Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ 48 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය දන්වා සිටියි.
මේ අනුව නොවැම්බර් 8, 9 සහ 10 යන තෙදින පුරා දියගමදී මලල ක්‍රීඩා උළෙල පැවැත්වේ.
අවුරුදු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ (බාලක-බාලිකා) වයස් සීමාවන් යටතේ මෙවර තරග පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් පමණ තරගාවලියට සහභාගි වීමට නියමිත බව පාසල් මලල ක්‍රීඩා සංගමය දන්වා සිටියි.
 
(සපුමල්)

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) සවස නිමාවට පත්වූ 33 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලෙහි සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත (ලකුණු 1268) සමත් වූ අතර, අනුශූරතාව මධ්‍යම පළාතටද (ලකුණු 526), තෙවැනි ස්ථානය වයඹ පළාතටද (ලකුණු 438) හිමිවිය. 
මෙවර අති ශූරතම ක්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොල ජාතික පාස‍ලේ එස්.පී. අරුණ දර්ශන සම්මාන ලැබූ අතර, වෙන්නප්පුව ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ බි.එම්. හෂිනි ප්‍රබෝධා අති ශූරතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
අරුණ දර්ශන අවු. 20 න් පහළ මී. 400 ඉසව්වේදී දැක්වූ තත්. 47.19ක දක්ෂතාව පදනම් කර ගනිමින්ද, හෂිනි ප්‍රබෝධා අවු. 20න් පහළ තුන් පිම්ම ඉසව්වේදී දැක්වූ මීටර් 13.22ක දක්ෂතාව පදනම් කර ගනිමින්ද අදාළ සම්මානවලට හිමිකම් කීවේය.
අකුරම්බොඩ වීර කැප්පෙටි‍පොල ජාතික පාස‍ලේ ඉගෙනුම ලබන නිවුන් සොහොයුරන් වන අරුණ දර්ශන සහ පසිඳු බවන්ත දක්ෂතම ජවන ක්‍රීඩකයා සහ විසිකිරීමේ ක්‍රීඩකයා සම්මාන ද්විත්වය දිනා ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
එස්. අරුණ දර්ශන බාලක මී. 400 ඉසව්වේදී තත්. 47.19ක දක්ෂතාවක් දක්වමින් දක්ෂතම ජවන ක්‍රීඩකයා ලෙසද, එස්. පසිඳු බවන්ත බාලක හෙල්ල විසිකිරීම ඉසව්වේදී මීටර්. 57.01 දක්ෂතාවක් දක්වමින් දක්ෂතම විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනා ගත්හ.
මෙවර පැනීමේ ඉසව් ආශ්‍රිත දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු සම්මානය දිනා ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ බි.එම්. හෂිනි ප්‍රබෝධා (බාලිකා තුන්පිම්ම - මී. 13.22) ද, දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු සම්මානය කොළඹ ශා. ජෝශප් විදුහ‍ලේ ෂෙහාන් දිලූෂ කාරියවසම් (බාලක මීටර් 110 කඩුලු - තත්. 13.91) ද දිනා ගත්හ.
දින 5ක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙවර මලල ක්‍රීඩා තරගාවලියෙහි සමස්ත බාලක ‍‍‍ජ්‍යෙෂ්ඨ ශූරතාව දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 105 හිමිකර ගත් මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් වූ අතර, ප්‍රසාද ලකුණු 187ක් හිමිකරගත් වලල ඒ. රත්නායක මැදි විදුහලට සමස්ත බාලිකා ‍‍‍ජ්‍යෙෂ්ඨ ශූරතාව හිමිවිය.
සමස්ත බාලක අනුශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහලටද (ලකුණු 97), බාලිකා සමස්ත සම අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහලට සහ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට  (ලකුණු 62) හිමිවිය.
බාලක තෙවැනි ස්ථානය ලකුණු 92ක් ලැබූ වලල ඒ. රත්නායක මැදි විදුහල සතු විය.
මෙවර තරගාවලියේ කනිෂ්ඨ බාලක සමස්ත ශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 37) දිනාගත් අතර, කනිෂ්ඨ බාලිකා සමස්ත ශූරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 29) සතුවිය.
කනිෂ්ඨ බාලක අනුශූරතාව කොළඹ රාජකීය විදුහල (ලකුණු 20) සතු වූ අතර, තෙවැනි ස්ථානය වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් විදුහල (ලකුණු 19) සතුවිය.  
කනිෂ්ඨ බාලිකා අනුශූරතාව රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 23) සතු වූ අතර, තෙවැනි ස්ථානය නාවල ජනාධිපති බාලිකා විදුහල (ලකුණු 22) සතුවිය.
මෙවර බාලක සහය දිවීමේ ශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහල (ලකුණු 37) දිනාගත් අතර, වලල ඒ. රත්නායක මැදි විදුහලට (ලකුණු 46) බාලිකා සහය දිවීමේ ශූරතාව හිමිවිය.
සහය දිවීමේ බාලක සම අනුශූරතාව පන්නිපිටිය ධර්මපාල සහ මීගමුව මාරිස්ටෙලා (ලකුණු 20) දිනාගත් අතර, බාලිකා අනුශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල (ලකුණු 22) සතුවිය.
මිශ්‍ර පාසල් ශූරතාව දිනා ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 269) සමත් වූ අතර, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට (ලකුණු 73) අනුශූරතාව හිමිවිය. 
ලකුණු 69ක් ලැබූ පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 69) තෙවැනි ස්ථානයට පත්විය. 
ක්‍රීඩා 28ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39700කගේ සහභාගිත්වයෙන් පසුගිය 2දා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උලෙළ ඊයේ (15දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 33 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියෙහි අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා මීටර් 100 ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට චානුක සන්දීප සහ අමාෂා ද සිල්වා සමත් වූහ.
මලල ක්‍රීඩා උළෙලෙහි දෙවැනි දිනය වූ ඊයේ පැවැති බාලක මීටර් 100 අවසන් තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ බි.ඩී. චානුක සන්දීප තත්. 10.89 ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගත් අතර, බාලිකා මීටර් 100 අවසන් තරගයේදී තත්පර 12.14ක කාලයකින් තරගය නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට මහනුවර ස්වර්ණමාලි  විදුහ‍ලේ  ඩී.ටී. අමාෂා ද සිල්වා  සමත් වූවාය.
අවු. 20න් පහළ බාලක මී. 100
1. බි.ඩී. චානුක සන්දීප (තත්. 10.89) මීගමුව මාරිස්ටෙලා 2. ඒ.එස්.එම්. රෆාන් (තත්. 10.96) නිකවැරටිය අඹුක්කගම මුස්ලිම් මහ විදුහල, 3. එල්.කේ.එස්. පෙරේරා (තත්. 10.97) කොළඹ නාලන්දා විදුහල
අවු. 20න් පහළ බාලිකා මී. 100
1. ඩී.ටී. අමාෂා ද සිල්වා (තත්. 12.14) මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල, 2. ෂර්මිලා ජාන් (තත්. 12.60) රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල, 3. එස්.පී. සාමෙත් (තත්. 12.63) මහනුවර විහාරමහාදේවි බාලිකා විදුහල
අවු. 16න් පහළ බාලක මී. 100
1. එස්. මිලින්ද පෙරේරා (තත්. 11.31) - හලාවත ශා. මරියා විදුහල, 2. ඒ.ඩී.ඊ.ඩී. කුලසිංහ (තත්. 11.53) ගල්කිස්ස ශා. තෝමස් විදුහල, 3. රිසිනු රන්දික ලියනගේ (තතඅ්. 11.57) ගාල්ල රිච්මන්ඩ් විදුහල
අවු. 16න් පහළ බාලිකා මී. 100
1. සදීපා හෙන්ඩර්සන්  (තත්. 12.67) රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල, 2. එස්.ඊ.එම්. ප්‍රනාන්දු (තත්. 12.95) මහනුවර යහපත් එ¾ෙඩ්රාගේ කන්‍යාරාමය, 3. ඩිල්මා දිනූෂා යසිනි (තත්. 13.05) කොළඹ යසෝධරා විදුහල
අවු. 18න් පහළ බාලක මී. 100
1. වයි.සී.එම්. යෝධසිංහ (තත්. 10.90) කෑගල්ල ශා. මරියා විදුහල, 2. ටී.එම්.එස්.ඩී.එස්. රත්නසිරි (තත්. 10.97) ඇඹිලිපිටිය මොරකැටිය මහා විදුහල, 3. ඩබ්ලිව්. යොහාන් ධනුෂ්ක (තත්. 11.01) කොටහේන ශා. බෙනඩික්ට් විදුහල
අවු. 18න් පහළ බාලිකා මී. 100
1. ඩබ්ලිව්.ජී. එවන්ති ඉමේෂිකා (තත්. 12.37) මාතර ශා. මරියා කන්‍යාරාමය, 2. ෂේලින්දා ජෙන්සම් (තත්. 12.44) රාජගිරිය ගේට්ටේ ජාත්‍යන්තර පාසල, 3. පේදරු දේවින්‍යා පෙරේරා (තත්. 12.57) කොළඹ මියුසියස් විදුහල

සපුමල් වීදිය බණ්ඩාර

ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැුගෙන යන බි‍්‍රතාන්‍ය මහා රැුජිනගේ පණිවුඩය රැුගත් විශේෂ යෂ්ටිය අද (12) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

1930 දී බි‍්‍රතාන්‍යයේ පැවති පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය කි‍්‍රඩා උළෙලේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස එලිසබත් මහ රැුජිණ නිකුත්කළ පණිවිඩය රැුගත් මෙම යෂ්ටිය කී‍්‍රඩා උළෙල පැවැත්වෙන සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ප‍්‍රදර්ශනය කිරීම සම්ප‍්‍රදායකි.

යෂ්ටිය රැුගත් විශේෂ නියෝජිත පිරිස අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශී‍්‍ර ලංකාවට ළගා වූහ.
අනතුරුව කොළඹ කිංග්ස්බරි හෝටලය අභියස සිට අලංකාරවත් පෙරහැරකින් යෂ්ටිය ජනාධිපති මන්දිරය වෙත රැුගෙන ඒම සිදු විය.

එහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් එය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතු`ථ මැති ඇමතිවරු පිරිසක් ද, සුසන්තිකා ජයසිංහ, ශී‍්‍රයානි කුලවංශ. දමයන්ති දර්ශා, ඩිලන්ත මාලගමුව යන මහත්ම මහත්මීන් ඇතු`ථ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැුසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


 

නෙස්ටමෝල්ට් සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගාවලියේ තෙවන අදියර යටතේ බස්නාහිර, දකුණ සහ ඌව පළාත් තරග සැප්තැම්බර් 30දා පස්වරු 4.00ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කෙරේ.
මෙම තරගාවලියට සමගාමීව සමස්ත ලංකා පාසල් කි.මී. 5 ක් දුරැති මාර්ග ධාවන තරගයක්ද පැවැත්වෙන අතර, සියලුම තරග සඳහා අවුරුදු 15ට වැඩි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් සහභාගි විය හැකියි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරන මෙම තරගාවලියට නෙස්‍ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය සපයයි.
තෙවැනි අදියරේ තරගවලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ගේ රක්ෂණාවරණය නෙස්‍ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා විසින් දකුණු පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් මහතාට භාරදුන් අයුරු ඡායාරූපයෙන් දිස්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 2දා සිට 15දා දක්වා පුරාදින 14ක් මුළුල්‍ලේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ එහි ක්‍රීඩා අංශය කටයුතු කර තිබේ.
මෙවර ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් 2දා පස්වරු 2.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ජයසංඛිෙත ප්‍රදානය සහ සමාප්ති උත්සවය 15දා ප.ව. 2.45ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර ක්‍රීඩා උළෙලට සත් සාමාජික රග්බි සහ වෙරළ වොලිබෝල් ක්‍රීඩා අලුතින් හඳුන්වා දී තිබිම විශේෂත්වයකි.
ක්‍රීඩා උළෙ‍ලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 11, 12, 13, 14 සහ 15 යන දින 5 තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එයට අවුරුදු 20න් පහල, අවුරුදු 18න් පහළ, අවු. 16න් පහළ, අවු. 14න් පහළ සහ අවු. 12න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩ යටතේ තරග ඉසව් පැවැත්වේ. 
මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා 28කින් සමන්විත මෙවර ක්‍රීඩා උළෙලට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39,700ක් පමණ සහභාගි වීමට නියමිතය.
ක්‍රීඩාංගණ 48ක් තුළ තරග ක්‍රියාත්මක කෙරෙන අතර, තරග නිලධාරීන් 27,000ක් ඒ සඳහා සහභාගි වෙති.
ක්‍රීඩා උළෙ‍ලේ සාම්ප්‍රදායික ඔලිම්පික් පහන දැල්වීම සඳහා ගිනිසිළුව රැගෙන යාම කොළඹ ශා. පීතර විද්‍යාලයීය පිහිනුම් ක්‍රීඩක ආසියානු රන් පදක්කම්ලාභියකු වන අකලංක පීරිස් සහ කොළඹ ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ මලල ක්‍රීඩිකාවන මෙන්ම ජාත්‍යන්තර රන් පදක්කම්ලාභිනියකද වන බි.එම්. හෂිනි පබෝධා සිදු කිරීමට නියමිතය.
ඊයේ (27දා) පැවැති ක්‍රීඩා උළෙල පිළිබඳව මාධ්‍ය  දැනුවත් කිරීමේ හමුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ලබන වසරේ සිට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා සඳහන් කර සිටියේ මෙවර ක්‍රීඩා උළෙ‍ලේ සෑම ක්‍රීඩාවක් සඳහාම තාක්ෂණික අත්‍පොතක් බැගින් මුද්‍රණය කර ලබා දීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවයි.
මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යාංශ ‍ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ‍ලේකම් අශෝක සේනානි හේවගේ, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) කර්නල් මංජුල කාරියවසම් යන මහත්වරුද සහභාගි වූහ.
 
සපුමල් වීදිය බණ්ඩාර 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2174

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1567

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3114

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1819

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6581

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3972

Please publish modules in offcanvas position.