Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජාතික මහා ක්‍රීඩා උළෙල සැප්. 22දා මාතරදී ඇරඹෙයි

දේශීය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සුවිශාලතම ක්‍රීඩා එකතුව ලෙස සැලකෙන ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි 43 වැන්න සැප්තැම්බර් මස 22, 23 සහ 24 දිනයන්හිදී මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සංවිධායකයින් වන ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් මාතර දිස්ත්‍රික්කයේ කොටවිල ප්‍රදේශයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.
ඒ සඳහා බස්නාහිර, මධ්‍යම, ඌව, වයඹ, නැගෙනහිර, උතුරු මැද, උතුර, සබරගමුව සහ දකුණ යන පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේ පළමු අදියර ඒ ඒ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයන්හි පැවැති ක්‍රීඩා සමාජාන්තර තරග ලෙස පැවැති අතර, දෙවැනි අදියර ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරුණි.

අනතුරුව පැවැති පළාත් ක්‍රීඩා තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටියි.

මෙවර ක්‍රීඩා උළෙ‍ලේ ආරම්භක දින ඔලිම්පික් පහන දැල්වීමට පෙර අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 22දා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි ඔලිම්පික් ගිනිසිළුව ධාවනය කරවීමටද සංවිධායකයින් කටයුතු කර තිබේ.

මෙහි ආරම්භය අගෝස්තු 28 දින පෙරවරු 8.00ට ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ සිදු කෙරේ.
43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රියාත්මක කෙරෙන 2017 වසරට ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කර වසර 50ක් සපිරීම සංකේතවත් කරමින් ක්‍රීඩා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබිමද කැපී පෙනෙයි.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ආරම්භය, විකාශනය සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වය සමග ලබාගත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සහිත සංකේත සහ ඡායාරූප මෙන්ම ලිපි ‍ලේඛනද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙති.

අ‍පොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වීමට හැකිවන පරිදි තරග දින දර්ශනය සංශෝධනය කර ඇති අතර, ඒ අනුව ඉදිරි කණ්ඩායම් ක්‍රීඩා තරග සැප්තැම්බර් 3දා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

සැප්තැම්බර් මස 3, 4 සහ 5 දිනවල ටයිකොන්ඩෝ තරග කොළඹදීද,  වෙරළ කබඩි තරග පානදුරේදීද, ජූඩෝ තරග ‍පොළොන්නරුවේදීද, වෙරළ වොලිබෝල් තරග මීගමුවේදීද පැවැත්වේ.
සැප්තැම්බර් 4 සහ 5 තුන් ප්‍රයාම තරග නිකවැරටියේදී පැවැත්වෙන අතර, සැප්තැම්බර් 6 සහ 7 දා මල්ලව‍පොර තරග නාවලපිටියේදීද, කරාතේ තරග දිගනදීද, පිහිනුම් තරග කොළඹදීද පැවැත්වේ.
සැප්තැම්බර් 4, 5 සහ 6 දිනවල ජිම්නාස්ටික් තරගද සැප්තැම්බර් 9 සහ 10දා රග්බි තරග කොළඹදී පැවැත්වේ.

සැප්තැම්බර් 10 සහ 11දා දැල්පන්දු තරග ‍පොළොන්නරුවේදීද, 10, 11 සහ 12 දිනයන්හි කබඩි තරග මාතරදීද පැවැත්වේ.
සැප්තැම්බර් 12, 13 සහ 14 දිනවල ක්‍රිකට් තරග කුරුණෑගලදීද, එල්‍ලේ සහ වූෂු තරග අනුරාධපුරයේදීද, පැසිපන්දු තරග අම්බලන්ගොඩදීද, හොකී තරග කොළඹදීද පැවැත්වේ.

සැප්තැම්බර් 16, 17 සහ 18දා බැඩ්මින්ටන් තරග කොළඹදීද, 16, 17, 18 සහ 19දා හෑන්ඩ්බෝල් තරග බණ්ඩාරගමදීද, 19 සහ 20 කඹ ඇදීමේ තරග කොළඹදීද පැවැත්වේ.
සැප්තැම්බර් 20, 21, 22 සහ 23 දිනවල වොලිබෝල්, බොක්ෂිං සහ පාපන්දු තරගද, කායවර්ධන තරග 23 වන දින මාතරදීද පැවැත්වේ.
ඒ අනුව පිරිමි සහ කාන්තා වොලිබෝල්, පිරිමි සහ කාන්තා බොක්ෂිං, පිරිමි සහ කාන්තා පාපන්දු සහ පිරිමි කාය වර්ධන තරග 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි මලල ක්‍රීඩා තරග ඉසව්වලට සමගාමීව මාතරදී පැවැත්වීම කැපී පෙනෙයි.

 

සපුමල් වීදියබණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1704

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2067

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4888

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2907

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1675

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2548

Please publish modules in offcanvas position.

Web Analytics