Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා පැවැති ඌව පළාත් ක්‍රීඩා උළෙ‍ලේදී පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 6ක් දිනා ගැනීමට  ජෙහාන් ඇන්ජලෝ සමත්විය.
බදුල්ල ඌව මහා විදුහ‍ලේ 9 ශේ්‍රණියේ ඉගෙනුම ලබන ජෙහාන් ඇන්ජලෝ මීටර් 50 පසුපස ආර, මීටර් 50 සමනළ ආර, මීටර් 100 පසුපස ආර, මීටර් 200 පසුපස ආර, මීටර් 400 නිදහස් ආර සහ මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වලදී රන් පදක්කම් දිනාගෙන තිබේ.
බදුල්ල ඌව මහා විදුහ‍ලේ විදුහල්පති බි,කේ.එම්. ජයතිස්ස මහතා සමග රන් පදක්කම් දිනූ ජෙහාන් ඇන්ජලෝ ඡායාරූපයේ.
 
සුලක්ෂ පියතිස්ස - බදුල්ල

ලබන ජූලි මාසයේ 6දා සිට 9දා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මංජුල කුමාර වීරසේකර පත්කර තිබේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 දින පිටත්ව යන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22ක්, පුහුණුකරුවන් 11ක් සහ නිලධාරීන් දෙදෙනකුට සංචාරයට සහභාගි වීම සඳහා අනුමැතිය හිමිවී තිබේ.
තරගාවලියට පෙර පුහුණුවීමට බුවනේෂ්වර් ක්‍රීඩාංගණය හිමිවී ඇති බැවින් කණ්ඩායම කල්වේලා ඇතිව පිටත්ව යන අතර, කෙටි ධාවන ශූර හිමාෂ එෂාන්ද විදෙස් පුහුණුවක නිරත වීමෙන් පසු කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.
(සුනිල්)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස සංගමයේ උප සභාපතිවරයෙක් වූ ජී.එල්.එස්. පෙරේරා මහතා පත්කර තිබේ.
පසුගියදා රැස්වූ මලල ක්‍රීඩා සංගමයේ විධායක කමිටු රැස්වීමකදී පත්කරනු ලැබූ මෙම තාක්ෂණ කමිටුවට සාමාජිකයන් ලෙස පී.එච්.ඩී. වෛද්‍යතිලක, ඒ.ටී. නුගේගොඩ, පී.එල්.ඒ. සැම්සන් සහ ටී. දේවේන්ද්‍රන් යන මහත්වරුන් සහ ‍ලේකම් ලෙස ටේ‍රනාඩෝ ජයසුන්දර මහතාද ඇතුළත් වී සිටිති. 
දැනට ශ්‍රේණි 5ක් යටතේ මලල ක්‍රීඩා තාක්ෂණ නිලධාරීන් ලෙස කටයුතු කරන එම නිලධාරීන්ට අලුතින් හැඳුනුම්පත් නිකු කිරීම, තාක්ෂණික නිලධාරීන් විශේෂ රක්ෂණ ක්‍රමයකට යොමු කිරීම සහ මලල ක්‍රීඩා සංගමයේ තාක්ෂණ නිලධාරීන් ඒ ඒ ඉසව් අනුව වර්ගීකරණය කිරීම ඉදිරි දිනවලදී තම කමිටුව හරහා සිදු කිරීමට නියමිත මූලික කාර්යයන් කිහිපයක් බව නව සභාපති ජී.එල්.එස්. පෙරේරා මහතා සඳහන් කර සිටියේය. (සුනිල්)

2018 ආසියානු සහ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩා සංගම් 25ක ක්‍රීඩා සංචිත සැප්තැම්බර් මස අවසන් වීමට පෙර පිහිටුවන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා සංගම් සහ සම්මේලන නිලධාරීන්ට නියෝග කර තිබේ.
2018 ආසියානු සහ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගී කරවන ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබේ.
මෙම රැස්වීම සඳහා ක්‍රීඩා 25කට අයත් ක්‍රීඩා සම්මේලන නිලධාරීන් සහභාගි වූහ.
මෙම ක්‍රීඩා උළෙලවල් සඳහා සහභාගි කරවන ක්‍රීඩා කණ්ඩායම් සහ ඉසව් මතෛක් ස්ථිර වශයෙන් තීරණය කර නොමැති අතර, එම තරගාවලිවල පරිසාධන මට්ටම් සලකා බලා ඉදිරියේදී එය තීරණය කරන බව එහිදී දන්වා තිබේ.
ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ට මෙහිදී තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කිරීමටද අවස්ථාව හිමිවී තිබේ.
එහිදී විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම, පුහුණු කටයුතු සඳහා ක්‍රීඩාංගණ පහසුකම් සහ දියුණු
තාක්ෂණික පහසුකම්වල අවශ්‍යතාවයන් එම සංගම් නිලධාරීන් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබේ.
එම සියලු පහසුකම් සපයා දීමට පෙර සියලු තේරීම් තරග පවත්වා සංචිත ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් ක්‍රීඩා අමාත්‍යවරයා එම ගැටලු සහ යෝජනා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ.
ක්‍රීඩා නිලධාරීන්ගේ එම ඉල්ලීම් සහ ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද යන්න ඉදිරියේදී තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2018 වසරේ අප්‍රේල් මස  ඕස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් හිදී පැවැත්වෙන අතර, ආසියානු ක්‍රීඩා උළෙල එම වසරේම අගෝස්තු මස ඉන්දුනීසියාවේ ජාකාර්තාහිදී පැවැත්වේ.

ප්‍රභාත් විදානපතිරණ

Walk

ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ තරග ඇවිදීමේ ඉසව්වේ කාන්තා-පිරිමි  රන් පදක්කම් දෙකම බස්නාහිර පළාතට දිනා දීමට නිරෝෂන් අප්පුහාමි සහ කල්හාරි මදිරිකා සමත් වූහ.
තරග ප්‍රතිඵල
පිරිමි :- 1. නිරෝෂන් අප්පුහාමි (බස්නාහිර-පැය 1 වි. 40.06), 2. එස්.එස්. දනුෂ්ක (උතුරු මැද - පැය 1 වි. 42.12), 3. එස්.එස්. ප්‍රනාන්දු (බස්නාහිර - පැය. 1 වි. 45.26), 4. කුමාර අබේරත්න (වයඹ), 5. එම්.එම්.සී. වලිකුඹුර (වයඹ),
කාන්තා :- කල්හාරි මදිරිකා (බස්නාහිර - පැය 1 වි. 48 තත්. 36), 2. දිනුෂ්කා දිල්හානි (දකුණ - පැය 1. වි. 56.17), 3. ලක්ෂ්මී කල්‍යාණි (දකුණ - පැය 2 වි. 01.21) 4. එම්.එස්. ජයරත්න (උතුරු මැද), 5. සුබෝධා හංසිකා (දකුණ),

සුනිල් අභයවර්ධන

තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවේ විදූෂා ලක්ෂාණි රිදී පදක්කමක් ද අජිත් කරුණාතිලක ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත්වී තිබේ.
ඊයේ පැවැති කාන්තා තුන් පිම්ම තරගයේදී මීටර් 13.43ක දක්ෂතාවක් දක්වමින් විදූෂා රිදී පදක්කම දිනාගෙන ඇති අතර පිරිමි දස ප්‍රයාම තරගයේදී අජිත් කරුණාතිලක ලකුණු 6913ක් සමගින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ.
ඊයේ නිමාවට පත්වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1275

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2126

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2074

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4909

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4539

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7323

Please publish modules in offcanvas position.

DMC Firewall is a Joomla Security extension!