Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දේශීය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සුවිශාලතම ක්‍රීඩා එකතුව ලෙස සැලකෙන ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි 43 වැන්න සැප්තැම්බර් මස 22, 23 සහ 24 දිනයන්හිදී මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සංවිධායකයින් වන ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ප්‍රදේශයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.
ඒ සඳහා බස්නාහිර, මධ්‍යම, ඌව, වයඹ, නැගෙනහිර, උතුරු මැද, උතුර, සබරගමුව සහ දකුණ යන පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේ පළමු අදියර ඒ ඒ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයන්හි පැවැති ක්‍රීඩා සමාජාන්තර තරග ලෙස පැවැති අතර, දෙවැනි අදියර ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරුණි.

අනතුරුව පැවැති පළාත් ක්‍රීඩා තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටියි.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේ ආරම්භක දින ඔලිම්පික් පහන දැල්වීමට පෙර අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 22දා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි ඔලිම්පික් ගිනිසිළුව ධාවනය කරවීමටද සංවිධායකයින් කටයුතු කර තිබේ.

මෙහි ආරම්භය අගෝස්තු 28 දින පෙරවරු 8.00ට ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ සිදු කෙරේ.
43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රියාත්මක කෙරෙන 2017 වසරට ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කර වසර 50ක් සපිරීම සංකේතවත් කරමින් ක්‍රීඩා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබිමද කැපී පෙනෙයි.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ආරම්භය, විකාශනය සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වය සමග ලබාගත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සහිත සංකේත සහ ඡායාරූප මෙන්ම ලිපි ‍ලේඛනද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙති.

අ‍පොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වීමට හැකිවන පරිදි තරග දින දර්ශනය සංශෝධනය කර ඇති අතර, ඒ අනුව ඉදිරි කණ්ඩායම් ක්‍රීඩා තරග සැප්තැම්බර් 3දා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

සැප්තැම්බර් මස 3, 4 සහ 5 දිනවල ටයිකොන්ඩෝ තරග කොළඹදීද,  වෙරළ කබඩි තරග පානදුරේදීද, ජූඩෝ තරග ‍පොළොන්නරුවේදීද, වෙරළ වොලිබෝල් තරග මීගමුවේදීද පැවැත්වේ.
සැප්තැම්බර් 4 සහ 5 තුන් ප්‍රයාම තරග නිකවැරටියේදී පැවැත්වෙන අතර, සැප්තැම්බර් 6 සහ 7 දා මල්ලව‍පොර තරග නාවලපිටියේදීද, කරාතේ තරග දිගනදීද, පිහිනුම් තරග කොළඹදීද පැවැත්වේ.
සැප්තැම්බර් 4, 5 සහ 6 දිනවල ජිම්නාස්ටික් තරගද සැප්තැම්බර් 9 සහ 10දා රග්බි තරග කොළඹදී පැවැත්වේ.

සැප්තැම්බර් 10 සහ 11දා දැල්පන්දු තරග ‍පොළොන්නරුවේදීද, 10, 11 සහ 12 දිනයන්හි කබඩි තරග මාතරදීද පැවැත්වේ.
සැප්තැම්බර් 12, 13 සහ 14 දිනවල ක්‍රිකට් තරග කුරුණෑගලදීද, එල්‍ලේ සහ වූෂු තරග අනුරාධපුරයේදීද, පැසිපන්දු තරග අම්බලන්ගොඩදීද, හොකී තරග කොළඹදීද පැවැත්වේ.

සැප්තැම්බර් 16, 17 සහ 18දා බැඩ්මින්ටන් තරග කොළඹදීද, 16, 17, 18 සහ 19දා හෑන්ඩ්බෝල් තරග බණ්ඩාරගමදීද, 19 සහ 20 කඹ ඇදීමේ තරග කොළඹදීද පැවැත්වේ.
සැප්තැම්බර් 20, 21, 22 සහ 23 දිනවල වොලිබෝල්, බොක්ෂිං සහ පාපන්දු තරගද, කායවර්ධන තරග 23 වන දින මාතරදීද පැවැත්වේ.
ඒ අනුව පිරිමි සහ කාන්තා වොලිබෝල්, පිරිමි සහ කාන්තා බොක්ෂිං, පිරිමි සහ කාන්තා පාපන්දු සහ පිරිමි කාය වර්ධන තරග 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි මලල ක්‍රීඩා තරග ඉසව්වලට සමගාමීව මාතරදී පැවැත්වීම කැපී පෙනෙයි.

 

සපුමල් වීදියබණ්ඩාර

එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 400 වත්මන් ලෝක ශූරයා වන වේඩ් වැන් නිකර්ක් දකුණු අප්‍රිකාවට රන් පදක්කම දිනා දීමට සමත් විය.
2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ සහ 2015 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේද මීටර් 400 රන් පදක්කම් ලාභී වැන් නිකර්ක් මෙවර ලන්ඩන් තරගාවලියේදී තත්පර 43.98ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
බහමාස්හි ස්ටීවන් ගාර්ඩිනර් රිදී පදක්කම (44.41) දිනාගත් අතර, කටාර් රාජ්‍යයේ අබ්ඩලෙල්ලා හරොන් ලෝකඩ පදක්කමේ (44.48) හිමිකරුවා විය.
ක්‍රීඩා උළෙ‍ලේ තවත් ප්‍රධාන තරග ඉසව්වක් වූ පිරිමි මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ප්‍රංශයේ පියර් ඇම්බ්‍රොයිස් බොසේ (මි. 1.44.67) සමත් විය. එහි රිදී පදක්කම ‍පෝලන්තයේ කේ. ඇඩම් (1.44.95) දිනාගත් අතර, ලෝකඩ පදක්කම කෙන්යාවේ කිපිගොන් බෙට් (1.45.21) සතුවිය.
පිරිමි රිටි පැනීම ඉසව්වේදී මීටර් 5.95ක දක්ෂතාවක් දැක්වූ ඇමෙරිකාවේ සෑම් කෙන්ඩිරික්ස් රන් පදක්කම දිනා ගනිද්දී, එහි රිදී පදක්කම ‍පෝලන්තයේ පියොට් ලිසෙක්ටද (5.89), ලෝකඩ පදක්කම ප්‍රංශයේ රෙනෝඩ් ලැවිලිනයි (5.89) සතු විය.
කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේදී චෙක් ජනරජයට පළමු රන් පදක්කම දිනා දීමට බාබරා ස්‍පොටකෝවා (මී. 66.7) සමත් වූ අතර, රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම චීනයට හිමි විය.
පිරිමි මීටර් 3000 බාධක දිවීම ඉසව්වේදී මි. 8.14.12ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ කොන්සෙස්ලූස් කිප්රුටෝ  සමත් වූ අතර, රිදී පදක්කම මොරොක්කෝවටද, ලෝකඩ පදක්කම ඇමෙරිකාවටද හිමි විය.

ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ ඔමාර් මැක්ලියොඩ් සමත් විය.
මෙවර තරගාවලියේදී මීටර් 100 කාන්තා සහ පිරිමි රන් පදක්කම් දෙකම ජැමෙයිකාවෙන් ගිලිහී යාමෙන් පසු ඔමාර් මැක්ලියොඩ් තත්පර 13.04කදී මී. 110 කඩුලු පැනීමේ ඉසව්ව අවසන් කරමින් ජැමෙයිකාවට පළමු රන් පදක්කම දිනා දුන්නේය. 
එම ඉසව්වේ රිදී පදක්කම කිසිදු රටක් නියෝජනය නොකරමින් ස්වාධීන ක්‍රීඩකයකු ලෙස තරගාවලියට සහභාගි වූ සර්ජි ෂුබෙන්කෝව් (13.14) දිනා ගැනීම කාගේත් අවධානයට ලක්වූ අතර, ලෝකඩ පදක්කම හංගේරියාවේ බැලස් බාජ්ට (13.28) හිමිවිය.
කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම කෙන්යාවට හිමිකර දීමට චෙපන්ගෙටිච් කිපිගන් (මි. 4.02.59) සමත් වූ අතර, රිදී පදක්කම ඇමෙරිකාවේ ජෙනිෆර් සිම්ප්සන් (4.02.76) ටද, ලෝකඩ පදක්කම දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමන්යා (4.02.90) ටද හිමි වූවාය.
කාන්තා මිටිය විසිකිරීම ඉසව්වේදී ඇනිටා වොඩර්සියැක් මීටර් 77.90ක දක්ෂතාවක් දක්වමින් ‍පෝලන්තයට පළමු රන් පදක්කම දිනාදුන් අතර, කාන්තා තුන්පිම්ම ඉසව්වේදී වෙනිසියුලාවේ යුලිමාර් රොජස් (14.91) රන් පදක්කම දිනා ගත්තාය. 

ලොව වේගවත්ම ධාවන ශූරයා ලෙස ලෝක වාර්තාවටද හිමිකම් කියන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය අවසන් ජාත්‍යන්තර මීටර් 100 තරගයේදී ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හමුවේ පරාජයට පත්විය.
ලන්ඩන්හිදී මේ දිනවල පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් තරගයේදී තත්පර 9.95ක කාලයකින් තරගය අවසන් කළ උසේන් බෝල්ට්ට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.
එහිදී තත්පර 9.92කින් තරගය අවසන් කළ ජස්ටින් ගැට්ලින් රන් පදක්කම දිනාගත් අතර, ඇමෙරිකාවේම ක්‍රිස්ටියන් කෝල්මන් (9.94) රිදී පදක්කම දිනා ගත්තේය.
මෙම අවසන් තරගයේදී තවත් සුපිරි ධාවන ශූරයකු වන ජැමෙයිකාවේ යොහාන් බ්‍ලේක් සිව්වැනි ස්ථානයට (9.99) පත්විය.
ඔලිම්පික් රන් පදක්කම් 8ක් සහ ලෝක ශූරතා රන් පදක්කම් 11ක් සමගින් ජාත්‍යන්තර රන් පදක්කම් 19ක් දිනා සිටි උසේන් බෝල්ට් සිය 20 වැනි ජාත්‍යන්තර රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියන් සමුගන්නා බව මෙම තරගාවලියට පෙර ප්‍රකාශ කර තිබුණි.
උසේන් බෝල්ට්ට මෙම 20 වැනි ජාත්‍යන්තර රන් පදක්කම දිනා ගැනීමේ තව එක් අවස්ථාවක් හිමිවී ඇති අතර, ඒ අනුව ඔහු ලබන 12දා දා පැවැත්වෙන මීටර් 4*100 සහාය දිවීමේ තරගයට සහභාගි වීමට නියමිතව තිබේ.
දිගු දුර දිවීමේ ලෝක ශූර මොහොමඩ් ෆාරා සිය අවසන් ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වෙමින් මීටර් 10,000 තරගයේදී රන් පදක්කම (මිනිත්තු 26.48.51) දිනා ගැනීමට සමත් විය.
මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරන ෆාරා සහභාගි වන අවසන් ජාත්‍යන්තර තරග ඉසව්ව ලෙස මීටර් 5000 තරගයට සහභාගි  වීමට නියමිතය.

රටවල් 202කගේ සහභාගිත්වයෙන් 16 වැනි වරටත් පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල අද 4දා ලන්ඩන්හිදී ආරම්භ වේ.
අද සිට ලබන 13දා දක්වා දින 10ක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු එක්වී සිටිති.
ලොව වේගවත්ම කෙටි දුර ධාවන ශූරයා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය මෙය වන බැවින් වැඩි ප්‍රේක්ෂක අවධානය ඔහු වෙත යොමුවී තිබේ.
මෙම තරගාවලියට උසේන් බෝල්ට් මී. 200 තරග ඉසව්වට සහභාගි නොවන අතර, මීටර් 100 (5දා අලුයම 01.20ට) සහ 4*100 තරග ඉසව් දෙකට පමණක් සහභාගි වේ.
6 වැනි ඉරිදා අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (ප.ව. 3.55) සහ හිරුණි විජේරත්න (ප.ව. 7.00) පිරිමි සහ කාන්තා මැරතන් අවසන් තරගවලට සහභාගි වෙති.
ශ්‍රී ලංකා වේලාවෙන් ලබන 10දා මධ්‍යම රාත්‍රී 12.25ට නිමාලි ලියනාරච්චි මී. 800 ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගි වන අතර, 11දා අලුයම 1.20ට වරුණ ලක්ෂාන් දයාරත්න හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගවලට සහභාගි වේ.
දෙවරක් ඔලිම්පික් තරගාවලි නියෝජනය කරමින් අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගි වන තෙවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර, අනෙක් ක්‍රීඩකයින් තිදෙනාගේම පළමු ලෝක ශූරතා තරගාවලිය ලෙස මෙය සටහන් වෙයි.
සුසන්තිකා 1997 ග්‍රීසියේ ඇතැන්ස්හි පැවැති ලෝක ශූරතාවලියේදී මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, 2007 වසරේ ජපානයේ ඔසාකාහිදී පැවැති ලෝක ශූරතා තරගාවලියේදී මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල අද  (19දා) බහමාස්හිදී ආරම්භ වේ.
මෙම ක්‍රීඩා උළෙල බහමාස්හි නසාවු නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන 23 දා දක්වා රටවල් 64ක් නියෝජනය කරමින් අවුරුදු 14-18 වයස් සීමාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1050කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
මෙවර 6 වැනි ‍පොදුරදමඬුලු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 6ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙක් තරග බිමට පිවිසෙති.
ක්‍රීඩා උළෙ‍ලේ පැවැත්වෙන මලල ක්‍රීඩා, බොක්සිං, ජල ක්‍රීඩා, ජූඩෝ, සත් සාමාජික රග්බි සහ ටෙනිස් ක්‍රීඩා 6 සඳහා පමණක් ශ්‍රී ලංකාව සහභාගිවේ. මීට අමතරව බිච් වොලිබෝල්, බිච් පාපන්දු සහ පාපැදි යන ක්‍රීඩාද මෙවර ක්‍රීඩා උළෙලට ඇතුළත් වී තිබේ.
 
ශ්‍රී ලංකා කණ්ඩායම
 
සත් සාමාජික රග්බි
දුලංජන පියතිස්ස (ධර්මරාජ), ක්‍රිස්ටියන් ෆෙඩ්රික් (ශා. තෝමස්), ගැමුණු කුමාරසිංහ (ශා. ජෝශප්), දිමුත් ලියනගේ (ශා. අන්තෝනි), ජොනතන් වීරකෝන් (ත්‍රිත්ව), මොහොමඩ් සබිර් (ශා. අන්තෝනි), නදීෂ චමින්ද විතානගේ (ඉසිපතන), තනුජ් රාජරත්නම් (ත්‍රිත්ව), රවීන් ප්‍රනාන්දු (ශා. පීතර), අනුරුද්ධ අල්විස් (ශා. ජෝශප්), තුවාන් සබාර් (වෙස්ලි), විශ්ව රණරාජි (ත්‍රිත්ව)
 
මලල ක්‍රීඩා 
ප්‍රමෝද මධුභාෂණ - දුර පැනීම, තුන් පිම්ම (මාරිස්ටෙලා), නවෝද සංකල්ප  - මී. 400 කඩුලු (මහින්ද විදුහල), ෂෙහාන් කාරියවසම් - මී. 110 කඩුලු (ශා. ජෝශප්), කවින්ද්‍යා තත්සරණි - මී. 400 කඩුලු (අඹගමුව මැදි විදුහල), සචිනි දිව්‍යාංජලී - මී. 100, 200 (වත්තල ලයිසියම්), සඳුණි චවිප්‍රභාවි බණ්ඩාර - මී. 400 (කෑගල්ල ශා. ජෝශප්)
පිහිනුම් 
අකලංක පීරිස් (බම්බලපිටිය ශා. පීතර), කගිල් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල), අවන්ති දෙව්මි පෙරේරා (සිරිමාවෝ බණ්ඩාරනායක), විනෝලි සෙනෙවිරත්න (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)
බොක්සිං 
කාවින්ද සංජය බණ්ඩාර (පිළිමතලාව ධීරානන්ද), මධුමාලි ප්‍රියදර්ශනී (නුවරඑළිය පල්‍ලේබෝවිල මහ විදුහල)
ජූඩෝ 
සූරිය තිසර කස්තුරිආරච්චි (නාවලපිටිය අනුරුද්ධ මහ විදුහල), සමිනා රිෆාස් (ගම්‍පොල ශා. ජෝශප් බාලිකා)
ටෙනිස්
විබුදු විජයබණ්ඩාර (කොළඹ ආනන්ද), අනිතා සේනාරත්න (කාන්තා විදුහල)
 
ප්‍රභාත් විදානපතිරණ
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2323

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1537

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 814

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1826

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5462

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3412

Please publish modules in offcanvas position.

Web Analytics