Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ පිරිමි රග්බි ශූරතාව මධ්‍යමට

ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් වූ අතර, කාන්තා ශූරතාව සබරගමුව පළාත සතුවිය.

 කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව බස්නාහිර පළාතටද, තෙවැනි ස්ථානය සබරගමුව පළාතටද හිමිවිය.

කාන්තා තරගාවලියේ අනුශූරතාව දකුණු පළාතට හිමිවූ අතර, ඉතිහාසයේ පළමු වරට නිතරග ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට ඌව පළාත වාසනාවන්ත විය.

මෙම තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාත නියෝජනය කළ තිළිණ වීරසිංහ සම්මාන ලැබූ අතර,සබරගමුව පළාත නියෝජනය කළ සංදිකා හේමකුමාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත අතර පැවැති පිරිමි අවසන් මහ තරගයේදී ලකුණු 28-7ක් ලෙස පහසු ජයක් සටහන් කර ගනිමින් රන් පදක්කමට හිමිකම් කියන්නට මධ්‍යම පළාත සමත් වීම කැපී පෙනුණි.

ජයග්‍රාහී මධ්‍යම පිල ගෝල් 4ක් මගින් ලකුණු ලබාගත් අතර, පරාජිත පි‍ලේ ලකුණු සංඛ්‍යාව එක් ගෝල් දිනුමක් ආශ්‍රිතව වාර්තා විය.

ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී සබරගමුව හමුවේ දකුණු පළාත ලකුණු 12-7ක් ලෙස පරාජය ලැබිය.
පිරිමි අවසන් පූර්ව වටයේදී බස්නාහිර හමුවේ සබරගමුව පළාත ලකුණු 24-5ක් ලෙසද, මධ්‍යම පළාත හමුවේ දකුණු පළාත ලකුණු 34-0ක් ලෙසද පරාජය ලැබිය.

සබරගමුව සහ දකුණ අතර පැවැති කාන්තා අවසන් මහ තරගයේදී ලකුණු 26-0ක් ලෙස පහසු ජයක් සටහන් කර ගනිමින් රන් පදක්කමට හිමිකම් කියන්නට සබරගමුව පළාත් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාන්තා අවසන් පූර්ව වටයේදී සබරගමුව හමුවේ ඌව පළාත ලකුණු 36-0ක් ලෙසද, බස්නාහිර පළාත හමුවේ දකුණු පළාත ලකුණු 10-5ක් ලෙසද පරාජය ලැබිය.

එහෙත් දෙවැනි අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය ලද බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩිකාවක් තම ස්ථිර පදිංචිය සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් දකුණු පළාතට ජයග්‍රහණය පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කළේය. ඒ අනුව පසුගිය වසරේ ශූරීන් වූ දකුණු පළාතට මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවිය.

හොකී අවසන් තරග අද

කාළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ කාන්තා හොකී තරගාවලියේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත අතර අවසන් මහ තරගය අද (14දා) පස්වරු 1.00ට කොළඹ  කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඊයේ පෙරවරුවේ පැවැති අවසන් පූර්ව තරගවලදී මධ්‍යම පළාත හමුවේ උතුරු පළාත ගෝල් 12-0 කින්ද, බස්නාහිර පළාත හමුවේ දකුණු පළාත ගෝල් 5-1 කින්ද පරාජය ලැබිය.

පිරිමි හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද පෙරවරු 6.00ට ආරම්භ කෙරෙන අතර, එහිදී පසුගිය වසරේ ශූරයන් වූ මධ්‍යම පළාත සහ වයඹ පළාතද,  බස්නාහිර සහ දකුණු පළාතද තරග බිමට පිවිසෙයි.

පිරිමි අවසන් මහා තරගය අද පස්වරු 3.00 ආරම්භ කෙරෙයි.
පිරිමි හොකී අර්ධ අවසන් පූර්ව වටයේදී මධ්‍යම පළාත හමුවේ ඌව පළාත ගෝල් 5-0ක් ලෙසද, වයඹ පළාත හමුවේ සබරගමුව ගෝල 5-0ක් ලෙසද, දකුණු පළාත හමුවේ නැගෙනහිර පළාත ගෝල් 6-0ක් ලෙසද, බස්නාහිර පළාත හමුවේ උතුරු පළාත ගෝල් 12-0ක් ලෙසද පරාජය ලැබිය.

සපුමල් වීදිය බණ්ඩාර

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 38

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 186

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6920

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4538

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6715

Please publish modules in offcanvas position.

X

Right Click

No right click