Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලියේ බාලක සමස්ත ශූරතාව හොටහේන ශා. බෙනඩික්ට් විදුහලද (ලකුණු 83), බාලිකා සමස්ත ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලද (ලකුණු 112) දිනා ගැනීමට සමත් විය.

වයස් කාණ්ඩ 5ක් යටතේ බාලක සහ බාලිකා ලෙස පැවැති මෙවර තරගාවලියේ ලකුණු 71ක් හිමිකරගත් මීගමුව මාරිස්ටෙලා විදුහල බාලක අනුශූරතාව දිනාගත් අතර, වලල ඒ. රත්නායක මැදි විදුහලට තෙවැනි ස්ථානය (ලකුණු 60) හිමිවිය.
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල ලකුණු 66ක් හිමිකර ගනිමින් බාලිකා අනුශූරතාව දිනාගත් අතර, ලකුණු 42ක් හිමිකරගත් රත්නපුර සුමන බාලිකාව තෙවැනි ස්ථානයට පත්විය.

තරගාවලියේ බාලිකා ශූරතාව සහ බාලක තෙවැනි ස්ථානය දිනාගනිමින් ලකුණු 172ක් හිමිකරගත් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලට මිශ්‍ර පාසල් ශූරතාවද හිමිවූ අතර, එහි අනුශූරතාව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල (ලකුණු 79) විදුහලටද, තෙවැනි ස්ථානය පන්නිපිටිය ධර්මපාල (ලකුණු 64) විදුහලටද හිමිවිය.

නෙස්‍ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.


සපුමල් වීදිය බණ්ඩාර

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට ටී.එන්.බි. ජනනී හපුතැන්න සමත් වූවාය.
කිලෝ ග්‍රෑම් 90ට අඩු බරපන්තිය යටතේ තරග වැදුණු ජනනී හපුතැන්න ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 78ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 100ක බරක් ඔසවමින් කිලෝ ග්‍රෑම් 178ක මුළු බර එකතුවක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
මේ අනුව මෙවර ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව ‍‍‍ජ්‍යෙෂ්ඨ අංශය යටතේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්ද, කනිෂ්ඨ අංශය යටතේ ලෝකඩ පදක්කම් දෙකක්ද දිනා ගැනීමට සමත් විය.

(සපුමල්)

පොළොන්නරුව ජාතික ක්‍රීඩා ක්‍රීඩාංගණයේදී ඊයේ (10දා) අවසන් වූ 29 වැනි මහවැලි ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව සහ ජනාධිපති ශූරතාව දිනා ගැනීමට මහවැලි ‘බි’ කලාපය සමත් විය.
මහවැලි ‘බි’ කලාපය රන් පදක්කම් 13ක්, රිදී 9ක් සහ ලෝකඩ 7ක් සමගින් ලකුණු 82ක් හිමිකර ගනිමින් ශූරතාව දිනා ගනිද්දී රන් පදක්කම් 7ක්, රිදී 9ක් සහ ලෝකඩ 6ක් සමගින් ලකුණු 63ක් හිමිකරගත් මහවැලි ‘එච්’ කලාපයට අනුශූරතාව හිමිවිය.
මෙවර මහවැලි ක්‍රීඩා උළෙ‍ලේදී නව තරග වාර්තා පිහිටුවූ හුරුළුවැව කලාපයේ රොෂාන් බුද්ධික රාජපක්ෂ සහ වලව කලාපයේ නදීෂා රාමනායක ජවන හා පිටිය දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස සම්මාන දිනාගත්හ.
රොෂාන් බුද්ධික දුර පැනීම ඉසව්වේදී මී. 7.40ක දක්ෂතාවක් දක්වමින්ද, නදීෂා රාමනායක මීටර් 400 ඉසව්ව තත්පර 56.0ක දක්ෂතාවක් දක්වමින්ද නව තරග වාර්තා පිහිටුවීමට සමත් වූහ.
ක්‍රීඩා උළෙ‍ලේ ජවන හා පිටිය පිරිමි ශූරතාව මහවැලි ‘බි’ කලාපය දිනාගත් අතර, ජවන හා පිටිය කාන්තා ශූරතාව වලව කලාපය සතුවිය.
පිරිමි යගුලිය විසිකිරීම ඉසව්වේදී මීටර් 13.63ක දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවූ මහවැලි ‘බි’ කලාපයේ සංජීව චතුරංග රණසිංහ ක්‍රීඩා උළෙ‍ලේ දක්ෂතම විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී නව තරග වාර්තා 5ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. 
පාපැදි පිරිමි ශූරතාව ‘එච්’ කලාපය දිනාගත් අතර, කාන්තා ශූරතාව ‘සී’ කලාපය සතුවිය.
මහවැලි ‘බි’ කලාපය එල්‍ලේ පිරිමි ශූරතාව දිනා ගත් අතර, කාන්තා ශූරතාව ‘එච්’ කලාපය දිනා ගත්තේය.
ක්‍රිකට් පිරිමි ශූරතාව වික්ටෝරියා කලාපයද, කාන්තා ශූරතාව ‘එච්’ කලාපයද දිනාගත් අතර, පාපන්දු පිරිමි ශූරතාව මහවැලි ‘බි’ කලාපය සතුවිය.
දෙදිනක් පුරා පැවැති මෙවර මහවැලි ක්‍රීඩා උළෙල මහවැලි කලාප 10ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 
ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව 

ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රමුඛතම සහ සුවිශාලම ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙ‍ලේ 34 වැනි අදියර ඔක්තෝබර් 2දා කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කෙරේ.
මෙවර ක්‍රීඩා උළෙල නව මුහුණුවරකින් පැවැත්වීමට සංවිධායකයින් වන අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර, සමාරම්භක උළෙල 2දා පස්වරු 2.30ටද, සමාප්ති උත්සවය 15දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී විචිත්‍රවත් අයුරින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ක්‍රීඩා 26කින් සැදුම්ලත් මෙවර ක්‍රීඩා උළෙල දින 14ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙලට දිවයිනේ පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙති.
පිළිවෙළින් අධ්‍යාපන කොට්ඨාස තරග, කලාප තරග සහ පළාත් තරගවලින් ජයගත් ක්‍රීඩකයින් මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
බොක්සිං, බර ඉසිලීම, ජූඩෝ ඇතුළු කණ්ඩායම් ක්‍රීඩා කිහිපයක් සෘජුවම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සහභාගි කරවා ගැනීමට මෙවර අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙවර ක්‍රීඩා උළෙලට ප්‍රථම වරට රග්බි සහ වෙරළ වොලිබෝල් හඳුන්වා දී ඇති අතර, රග්බි තරග සත් සාමාජික තරගාවලියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
බැඩ්මින්ටන්, චෙස්, දැල්පන්දු, පිහිනුම්, ඇරොබික් ජිම්නාස්ටික්, කරාතේ, කබඩි, වෙරළ වොලිබෝල්, කැරම්, ශාරීරික අභ්‍යාස, තේ‍රා්බෝල්, පාපන්දු, පැසිපන්දු, හොකී, ක්‍රිකට්, බර ඉසිලීම, පාපැදි, වොලිබෝල්, සත් සාමාජික රග්බි, ජිම්නාස්ටික්, මේසපන්දු, එල්‍ලේ, බොක්ෂිං, ටයිකොන්ඩෝ, මල්ලව‍පොර සහ මලල ක්‍රීඩා මෙවර ක්‍රීඩා උළෙලට ඇතුළත් වේ.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝබර් 11, 12, 13, 14 සහ 15 දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
1984 ආරම්භයේ සිට 21න් පහළ 19න් පහළ 17න් පහළ 15න් පහළ 13න් පහළ සහ 11න් පහළ වයස් සීමා යටතේ පැවැති මලල ක්‍රීඩා තරග මෙවර තරගාවලියේදී අවු. 20න් පහළ 18න් පහළ 16න් පහළ 14න් පහළ සහ 12න් පහල (බාලක - බාලිකා) ලෙස වෙනස් කර තිබිම කැපී පෙනෙන සිදුවීමකි.
 
සපුමල් වීදියබණ්ඩාර

ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන 29 වැනි මහවැලි ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 9 සහ 10 දෙදින ‍පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
මෙවර තරගාවලියට මහවැලි කලාප 10ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න පිරිසක් සහභාගි වන අතර, මලල ක්‍රීඩා තරග සඳහා පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න පිරිසක් සහභාගි වන බව ඊයේ (4දා) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැති ක්‍රීඩා උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අනාවරණය විය.
ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් උදෑසන 6.00ට දල්වා ගන්නා ඔලිම්පික් ගිනිසුළුව සොනාලි කුමාරි වීරසේකර සහ ගයාන් සමීර දිසානායක යන දෙපළ ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක දිනය වන 9දා උදෑසන ඔලිම්පික් පහන දැල්වීම සිදු කරති.
10දා උදෑසන 6.00ට පිරිමි සහ කාන්තා පාපැදි තරග ආරම්භ කෙරෙන අතර, පිරිමි තරගය කිලෝ මීටර් 160ක දුරකින්ද, කාන්තා තරගය කිලෝ මීටර් 20ක දුරකින්ද යුක්තවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 10දා පස්වරු 2.00ට ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උත්සවය පැවැත්වේ.
මහවැලි කලාපවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයටත්, එතැනින් ජාත්‍යන්තර තලයටත් ගෙනඒමේ අරමුණින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ධීවර හා ජල සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අමරවීර මහතා සඳහන් කර සිටියේ ශ්‍රියානි කුලවංශ මුලින්ම මහවැලි ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ජාතික තලයට ප්‍රවේශ වූ බවත්, තවත් එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මහවැලි ක්‍රීඩා උළෙලින් රටට දායාද කර ඇති බවත්, එවැනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට දායාද කිරීමට මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන බවයි.

ප්‍රභාත් විදානපතිරණ

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය 2දා නිමාව දුටු 95 වැනි ජාතික ශූරතා ‍‍‍ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර වර්ණලාභී ගුවන් හමුදාවේ මංජුල කුමාර විජේසේකර සම්මාන දිනාගනු ලැබිය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහි වූ අතර, නව තරග වාර්තා 8ක් සහ එක් සම කිරීමකින් සමන්විත විය.
මෙවර තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා, දක්ෂතම පැනීමේ ක්‍රීඩකයා සහ දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා ලෙසද මංජුල කුමාර විජේසේකර නම් කිරීමට සංවිධායකයින් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබිම කැපී පෙනුණි.
පිරිමි උස පැනීමේ තරගයේදී ප්‍රදර්ශනය කළ මීටර් 2.21ක දක්ෂතාව පදනම් කර ගනිමින් මංජුල කුමාරට මෙම සම්මාන හිමි විය.
ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ උපමාලී රත්නකුමාරි මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
මීට අමතරව දක්ෂතම කෙටි දුර ධාවන ශූරිය ලෙසද රත්නකුමාරි සම්මාන දිනා ගැනීම කැපී පෙනුණි.
කාන්තා මීටර් 400 ඉසව්වේදී ප්‍රදර්ශනය කළ තත්පර 53.63ක දක්ෂතාව පදනම් කර ගනිමින් මෙම සම්මානය ඇයට හිමිවූවාය.
මෙවර තරගාවලියේදී යාපනයේ ජෙගදීස්වරන් අනීතා කාන්තා රිටිපැනීමේ ඉසව්වේදී මීටර් 3.74ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ද, යුද හමුදාවේ අජිත් කරුණාතිලක පිරිමි දස ප්‍රයාම තරගයේදී ප්‍රසාද ලකුණු 7000කට වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ද, යුද හමුදාවේ ලක්ෂිකා සුගන්දි කාන්තා සප්ත ප්‍රයාම තරගයේදී ප්‍රසාද ලකුණු 4779ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ද නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූහ.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ සම්මානලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්
දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩකයා - ගුවන් හමුදාවේ ඒ.එල්.ඒ. රත්නසේන - මීටර් 400 කඩුලු (තත්. 51.05)
දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා - යුද හමුදාවේ ඩී.එස්. සම්පත් රණසිංහ - හෙල්ල විසිකිරීම (මීටර් 76.92)
දක්ෂතම කෙටි දුර ක්‍රීඩකයා - යුද හමුදාවේ දිලිප් රුවන් - මීටර් 400 (තත්. 46.66)
දක්ෂතම මැදි දුර දිවීමේ ක්‍රීඩිකාව - නාවික හමුදාවේ ජී.ටී.ඒ. අබේරත්න - මීටර් 800 (මිනිත්තු 2.05.69)
දක්ෂතම දිගු දුර දිවීමේ ක්‍රීඩිකාව - යුද හමුදාවේ යූ.කේ.එන්. රත්නායක - මීටර් 3000 බාධක දිවීම (මිනිත්තු 10.25.25)
දක්ෂතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකාව -  යුද හමුදාවේ ඊ.කේ. මධුෂානි - මීටර් 400 කඩුලු (මි.1.00.89)
දක්ෂතම පැනීමේ ක්‍රීඩිකාව - යුද හමුදාවේ එච්.ඩී. විදූෂා ලක්ෂානි - තුන් පිම්ම පැනීම (මී. 13.43)
දක්ෂතම විසිකිරීමේ ක්‍රීඩිකාව - ගුවන් 
හමුදාවේ ඩබ්ලිව්.කේ.ටී. ප්‍රනාන්දු - යගුලිය දැමීම (මී. 14.52)
දක්ෂතම මැදි දුර ක්‍රීඩකයා - යුද හමුදාවේ ඉඳුනිල් මදුෂාන් හේරත් - මීටර් 800 (මි. 1.48.83)
 
සපුමල් වීදියබණ්ඩාර
IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 180

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3477

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2126

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3820

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6394

Please publish modules in offcanvas position.