Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උසේන් බෝල්ට්ට අමිහිරි සමුගැනීමක්

ලොව මතෛක් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය අවසන් ජාත්‍යන්තර තරග ඉසව්වේදී පාදයේ ආබාධයක් හේතුවෙන් අතර මග නතර වීම නිසා රන් පදක්කම් බලා‍පොරොත්තු සුන්වී ගියේය.
ලන්ඩන්හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ මීටර් 4*100 සහාය දිවීමේ අවසන් තරගයට සහභාගි වූ ජැමෙයිකානු කණ්ඩායමේ තරගය අවසන් කිරීමේ ක්‍රීඩකයා ලෙස යෂ්ටිය අතට ගත් උසේන් බෝල්ට් මීටර් 60ක් පමණ ධාවනයේ යෙදීමෙන් පසු පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් අතර මග නතර වූ අතර, පසුව බිම ඇද වැටුණි. 
ඉන්පසු දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාරය මධ්‍යයේ උසේන් බෝල්ට් රෝද පුටුවක ආධාරයෙන් ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියේය.
ලන්ඩන් ලෝක ශූරතා ක්‍රීඩා උළෙල තමන් සහභාගි වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය ලෙස උසේන් බෝල්ට් තරගාවලියට පෙර සිටම ප්‍රකාශ කර තිබූ අතර, ඔහුට මෙම තරගාවලියේ මීටර් 100 තරගයෙන්ද ලෝකඩ පදක්කමකින් සෑහීමට පත්වන්නට සිදුවිය. 
මේ අනුව ඉතා අමිහිරි අත්දැකීම් මධ්‍යයේ ලෝක ශූර උසේන් බෝල්ට්ට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට සිදුවිය.
මෙම පිරිමි මී. 4*100 අවසන් තරගයේදී ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් ප්‍රමුඛ කණ්ඩායම (තත්. 37.52) දෙවැනි තැනට ඇද දමමින් රන් පදක්කම දිනා ගැනීමට මහා බ්‍රිතාන්‍යය (තත්. 37.47) නියෝජනය කළ කණ්ඩායම සමත් වූ අතර, ලෝකඩ පදක්කම ජපානය (තත්. 38.04) සතුවිය.
මීටර් 4*100 සහාය දිවීමේ කාන්තා අවසන් තරගයේදී මෙවර කාන්තා මීටර් 100 රන් පදක්කම්ලාභී ටෝරි බෝවි ප්‍රමුඛ ඇමෙරිකානු කණ්ඩායම රන් පදක්කම (තත්. 41.82) දිනාගත් අතර, මහා බ්‍රිතාන්‍යයට රිදී පදක්කමද (42.12), ජැමෙයිකාවට ලෝකඩ පදක්කමද (42.19) හිමි විය.
කාන්තා මීටර් 200 අවසන් තරගයේදී නෙදර්ලන්තයේ ඩැෆ්නි ස්චිපර්ස් (තත්. 22.05) රන් පදක්කම දිනාගත් අතර, රිදී පදක්කම අයිවරි කෝස්ට්හි මාරි ජොසේටද (22.08), ලෝකඩ පදක්කම බහරේනයේ ෂාවුනේ මිලරුයිබෝටද (22.15) හිමි වූහ.
මෙම තරගාවලියේ කාන්තා මීටර් 800 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චිට (මි. 2.08.49) සහ පිරිමි හෙල්ල විසිකිරීම තරගයට සහභාගි වූ වරුණ ලක්ෂාන්ට (මී. 73.16) සිය මූලික වටයේ තරගවලින්ම ඉවත්ව යාමට සිදු වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 180

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3479

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2126

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3821

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6395

Please publish modules in offcanvas position.