lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

මලයාසියාවේදී පැවැති බෝනියෝ සෙවන්ස් රග්බි තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් තරගයේදී තායිලන්තයට එරෙහිව ලකුණු 12-05ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් වී තිබේ.
මේ අතර පිරිමි තරගාවලියේ පළඟ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 32-20කින් හැව්ලොක්ස් පරාජය කළ මහනුවර ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තියුණු සටනක් පැවැති අවසන් මහ තරගයේදී අවසන් මොහොතේ රිචඩ් ධර්මපාල වාර්තා කළ උත්සාහක දිනුමෙන් මහනුවරට ජය හිමිවිය.
මෙම තරගයේදී මහනුවර වෙනුවෙන් ගයාන් වීරරත්න, ෆාසිල් මරීජා සහ රිචඩ් ධර්මපාල විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත විය.
තරගයේ පළමු භාගය අවසන් වන විට මහනුවර ලකුණු 24-3ක් ලෙස පෙරමුණේ පසුවුවද තරගය නිම වීමට මිනිත්තු 5ක් තිබියදී ලකුණු තත්ත්වය 27-20 දක්වා අඩුකර ගැනීමට හැව්ලොක්ස් සමත් විය.
පළමු භාගයේදී හැව්ලොක්ස් වෙනුවෙන් චිරන්ත පෙරේරා දඬුවම් පහරක් වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.
තිළිණ විජේසිංහ දඬුවම් පහරක් නිම කිරීමෙන් ලකුණු තත්ත්වය 3-3ක් ලෙස සම විය.
ඉන්පසු ක්‍රියාත්මක වූ ගයාන් වීරරත්න උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර, එම ප්‍රවර්තන නිම කිරීමට තිළිණ විජේසිංහ සමත් වීමෙන් ලකුණු තත්ත්වය 17-3ක් විය.
පළමු භාගයේ අවසන් මොහොතේදී ෆාසීල් මරීජා වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක වීමෙන් ලකුණු තත්ත්වය 24-3ක් විය.
දෙවැනි භාගය ආරම්භයේදීම ක්‍රියාත්මක වූ හැව්ලොක්ස් පි‍ලේ නිෂෝන් පෙරේරා උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමෙන් ලකුණු තත්ත්වය 24-15ක් වූ අතර, තිළිණ වීරසිංහ වාර්තා කළ ඩේ‍රාප් ගෝලයෙන් ලකුණු තත්ත්වය 27-15ක් විය.
යළිත් ක්‍රියාත්මක වූ හැව්ලොක්ස් පි‍ලේ දුෂ්මන්ත ප්‍රියදර්ශන වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට අසමත් වීමෙන් ලකුණු තත්ත්වය 27-20ක් විය.
ඒ මොහොතේ දෙපිළම තියුණු සටනක නිරත වූ අතර, ෆාසීල් මරීජා ලබාදුන් පන්දුව උත්සාහක දිනුමක් බවට පත් කිරීමට රිචඩ් ධර්මපාල සමත් වීමෙන් මහනුවරට ලකුණු 32-20ක ජයක් හිමිවිය.

මංගල ධර්මප්‍රේම

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සති අන්තයේ පැවැති ගල්කිස්ස විද්‍යා විදුහල සහ කොළඹ සහිරා විදුහල අතර තරගයෙන් ලකුණු 19-13ක ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත් විය.
ප්‍රබල විද්‍යා විදුහලට පහසු ජයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කළද සහීඩ් සිංහවංශ දැක්වූ දක්ෂතා හේතුවෙන් අවසානයේදී සහිරා විදුහලට ජය හිමිවිය.
පළමු භාගය අවසන් වන විට ලකුණු 13-8ක් ලෙස සහිරා පෙරමුණ ගෙන සිටි අතර, සහීඩ් සිංහවංශ මෙම තරගයේදී දඬුවම් පහර 4ක් සහ ප්‍රවර්තනයක් මගින් තම පිලට ලකුණු ලබා දුන්නේය.
සහිරා ගෝලයක් සහ දඬුවම් පහර 4ක් මගින් ලකුණු ලබාගත් අතර, විද්‍යා උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
මේ අතර සෙසු තරගවලදී ජය වාර්තා කිරීමට ත්‍රිත්ව, ශා. පීතර, රාජකීය සහ ශා. තෝමස් සමත් විය.

ත්‍රිත්ව-වෙස්ලි
ත්‍රිත්ව සහ වෙස්ලි අතර තරගයෙන් ලකුණු 62-24ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව සමත් වූ අතර, පළමු භාගය අවසන් වන විට ලකුණු 33-17ක් ලෙස ත්‍රිත්ව පෙරමුණේ පසුවිය.
ත්‍රිත්ව ගෝල 7ක් සහ උත්සාහක දිනුම් 3ක් මගින් ලකුණු ලබාගත් අතර, වෙස්ලි ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.

ශා. පීතර - ශා. අන්තෝනි
ශා. පීතර සහ ශා. අන්තෝනි අතර පැවැති තරගයෙන් ලකුණු 27-25ක ජයක් වාර්තා කිරීමට සමත් වූ ශා. අන්තෝනි පළමු භාගය අවසන් වන විට ලකුණු 24-15ක් ලෙස පෙරමුණේ පසුවිය.
ශා. පීතර ගෝල 3ක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබාගත් අතර, ශා. අන්තෝනි ගෝල 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය

රාජකීය-ශා. ජෝශප්
රාජකීය සහ ශා. ජෝශප් අතර තරගයෙන් ලකුණු 28-22ක ජයක් වාර්තා කිරීමට සමත් වූ රාජකීය පළමු භාගය අවසන් වන විට ලකුණු 8-5ක් ලෙස පෙරමුණේ පසුවිය.
රාජකීය ගෝල 2ක්, උත්සාහක දිනුමක්, දඬුවම් පහර 2ක් සහ ඩේ‍රාප් ගෝලයක් මගින් ලකුණු ලබාගත් අතර, ශා. ජෝශප් ගෝල 3ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබා ගත්තේය.

ශා. තෝමස්-වේල්ස්කුමර
ශා. තෝමස් සහ වේල්ස් කුමර අතර තරගයෙන් ලකුණු 57-0ක ජයක් ලැබූ ශා. තෝමස් පළමු භාගය අවසන් වන විට ලකුණු 38-0ක් ලෙස පෙරමුණේ පසුවිය.
ශා. තෝමස් ගෝල 6ක් සහ උත්සාහක දිනුම් 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.

මංගල ධර්මප්‍රේම

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 39-13ක ජයක් ලැබූ හැව්ලොක්ස් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව මහනුවර සහ හැව්ලොක්ස් අතර අවසන් මහා තරගය 26 වැනි ඉරිදා නිත්තවලදී පැවැත්වේ.
කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ (23දා) පැවැති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 15-3 ක් ලෙස පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් සමත් විය.
ජයග්‍රාහී හැව්ලොක්ස් ගෝල 3ක්, උත්සාහක දිනුම් 3ක් සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, පරාජිත නාවික හමුදාව එක් ගෝලයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු ලබා ගත්තේය.

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් සී.ආර්.ට එරෙහිව ලකුණු 56-16ක ජයක් ලැබූ මහනුවර අවසන් තරගයට සුදුසුකම් ලැබිය.
නිත්තවලදී පැවැති මෙම තරගයේදී මහනුවර ගෝල 4ක්, උත්සාහක දිනුම් 5ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර, සී.ආර්. ගෝලයක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබා ගත්තේය.
තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 27-9ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර සමත් විය.
මහනුවර වෙනුවෙන් ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම් 3ක් වාර්තා කළ අතර, රිචඩ් ධර්මපාල, බුවනෙක උඩන්ගමුව, සයුරු ඇන්තනී, යකුබ් අලී, විශ්වමිත්‍ර ජයසිංහ සහ ධනූෂ දයාන් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.
තිළිණ විජේසිංහ ප්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහරක් නිම කළ අතර, නයිජල් රත්වත්ත එක් ප්‍රවර්ථනයක් නිම කළේය.
සී.ආර්. වෙනුවෙන් ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, නලීන් කුමාර ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 3ක් සාර්ථකව නිම කළේය.
මෙම තරගාවලියේ හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද (23දා) තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර සහ සී.ආර්. අතර පළමු අවසන් පූර්ව තරගය අද (22දා) නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
අර්ධ අවසන් පූර්ව තරගවලදී සී.එච්. පරාජය කරමින් මහනුවරත්, ගුවන් හමුදාව පරාජය කරමින් සී.ආර්. පිලත් අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබිය.
මේ අතර හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට (23දා) තුරඟ තරග පිටියේදී පවැත්වෙයි
අර්ධ අවසන් පූර්ව තරගවලදී ‍පොලීසිය පරාජය කිරීමට හැව්ලොක්ස් සමත් වූ අතර, යුද හමුදාව පරාජය කිරීමට නාවික හමුදාව සමත් විය.
තරග දෙකම පස්වරු 4.15ට ආරම්භ වන අතර, අවසන් මහා තරගය 26 වැනි ඉරිදා නිත්තවලදී පැවැත්වේ.

Page 1 of 2

IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 158

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 896

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5034

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3194

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5009

Please publish modules in offcanvas position.