Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගියදා කල්දමන ලද 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ තරග ඇවිදීම ජුනි 17දා බත්තරමුල්‍ලේ විශේෂ ධාවන පථයකදීද, මැරතන් සහ පාපැදි තරග ජූලි  1 සහ 2දා මහියංගණයේදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරග පසුගිය මැයි මස 26 සහ 27 දිනවල ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඒ දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.
මැරතන් තරග සහ පිරිමි-කාන්තා රේසිං පාපැදි තරග ජූලි 1දා පෙරවරුවේද, පිරිමි-කාන්තා ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරග ජූලි 2දා පෙරවරුවේද මහියංගණය නගරය කේන්ද්‍රකොටගෙන පැවැත්වේ.
(සුනිල්)

http://www.lakbima.lk/images/frontimage/2017/June/2017.06.05/Athlatic.jpg

තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා උළෙ‍ලේදී රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දනුක ලියනපතිරණ සහ නිලානි රත්නායක සමත්වී තිබේ.
නිලානි රත්නායක ඊයේ (13දා) පැවැති මීටර් 3000 බාධක දිවීමේ කාන්තා තරගයේදී වි. 10 තත්. 29.03ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගෙන ඇති අතර, දනුක ලියනපතිරණ පෙරේදා (14දා) පැවැති පිරිමි දුර පැනීම ඉසව්වේදී මීටර් 7.73ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනාගෙන තිබේ.
මීටර් 400 පූර්ව තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ තත්පර 47.59කින් තරගය අවසන් කරමින් පළමු ස්ථානය දිනාගෙන ඇති අතර, ඔහු අද (14දා) පැවැත්වෙන එම ඉසව්වේ අවසන් තරගයට සහභාගි වීමට නියමිතව තිබේ.

ලබන ජූලි මස 19 වැනි දින සිට 29 වැනි දින දක්වා බහමාස්හිදී පැවැත්වෙන ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 6ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙකුගේ කණ්ඩායමක් නම්කර තිබේ.
මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 9ක් ඇතුළත් කර ඇති නමුත්, ක්‍රීඩා 6ක් සඳහා පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කරන බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.
අවුරුදු 16-18 අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත මෙම යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි, මලල ක්‍රීඩා, ටෙනිස්, පිහිනුම්, බොක්සිං සහ ජූඩෝ  ක්‍රීඩාවන් සඳහා පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි කරවති.
2017 ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට නම්කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම
සත් සාමාජික රග්බි
දුලංජන පියතිස්ස (ධර්මරාජ), ක්‍රිස්ටියන් ෆෙඩ්රික් (ශා. තෝමස්), ගැමුණු කුමාරසිංහ (ශා. ජෝශප්), දිමුත් ලියනගේ (ශා. අන්තෝනි), ජොනතන් වීරකෝන් (ත්‍රිත්ව), මොහොමඩ් සබිර් (ශා. අන්තෝනි), නදීෂ චමින්ද විතානගේ (ඉසිපතන), තනුජ් රාජරත්නම් (ත්‍රිත්ව), රවීන් ප්‍රනාන්දු (ශා. පීතර), අනුරුද්ධ අල්විස් (ශා. ජෝශප්), තුවාන් සබාර් (වෙස්ලි), විශ්ව රණරාජි (ත්‍රිත්ව)
මලල ක්‍රීඩා
බාලක :- ප්‍රමෝද මධුභාෂ - දුර පැනීම (මාරිස්ටෙලා), නවෝද සංකල්ප  - මී. 400 කඩුලු (මහින්ද විදුහල), ෂෙහාන් කාරියවසම් - මී. 100 කඩුලු (ශා. ජෝශප්)
බාලිකා :- කවින්ද්‍යා තත්සරණි - මී. 400 කඩුලු (අඹගමුව මැදි විදුහල), සචිනි තාරක දිව්‍යාංජලී - මී. 100 (වත්තල ලයිසියම්), සඳුමිණි චවිප්‍රභා බණ්ඩාර - මී. 400 (කෑගල්ල ශා. ජෝශප්)
පිහිනුම්
බාලක :- අකලංක පීරිස් (බම්බලපිටිය ශා. පීතර), කගිල් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල)
බාලිකා :- අවන්ති දෙව්මි පෙරේරා (සිරිමාවෝ බණ්ඩාරනායක), විනෝලි සෙනෙවිරත්න (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)
බොක්සිං
බාලක :- කාවින්ද සංජය බණ්ඩාර (පිළිමතලාව ධීරානන්ද)
බාලිකා :- මධුමාලි ප්‍රියදර්ශනී (නුවරඑළිය පල්‍ලේබෝවිල මහ විදුහල)
ජූඩෝ
බාලක :- සූරිය තිසර කස්තුරිආරච්චි (නාවලපිටිය අනුරුද්ධ මහ විදුහල)
බාලිකා :- සමිනා රිෆාස් (ගම්‍පොල ශා. ජෝශප් බාලිකා)
ටෙනිස්
බාලක :- විබුදු විජයබණ්ඩාර (කොළඹ ආනන්ද)
බාලිකා :- අනිතා සේනාරත්න (කාන්තා විදුහල)

{jcomments on}
සුනිල් අභයවර්ධන

http://www.lakbima.lk/images/frontimage/2017/June/2017.06.05/Athlatic.jpgශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන 2017 ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් 1දාට කල්දමා තිබේ.
මීට පෙර මෙම ක්‍රීඩා උළෙල ලබන ජූලි මස 14, 15 සහ 16 දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙල සහ මෙම තරගාවලිය එකම කාලවකවානුවක පැවැතීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

(සුනිල්)

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාදී ඇති මලල ක්‍රීඩාවේ පරිපාලනය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ නිලවරණය පසුගියදා පැවැත්වුණි.
එහිදී හිටපු සභාපති සුගත් තිලකරත්න වැඩි ඡන්ද 47කින් පරාජය කරමින් යළිත් සභාපතිවරයා ලෙස තේරී පත්වීමට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සමත් විය.
මෙහිදී සුගත් තිලකරත්න ඡන්ද 32ක් ලබා ගනිද්දී මේජර් ජෙනරාල් පාලිත ඡන්ද 79ක් ලබා ගැනීම තුළම පසුගිය කාලවකවානුවේ මලල ක්‍රීඩාවට සිදුවී තිබූ දේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවාගත හැකිවේ. 
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වසර 2ක් මලල කීඩා සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉන් පසු තරග වැදීමේ අවස්ථාව අහිමි විය. 
මේ අතර මලල ක්‍රීඩා ‍ලේකම් ධුරයට යළිත් අත්දැකීම් පිරි ප්‍රේමා පින්නවල තේරී පත්වීම කාගේත් කතාබහට ලක්වී තිබේ.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයකු ලෙස සැලකෙන පින්නවල සිය අත්දැකීම් මගින් මලල ක්‍රීඩාව ගොඩනැංවීමට දැඩි දායකත්වයක් සපයනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.
පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව පසුබෑමකට ලක්වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. යම් යම් තරගාවලිවලදී පදක්කම් හිමි වුවද කිසිදු සැලසුමකින් තොරව සියලුම දේ සිදුවන බව මනාලෙස පැහැදිලි විය.
කිසිදු තරගාවලියක් ඉලක්ක කර ගනිමින් මලල ක්‍රීඩා සංචිත පිහිටුවීමක්, දක්ෂතා මැන බැලීමක් සිදු නොවූ අතර, පුහුණුකරුවන් අතර මනා සම්බන්ධීකරණයක්ද තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි.
ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ජයකෙහෙලි නැංවූ එස්.බි. යුගයේදී පුහුණුකරුවන් තම ගෝලයන්ට පදක්කම් දිනා දීමට තියුණු සටනක නිරත වූ අතර, එහි ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් හිමිවුණි. 
එහිදී එම පුහුණුකරුවන් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පහසුකම් බලධාරීන් ලවා ලබා ගැනීමට සමත් වූ අතර, මලල ක්‍රීඩාවේ දැඩි තරගකාරී බවක් සහ දැඩි ප්‍රබෝධයක් ඇතිවී තිබුණි.
එහෙත් ක්‍රම ක්‍රමයෙන් එය පසුගාමී තත්ත්වයකට පත්වී අද මලල ක්‍රීඩාව කිසිදු තරගකාරී බවක් නොමැති ජනතා අවධානයෙන් ඈත්වූ තත්ත්වයකට පත්වී තිබේ.
මේ අනුව පාලිත-පින්නවල යුගලයේ පළමු වගකීම වන්නේ නිසි පුහුණුකරු සංචිතයක් ගොඩනංවා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩකයන්ව ජාතික තලයට ගෙන යාමට අවශ්‍ය මූලික පියවර හැකි ඉක්මනින් ගැනීමයි.
පුහුණුකරුවන්ට නිසි ඇගයීමක් මෙන්ම ඔවුන්ට ගෞරවයක් ලබාදීමට අ‍පොහොසත් වුවහොත් කිසිදු දක්ෂ ක්‍රීඩකයෙක් ජාතික තලයට රැගෙන යාමට හැකි නොවේ. එදා එස්.එම්.ජී. බණ්ඩාර, සුනිල් ගුණවර්ධන, කේ.ජී. භද්‍රා, ඩර්වින් පෙරේරා, ලක්ෂ්මන් ද අල්විස්ලාට නිසි තැන ලැබුණු නිසා ලංකාවට ජාත්‍යන්තර පදක්කම් රැසක් ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ බව අමතක නොකළ යුතුවේ. 
මෙවන් තත්ත්වයක තිබෙන මලල ක්‍රීඩාව යළි ගොඩනැංවීමට නව සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට දැඩි කැපවීමකින් කටයුතු කිරීමට සිදුවී තිබේ. 
සුගත් තිලකරත්න දක්ෂ මලල ක්‍රීඩකයකු බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා නමුත් දක්ෂ පරිපාලකයකු නොවන බව ඔප්පු කර තිබේ. අත්දැකීම් පිරි පින්නවලලා සමග කනිෂ්ඨ නිලධාරියකු ලෙස වසර 7ක් 8ක් වැඩ කොට ඉහළ තනතුරකට පත්වීමට සුගත්ලාට හැකියාවක් තිබුණි. එසේ නොකර කෙළින්ම සභාපති වීමෙන් තමන්ට කළ හැකි යමක් නොමැති බව දැන් සුගත් තිලකරත්නටද තේරී ඇතුවාට සැක නැත.
හිටපු නිලධාරීන්ද වත්මන් පරිපාලනයට සම්බන්ධ කරගන්නා බව මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජයග්‍රහණයෙන් පසු පවසා තිබේ. එහෙත් සුගත්ලා සම්බන්ධ කර ගත යුත්තේ මලල ක්‍රීඩකයන් සොයාගෙන ඔවුන්ගේ දස්කම් ඉදිරියට ගෙනයාමට පුහුණු උපදෙස් ලබා ගැනීමට මිස පරිපාලනය සඳහා නොවන බව නව සභාපතිවරයා තේරුම් ගත යුතුවේ.
එළැඹෙන ආසියානු ශූරතා තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම තම පළමු අභියෝගය බව පාලිත ප්‍රනාන්දු පවසා තිබේ. 
එහෙත් සත්‍ය වශයෙන්ම ඔහුගේ පළමු අභියෝගය වන්නේ 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සාර්ථක කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමයි.
ළඟ ඇති තරගාවලි ගැන වැඩි අවධානයක් යොමු නොකර මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණු සංචිත පිහිටුවීමට කටයුතු කිරීමත් ඊට සුදුසු පුහුණුකරුවන් සහ අවශ්‍ය පහසුකම් ලබා දීමත් නව සභාපතිවරයාට පැවැරෙන පළමු රාජකාරියයි.
සුසන්තිකා ජයසිංහගේ වාර්තා බිඳ දැමිය හැකි රොමේෂිකා රත්නායක වැනි ක්‍රීඩිකාවක් කෑගල්ලන් බිහිවී තිබේ. ඔවුන් රැකබලාගෙන ඉදිරිය සඳහා රැගෙන යාමට වහාම වැඩපිළිවෙළක් සකස් කිරීම පාලිත-පින්නවල යුගලයේ වගකීමයි.
ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් මලල ක්‍රීඩා පුහුණු සංචිතය පිහිටුවීම වහාම කළ යුතු අතර, ඔවුන්ට දීර්ඝකාලීන පුහුණුවක් සහ ජයග්‍රාහී මානසිකත්වයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කාර්යයක් වී තිබේ.
මෙම කටයුතු සඳහා නිසි උපදෙස් හා අවශ්‍ය පහසුකම් ලබාදීමට වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාද සූදානමින් සිටින බැවින් මලල ක්‍රීඩාව නිවැරදි මාවතට ගෙන යාමට මෙය හොඳම අවස්ථාවයි.
මලල ක්‍රීඩාවට දැන් අවශ්‍ය වන්නේ කයිවාරුකාරයන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන්නන් පිරිසකි. ඇල්මැරුණු කිසිදු ජවයක් නොතිබූ වසර කිහිපයකින් පසු යළිත් නැවුම් බලා‍පොරොත්තුවක් ඇතිවී තිබේ. මලල ක්‍රීඩාව යළිත් අළුගසා දමා නැගිටිනු ඇතැයි ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා තුළ විශ්වාසයක් ඇතිවී තිබේ. සුගත් තිලකරත්නව වැඩි ඡන්ද 47කින් පරාජය කිරීමට පාලිත ප්‍රනාන්දුට හැකිවූයේ ක්‍ෂේත්‍රයේ එම බලා‍පොරොත්තුව නිසයි. පින්නවල නිතරගයෙන් පත්වූයේද එම බලා‍පොරොත්තු හේතුවෙනි. 
දැන් සියල්ලන් බලා සිටින්නේ පාලිත ප්‍රනාන්දු - ප්‍රේමා පින්නවලගේ වැඩ ගැනයි. මෙය මලල ක්‍රීඩාව ගොඩගැනීමට ඔබලාට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය. 
 
මලල ක්‍රීඩා නව නිලධාරී මණ්ඩලය
 
සභාපති - මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු
 
‍ලේකම් - ප්‍රේමා පින්නවල
 
උප සභාපතිවරු (7) 
ලාල් චන්ද්‍රකුමාර, ජී.එල්.එස්. පෙරේරා, එච්.ඩබ්ලිව්. නිමල්සිරි, අනිල් වීරසිංහ, ඒ.එච්.එම්. අක්මාල්, නයන්ති කුමාරි චන්ද්‍රසේන, අයිරාංගනී රූපසිංහ
 
භාණ්ඩාගාරික - ශාන්ත ද සිල්වා
උප ‍ලේකම්  - බර්නාඩ් පෙරේරා
උප භාණ්ඩාගාරික  - එච්.ඒ. උපාලි
 
 මංගල ධර්මප්‍රේම 
 
ඡායාරූපය - මලිත් ගමගේ{jcomments on}

ලබන ජූලි මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි කරවන  ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැති තේරීම් තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු ආසියානු මලල ක්‍රීඩා පරිසාධන මට්ටම පසු කිරීමට සමත් වී තිබේ.
මේ අනුව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති දෙවැනි තේරීම් තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙක්ද, ඉකුත් අප්‍රේල් මාසයේ පැවැති පළමු තේරීම් තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙක්ද පරිසාධන මට්ටම ඉක්වීමට සමත් වූහ.
දෙවැනි තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුවද එය ආසියානු මලල ක්‍රීඩා පරිසාධන මට්ටම පසුකිරීමට ප්‍රමාණවත් නොවීය.
මෙහිදී ඉෂාර සඳරුවන් (රිටි පැනීම - මීටර් 5.11), අනිතා ජෙගතේස්වරන් (රිටි පැනීම - මීටර් 3.41) සහ චරිත් කපුකොටුව (යගුලිය විසිකිරීම - මීටර් 17.55) ඔවුන්ගේම ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට සමත් වූහ.
මේ අනුව ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම සඳහා අද (5දා) ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව රැස්වන බව එම කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා ‘ලක්බිම’ට පැවැසීය.
ආසියානු මලල ක්‍රීඩා පරිසාධන මට්ටම ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
පළමු තේරීම් තරග :- මංජුල කුමාර (උස පැනීම), හිමාෂ එෂාන් (මී. 100), නිලානි රත්නායක (මීටර් 3000 බාධක), ගයන්තිකා අබේරත්න (මී. 800), නිමාලි ලියනාරච්චි (මී. 8000)
දෙවැනි තේරීම් තරග  :- දිල්හාන් ‍ලේකම්ගේ (කවපෙත්ත), රුමේෂිකා රත්නායක (මී. 100), අජිත් ප්‍රේමරත්න (මී. 400), දිලිප් රුවන් (මී. 400), විනෝද් සුරංජන් ද සිල්වා (මී. 200), දිනුක ලියනපතිරණ (දුර පැනීම), වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසිකිරීම)
 
සුනිල් අභයවර්ධන
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2003

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1095

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5102

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2935

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5017

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6241

Please publish modules in offcanvas position.