Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවු. 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල හොංකොං යයි

හොංකොංහිදී පැවැත්වෙන අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා 12 දෙනකුගෙන් යුත් ලංකා පිල ඊයේ රාත්‍රියේ ලක්බිමෙන් පිටත්ව ගියේය.
කොළඹ ශා. තෝමස් විදුහ‍ලේ නවීන් හීනකංකානම්ගේ ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය දරන අතර, ගල්කිස්ස විද්‍යා විදුහ‍ලේ සුපුන්  ඩිල්ෂාන් උප නායකයා ලෙස කටයුතු කරයි.
හිටපු යොවුන් සත් සාමාජික රග්බි ශූරයන් වන ශ්‍රී ලංකාව මෙවරද සිය කුසලාන රැක ගැනීමේ අරමුණින් තරගාවලියට එක්වී සිටියි.
අගෝස්තු 4 සහ 5 දිනයන්හිදී හොංකොංහි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 10ක් එක්වී සිටින අතර, ‘ඒ’ සහ ‘බි’ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ.
‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, මලයාසියාව, චීන තායිපේ, පිලිපීනය සහ චීනය තරග වදින අතර, ‘බි’ කාණ්ඩය යටතේ කොංකොං, තායිලන්තය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ උස්බෙකිස්තානය තරග වදියි.
ශ්‍රී ලංකාවේ පළමු තරගය ලබන 4දා පිලිපීනයට එරෙහිව පැවැත්වෙන අතර, එදිනම චීනය සහ මලයාසියාව සමගද තරග බිමට පවිසෙයි.
ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර තරගය 5දා පවැත්වෙන අතර, එදිනම අවසන් තරග පැවැත්වේ.
ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු ලෙස සුදත් සම්පත් මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා අවු. 20න් පහළ රග්බි කණ්ඩායම

නවීන් හීනකංකානම්ගේ (නායක - ශා. තෝමස්), සුපුන් ඩිල්ෂාන් (උප නායක-විද්‍යා විදුහල/නාවික), රනිඳු පද්මසංඛ (ඉසිපතන), චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන), අදීෂ වීරතුංග (ඉසිපතන/නාවික), වජිඩ් ෆවුම් (සහිරා/‍පොලීසිය), සංදේශ් ජයවික්‍රම (ශා. පීතර/‍පොලීසිය), තීක්ෂණ දසනායක (ශා. පීතර), සුරංග බණ්ඩාර (‍පොලීසිය), ලහිරු හේරත් (කන්නනංගර/නාවික), අවිශ්ක ලී (වෙස්ලි), දිනුක් අමරසිංහ (ශා. අන්තෝනි)

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4588

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6218

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click