සමත් විය.
සී.එච්. ගෝල 3 ක් දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත් අතර හැව්ලොක්ස් ගෝල 2ක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
මෙම පරාජයත් සමගම හැව්ලොක්ස් පි‍ලේ මෙවර ශූරතාව දිනා ගැනීමේ බලා‍පොරොත්තු සුන්වන ලකුණු පහලවී තිබේ.
සී.එච්. වෙනුවෙන් ඉරංග ආරියපාල (2) සහ ලී කීගල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත ප්‍රවර්තන 3 ක් දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් හිරන්ත පෙරේරා, ලසිඳු ඉෂාන් සහ ෂෙහාන් ඩයස් උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා මුබාරක් ප්‍රවර්තන 2 ක් සහ දඬුවම් පහර 2 ක් සාර්ථකව නිම කළේය.
 
සී.ආර්.-‍පොලීසිය
සී.ආර්. සහ ‍පොලීසිය අතර තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 33-31 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.
පළමු භාගය අවසන් වන විට සී.ආර්. ලකුණු 26-10 ක් ලෙස පෙරමුණ ගෙන සිටියද දෙවැනි භාගයේදී විශිෂ්ට සටනක් දුන් ‍පොලිස් ක්‍රීඩකයෝ අවසානයේ ලකුණු 2 ක පරතරයකින් පරාජය විය.
සී.ආර්. වෙනුවෙන් ඔමල්ක ගුණරත්න (2) ගයාන් ජයසේකර, රීසා රිෆයිඩීන් සහ කවිඳු පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරින්ද රත්වත්ත ප්‍රවර්තන 4 ක් සාර්ථකව නිම කළේය.
‍පොලීසිය වෙනුවෙන් වජීඩ් ෆවුමි, ඉරෝෂ් සිල්වා සහ සංදේශ් ජයවික්‍රම උත්සාහක දිනුම් වාර්තා කළ අතර දඬුවම් උත්සාහක දිනුමක්ද හිමිවිය. සංදේශ් ජයවික්‍රම ප්‍රවර්තන 4 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
මහනුවර-ගුවන් හමුදාව
මහනුවර සහ ගුවන් හමුදාව අතර රත්මලානේ පැවැති තරගයෙන් උත්සාහක දිනුම් 10 ක් සමගින් ලකුණු 64-12 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තව දුරටත් අපරාජිත වාර්තාව රැක ගැනීමට මහනුවර සමත් විය.
මහනුවර ගෝල 7ක් සහ උත්සාහක දිනුම් 3ක් මගින් ලකුණු රැස් කළ අතර ගුවන් හමුදාව ගෝලයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
මහනුවර වෙනුවෙන් දනූෂ දයාන් (2) බුවනෙක උඩංගමුව, ධනුෂ්ක රංජන්, ෂෙහාන් පතිරණ, අනුරුද්ධ විල්වර, යකුබ් අලී, තරිඳු චතුරංග, නයිජල් රත්වත්ත සහ උචිත ජයසූරිය උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිලිණ විජේසිංහ ප්‍රවර්තන 7 ක් සාර්ථකව නිම කළේය.
ගුවන් හමුදාව වෙනුවෙන් ඉෂාර මධුෂාන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර දඬුවම් උත්සාහක දිනුමක්ද හිමිවිය.
 
මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ පළමු සති අන්තය අවසන් වන විට අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගියවර ශූර මහනුවර සමත් වී සිටියි.
පසුගිය සති අන්තයේ නිත්තවෙලදී පැවැති ‍පොලීසියට එරෙහි තරගයේදී උත්සාහක දිනුම් 9ක් සමගින් ලකුණු 61-20ක ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
මෙම තරගයේදී මහනුවර නායක ගයාන් වීරරත්න සහ ගියවර නායකයා වූ රොෂාන් වීරරත්න විවේක ගන්වා තිබුණි.
මේ අතර පළමු වටය අවසානයේ ලකුණු සටහනේ සිව්වැනි තැන රැඳී සිටි නාවික හමුදාව ලකුණු 27-24කින් සී.එච්. පරදවමින් ලකුණු සටහනේ තෙවැනි තැනට පත්වීමට සමත් විය. 
තෙවැනි වටය අවසානයේ ලකුණු සටහනේ තෙවැනි තැන සිටි යුද හමුදාව ලකුණු 24-17කින් සී.ආර්.ට පරාජය වීමෙන් සිව්වැනි ස්ථානය දක්වා පහත වැටුණි. 
පළමු වටය අවසානයේ 6 වැනි ස්ථානයේ සිටි සී.ආර්. මෙම සති අන්තයේදී 5 වැනි තැන දක්වා ඉහළට පැමිණි අතර, සී.එච්. 6 වැනි තැන දක්වා පහළට වැටුණි.
තරග 8න් 6ක් ජයගත් හැව්ලොක්ස් ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටියි.
මෙම සති අන්තයේදී තවත් තීරණාත්මක තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබේ.
 
මංගල ධර්මප්‍රේම

Page 1 of 7

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 430

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 806

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 717

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 574

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5211

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3435

Please publish modules in offcanvas position.