Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආසියානු රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් නොවැම්බර් 29 සහ 30දා ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු කුසලාන අවුරුදු 17න් පහළ බාලිකා රග්බි තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
බොරැල්ල සීවලී මහා විදුහ‍ලේ ටී.ජී. උමයංගනා තත්සරණි මෙවර ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වරම් දිනාගෙන ඇති අතර, මහියංගණය ඔරුබැඳිවැව ද්විතීයික විද්‍යාලයේ සචිනි භාග්‍යා වීරක්කොඩි උප නායිකාව ලෙස නම්කර තිබේ.
ශ්‍රී ලංකා පි‍ලේ කළමනාකරු ලෙස මංගල උඩවත්ත මහතා කටයුතු කරන අතර, සුදත් සම්පත් මහතා පුහුණුකරු ලෙසද, උසස් කුසලතා අධ්‍යක්ෂ ලෙස ඉම්ටි මරික්කාර් මහතාද කටයුතු කරයි.
කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහා විදුහ‍ලේ කේ.එච්.ඒ. සාගරිකා කුලතුංග මහත්මිය කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස නම්කර ඇති අතර, සමන්තා ගුණරත්න මහත්මිය භෞත චිකිත්සක ලෙස තරගාවලියට එක්වෙයි.
ශ්‍රී ලංකා පිල ලබන 26දා ඩුබායි බලා පිටත්ව යයි.
ශ්‍රී ලංකා අවු. 17න් පහළ කාන්තා රග්බි පිල
ටී.ජී. උමයංගනා තත්සරණි (නායිකාව - බොරැල්ල සීවලී මහා විදුහල), සචිනි භාග්‍යා වීරක්කොඩි (උප නායිකාව - මහියංගණය ඔරුබැඳිවැව ද්විතීයික පාසල), එස්.ඒ.යූ. සචින්ති (අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහල), පී.ඩී.එන්.එස්.  දිසානායක (පල්ලෙකණුගල
කනිෂ්ඨ විදුහල), ඒ.ජී.එච්. මධුෂිකා (දෙහිඕවිට ජාතික පාසල), පී.ඩී.එස්.එල්. දිලීෂා (අවිස්සාවේල්ල ශා. මේරි විදුහල), ජී.වී.පී. මධුමාලි (ගාල්ල ගිංතොට
මහ විදුහල), ජේ.ඒ.එම්. අරලියා (ගාල්ල විද්‍යාවර්ධන මහා විද්‍යාලය), ඩී.ජී.ටී. ඩිල්සරා (ගාල්ල ගිංතොට මහ විදුහල), එච්.ඩබ්ලිව්.එම්. නදීශානී (කුරුණෑගල වයඹ රාජකීය විදුහල), ඒ.ඩී.එස්.එස්.
ආරියවංශ (කුලියාපිටිය මධ්‍ය මහා විදුහල), කේ.එම්.පී.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු (කුලියාපිටිය මධ්‍ය මහා විදුහල)

සපුමල් වීදියබණ්ඩාර

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් වන හැව්ලොක්ස් සහ සී.ආර්. අපරාජිත වාර්තාව බිඳ දමමින් පරාජය කිරීමට නාවික හමුදාව සහ සී.එච්. සමත් විය.
මේ අනුව යුද හමුදාව පරාජය කළ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර ගුවන් හමුදාව රත්මලානේදී ‍පොලීසිය පරාජය කළේය.
හැව්ලොක්ස්-නාවික හමුදාව
වැලිසරදී පැවැති නාවික හමුදාව සහ හැව්ලොක්ස් අතර තරගයෙන් ලකුණු 25-14 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
තරගයේ පළමු භාගයේදී ලකුණු 22-07 ක් ලෙස පෙරමුණ ගෙන සිටි නාවික හමුදාව වෙනුවෙන් මුෂීන් ෆලීල්, ලහිරු විශ්වජිත් සහ සුපුන් පීරිස් උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිලිණ වීරසිංහ ප්‍රවර්තන 2 ක්, දඬුවම් පහරක්, ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් ෂෙනාල් දීලක සහ කෙවින් ඩික්සන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා මුබාරක් ප්‍රවර්තන 2 ක් සාර්ථකව නිම කළේය.
සී.එච්.-සී.ආර්.
සී.එච්. පිටියේ පැවැති තරගයෙන් සී.ආර්. පරාජය කළ සී.එච්. තරග 30 කට පසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
පළමු භාගයේදී ලකුණු 11-07 ක් ලෙස පෙරමුණේ සිටි සී.එච්. අවසානයේ ලකුණු 19-12 ක ජයක් වාර්තා කළේය.
සී.එච්. වෙනුවෙන් ලී කීගල් උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.ආර්. වෙනුවෙන් රීසා රිෆයිඩීන් සහ කුෂාන් ඉඳුනිල් උත්සාහක දිනුම් වාර්තා කළ අතර තරින්ද රත්වත්ත ප්‍රවර්තන 2 ක් සාර්ථකව නිම කළේය.
මහනුවර-යුද හමුදාව
මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර සහ යුද හමුදාව අතර තරගයෙන් ලකුණු 58-13 ක ජයක් වාර්තා කළ මහනුවර අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
මහනුවර ගෝල 5ක්, උත්සාහක දිනුම් 4ක් සහ දඬුවම් පහරක් මගින්  ලකුණු ලබාගත් අතර යුද හමුදාව ගෝලයක් සහ දඬුවම් පහර 2ක්  මගින් ලකුණු ලබා ගත්තේය.
මහනුවර වෙනුවෙන් අනුරුද්ධ විල්වර (3), ධණුෂ්ක රංජන් (3), රිචඩ් ධර්මපාල (1) ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1), ජේසන් දිසානායක (1) උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිලිණ විජේසිංහ ප්‍රවර්තන 4 ක්ද නයිජල් රත්වත්ත ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් සාර්ථකව නිම කළේය.
යුද හමුදාව වෙනුවෙන් තුසිත සේනානායක උත්සාහක දිනුම වාර්තා කළ අතර ගයාන් සාලින්ද දඬුවම් පහර 2ක් සහ ප්‍රවර්ථනයක් මගින් ලකුණු ලබා ගත්තේය.
ගුවන් හමුදාව-‍පොලීසිය
ගුවන් හමුදාව සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 15-7 ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය.


මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පසුගිය සති අන්තයේ පැවැති තරගයකදී පළමු භාගයේදී ප්‍රබල පසුබෑමකට ලක්වී සිට දෙවැනි භාගයේදී විශිෂ්ට දස්කම් දක්වමින් නාවික හමුදාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට සී.ආර්. පිල සමත් විය.
පළමු භාගය අවසන් වන විට ලකුණු 23-7ක් ලෙස පසුපසින් සිටි සී.ආර්. පිල තරින්ද රත්වත්තගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අවසානයේදී ලකුණු 38-23ක ජයක් වාර්තා කළේය.
සී.ආර්. ගෝල 5ක් සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, නාවික හමුදාව ගෝල 2ක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.ආර්. වෙනුවෙන් තරින්ද රත්වත්ත (2), සෂාන් මොහොමඩ් (2), සුපුන් වර්ණකුලසූරිය (1) උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තරින්ද රත්වත්ත ප්‍රවර්ථන 5ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
නාවික හමුදාව වෙනුවෙන් මුෂීන් ෆලීල් සහ තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ වීරසිංහ ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
මහනුවර 43යි-‍පොලීසිය 11යි
‍පොලිස් පිටියේ පැවැති මහනුවර සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 43-11ක ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
මහනුවර වෙනුවෙන් තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් තුනක්ද, රිචඩ් ධර්මපාල, ජේසන් දිසානයක, ධනුෂ්ක රංජන් සහ ලවංග පෙරේරා එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. තිළිණ විජේසිංහ ප්‍රවර්ථන 4ක් සාර්ථකව නිම කළේය.
පරාජිත ‍පොලීසිය වෙනුවෙන් හේෂාන් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, සුදේෂ් ජයවික්‍රම දඬුවම් පහරක්ද, උත්පල සෙනෙවිරත්න ඩේ‍රාප් ගෝලයක්ද වාර්තා කළේය.
 
හැව්ලොක්ස් 46යි-ගුවන් හමුදාව 23යි
හැව්ලොක්ස් පිටියේ පැවැති හැව්ලොක්ස් සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 46-23ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් සමත් විය.
හැව්ලොක්ස් වෙනුවෙන් කෙවින් ඩික්සන් සහ නිෂෝන් පෙරේරා උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කළ අතර, ෂාරෝ ප්‍රනාන්දු, හිරන්ත පෙරේරා, ප්‍රසාද් මධුසංඛ සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. රේසා මුබාරක් ප්‍රවර්ථන 2ක් සාර්ථකව නිම කළේය.
පරාජිත ගුවන් හමුදාව වෙනුවෙන් නදීෂ සෙනෙවිරත්න සහ පරාක්‍රම මධුසංඛ උත්සාහක දිනුම් වාර්තා කළ අතර, චරිත් සෙනෙවිරත්න ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කළේය.
 
යුද හමුදාව 20යි-සී.එච්. 15යි
යුද හමුදාව සහ සී.එච්. අතර තුරඟ තරග පිටියේ පැවැති තරගයෙන් ලකුණු 20-15ක ජයක් වාර්තා කිරීමට යුද හමුදාව සමත් විය.
යුද හමුදාව වෙනුවෙන් සුදාරක දික්කුඹුර සහ ෂෙනාල් සිල්වා උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ගයාන් සාලින්ද ප්‍රවර්ථන 2ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථකව නිම කළේය.
පරාජිත සී.එච්. වෙනුවෙන් ඉරංග ආරියපාල සහ හෂාන් මනුරංග උත්සාහක දිනුම් වාර්තා කළ අතර, සැමුවෙල් මධුවන්ත ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් නිම කළේය.
 
මංගල ධර්මප්‍රේම

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ පසුගිය ඉරිදා පැවැති තරගවලින් ජය ගැනීමට නාවික හමුදාව සහ සී.ආර්. සමත් විය.මෙහිදී නාවික හමුදාව ලකුණු 20-14කින් ප්‍රබල යුද හමුදාව පරාජය කිරීම කැපී පෙනුණි.
නාවික හමුදා ක්‍රීඩකයන් රැසක් මෙවර ක්‍රීඩා සමාජය හැරදා වෙනත් ක්‍රීඩා සමාජ සමග එක්වී සිටියද පළමු සටනින් ජය ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමකි.
නාවික හමුදාව ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, යුද හමුදාව ගෝල 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.
තරගයේ පළමු භාගය අවසන් වන විට නාවික හමුදාව ලකුණු 15-7ක් ලෙස පෙරමුණේ පසුවිය.නාවික හමුදාව වෙනුවෙන් අධීෂ වීරතුංග, දුලංජන විජේසිංහ සහ ජනිත් ලක්සර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ වීරසිංහ ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
යුද හමුදාව වෙනුවෙන් අසෝක ජයලාල් සහ සුගත් නානායක්කාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර, ගයාන් සාලින්ද ප්‍රවර්ථන 2ක් සාර්ථකව නිම කළේය.
සී.ආර්. - ගුවන් හමුදාව
පසුගිය ඉරිදා පැවැති සී.ආර්. සහ ගුවන් හමුදාව අතර තරගයෙන් ලකුණු 21-9ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. සමත් විය.
මෙම තරගයේ පළමු භාගයේදී ලකුණු 6-3ක් ලෙස ගුවන් හමුදාව පෙරමුණේ පසුවීම කැපී පෙනුණි.
සී.ආර්. ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබාගත් අතර, ගුවන් හමුදාව දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.
සී.ආර්. වෙනුවෙන් චරණ චාමිකර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, ගුවන් හමුදා නීති විරෝධී ක්‍රීඩා විලාශයෙන් දඬුවම් උත්සාහක දිනුමක්ද සී.ආර්.ට හිමිවිය.තරින්ද රත්වත්ත එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදාව වෙනුවෙන් දඬුවම් පහර 3ක් සාර්ථකව නිම කළේය.

මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට ගියවර ශූර මහනුවර සහ ගියවර අනුශූර හැව්ලොක්ස් සමත් විය.
මෙහිදී හැව්ලොක්ස් ප්‍රසාද ලකුණද සහිතව ‍පොලීසිය පැරදවූ අතර මහනුවරට ප්‍රසාද ලකුණ ලබා ගැනීමට නොහැකි විය.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති මහනුවර සහ සී.එච්. අතර තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් මිනිත්තු 5 කට පෙර අවසන් කිරීමට විනිසුරුවන්ට සිදුවිය.
ගියවර නාවික හමුදාව මෙන්ම වෙනත් ක්‍රීඩා සමාජ නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් මෙවර සී.එච්. නියෝජනය කළ අතර ඔවුන් මහනුවරට සටනක් දුන්නද එය පරාජය වලක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
මෙම තරගයෙන් මහනුවරට ලකුණු 23-06 ක ජයක් හිමිවූ අතර මහනුවර ගෝල 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබා ගත්තේය. සී.එච්. දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
පළමු භාගය අවසන් වන විට ලකුණු 20-03 ක් ලෙස පෙරමුණේ සිටි මහනුවර වෙනුවෙන් ධනුෂ්ක රංජන් සහ අනුරුද්ධ විල්වර උත්සාහක දිනුම් වාර්තා කළ අතර තිළිිණ විජේසිංහ දඬුවම් පහර 3 ක් සහ ප්‍රවර්තන 2 ක් සාර්ථකව නිම කළේය.
සී.එච්. වෙනුවෙන් සැමුවෙල් මධුවන්ත දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
හැව්ලොක්ස්-‍පොලීසිය
හැව්ලොක් පිටියේ පැවැති හැව්ලොක්ස් සහ ‍පොලීසිය අතර තරගයෙන් ලකුණු 36-00 ක ජයක් වාර්තා කළ හැව්ලොක්ස් ප්‍රසාද ලකුණද සහිතව ජය ගැනීමට සමත්විය.
මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 17-00 ක් ලෙස පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් සමත්විය.
හැව්ලොක්ස් ගෝල 4 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
හැව්ලොක්ස් වෙනුවෙන් ප්‍රසාද් මධුසංඛ, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ජේසන් මෙල්ඩර් සහ රීසා මුබාරක් උත්සාහක දිනුම් වාර්තා කළ අතර රීසා මුබාරක් ප්‍රවර්තන 4 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
 
මංගල ධර්මප්‍රේම

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරයේදී ජපානය පරාජය කළ හොංකොං ශූරතාව දිනා ගැනීමට සමත් විය.
අවසන් මහා තරගයේ අතිරේක කාලයේදී ලකුණු 19-14 කින් ජපානය පරාජය කිරීමට හොංකොං සමත් විය.
මෙම තරගාවලියේදී සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී කොරියාව ලකුණු 22-5කින් පරදවමින් තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිචඩ් ධර්මපාල උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර, ධනුෂ්ක රංජන් සහ රීසා රෆයිඩීන් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය.
කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී මලයාසියාව ලකුණු 22-5කින් පරාජය කිරීමට සමත් වූ  ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී හොංකොං වෙතින් ලකුණු 26-12ක පරාජයක් ලැබිම නිසා අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වුණි.
ශ්‍රී ලංකාව මූලික වටයේදී චීනය ලකුණු 28-7කින්ද, චීන තායිපේ ලකුණු 33-0කින් පරාජය කළ අතර, කොරියාව හමුවේ ලකුණු 28-21ක පරාජයක් ලැබිය.
මෙම තරගාවලියේ කාන්තා අවසන් තරගයෙන් චීනය ලකුණු 10-5කින් පරාජය කළ ජපානය ශූරතාව දිනා ගත්තේය.
කාන්තා තරගාවලියේ 6 වැනි ස්ථානය සඳහා පැවැති හොංකොං සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ලකුණු 12-5ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

Page 1 of 5

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4469

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4133

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7234

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4536

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2885

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3694

Please publish modules in offcanvas position.

Web Analytics