Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ සැණකෙළිය සැප්. 8දා සිට යාපනයේදී

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ සැණකෙළිය සැප්තැම්බර් 8, 9 සහ 10 දිනවල යාපනය නගරයේ දුරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගාවලියට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් බාලක පාසල් 164ක් සහ බාලිකා පාසල් 138ක් ඉදිරිපත් වී තිබිම විශේෂත්වයකි.
අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ (බාලක-බාලිකා) වයස් සීමාවන් යටතේ පැවැත්වෙන මෙවර සහාය දිවීමේ සැණකෙළියේදී තරග ඉසව් 38ක් ක්‍රියාත්මක කෙරේ.
මෙවර තරගාවලිය යාපනය නගරයේදී පැවැත්වීම හේතුවෙන් උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතෙන්ද පාසල් කණ්ඩායම් රැසක් සියලුම වයස් කාණ්ඩයන් නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වී සිටීම කැපී පෙනෙන සිදුවීමකි.
ආරම්භක දිනයේදීම සියලුම වයස් කාණ්ඩයන්හි මීටර් 4*100 අවසන් තරග පැවැත්වීමට කටුයතු යොදා තිබේ.
මේ අනුව ක්‍රීඩා උළෙ‍ලේ පළමු දිනයේදී අවසන් තරග ඉසව් 10ක්ද, දෙවන දිනයේදී (9දා) අවසන් තරග ඉසව් 4ක්ද, තෙවැනි දිනයේදී (10දා) අවසන් තරග ඉසව් 24ක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙවර පිට පළාත්වලින් පැමිණෙන බාලක සහ බාලිකා පාසල් සඳහා නේවාසික පහසුකම් සපයා ඇති අතර, ඒ පිළිබඳ වැඩි තොරතුරු උතුරු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ (අධ්‍යාපන) කේ. සත්‍යපාලන් මහතා (0718214900, 0766642980) ඇමැතීමෙන් ලබාගත හැකි බව සංවිධායකයින් දන්වා සිටියි.
අධ්‍යාපන අමාත්‍යාංශ ‍ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන මාත්‍යාංශයේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, ශාරීරික අධ්‍යාපන විශේෂ උපදේශක කර්නල් මංජුල කාරියවසම්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) අතුල විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කෙරේ.

සපුමල් වීදියබණ්ඩාර

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1480

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1757

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3017

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1606

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1932

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3503

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click