Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වැටුණු මලල ක්‍රීඩාව යළිත් ගොඩගන්න පාලිත-පින්නවල හැකිවේද?

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාදී ඇති මලල ක්‍රීඩාවේ පරිපාලනය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ නිලවරණය පසුගියදා පැවැත්වුණි.
එහිදී හිටපු සභාපති සුගත් තිලකරත්න වැඩි ඡන්ද 47කින් පරාජය කරමින් යළිත් සභාපතිවරයා ලෙස තේරී පත්වීමට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සමත් විය.
මෙහිදී සුගත් තිලකරත්න ඡන්ද 32ක් ලබා ගනිද්දී මේජර් ජෙනරාල් පාලිත ඡන්ද 79ක් ලබා ගැනීම තුළම පසුගිය කාලවකවානුවේ මලල ක්‍රීඩාවට සිදුවී තිබූ දේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවාගත හැකිවේ. 
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වසර 2ක් මලල කීඩා සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඉන් පසු තරග වැදීමේ අවස්ථාව අහිමි විය. 
මේ අතර මලල ක්‍රීඩා ‍ලේකම් ධුරයට යළිත් අත්දැකීම් පිරි ප්‍රේමා පින්නවල තේරී පත්වීම කාගේත් කතාබහට ලක්වී තිබේ.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයකු ලෙස සැලකෙන පින්නවල සිය අත්දැකීම් මගින් මලල ක්‍රීඩාව ගොඩනැංවීමට දැඩි දායකත්වයක් සපයනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.
පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව පසුබෑමකට ලක්වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. යම් යම් තරගාවලිවලදී පදක්කම් හිමි වුවද කිසිදු සැලසුමකින් තොරව සියලුම දේ සිදුවන බව මනාලෙස පැහැදිලි විය.
කිසිදු තරගාවලියක් ඉලක්ක කර ගනිමින් මලල ක්‍රීඩා සංචිත පිහිටුවීමක්, දක්ෂතා මැන බැලීමක් සිදු නොවූ අතර, පුහුණුකරුවන් අතර මනා සම්බන්ධීකරණයක්ද තිබූ බවක් පෙනෙන්නට නොතිබුණි.
ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ජයකෙහෙලි නැංවූ එස්.බි. යුගයේදී පුහුණුකරුවන් තම ගෝලයන්ට පදක්කම් දිනා දීමට තියුණු සටනක නිරත වූ අතර, එහි ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් හිමිවුණි. 
එහිදී එම පුහුණුකරුවන් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පහසුකම් බලධාරීන් ලවා ලබා ගැනීමට සමත් වූ අතර, මලල ක්‍රීඩාවේ දැඩි තරගකාරී බවක් සහ දැඩි ප්‍රබෝධයක් ඇතිවී තිබුණි.
එහෙත් ක්‍රම ක්‍රමයෙන් එය පසුගාමී තත්ත්වයකට පත්වී අද මලල ක්‍රීඩාව කිසිදු තරගකාරී බවක් නොමැති ජනතා අවධානයෙන් ඈත්වූ තත්ත්වයකට පත්වී තිබේ.
මේ අනුව පාලිත-පින්නවල යුගලයේ පළමු වගකීම වන්නේ නිසි පුහුණුකරු සංචිතයක් ගොඩනංවා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩකයන්ව ජාතික තලයට ගෙන යාමට අවශ්‍ය මූලික පියවර හැකි ඉක්මනින් ගැනීමයි.
පුහුණුකරුවන්ට නිසි ඇගයීමක් මෙන්ම ඔවුන්ට ගෞරවයක් ලබාදීමට අ‍පොහොසත් වුවහොත් කිසිදු දක්ෂ ක්‍රීඩකයෙක් ජාතික තලයට රැගෙන යාමට හැකි නොවේ. එදා එස්.එම්.ජී. බණ්ඩාර, සුනිල් ගුණවර්ධන, කේ.ජී. භද්‍රා, ඩර්වින් පෙරේරා, ලක්ෂ්මන් ද අල්විස්ලාට නිසි තැන ලැබුණු නිසා ලංකාවට ජාත්‍යන්තර පදක්කම් රැසක් ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ බව අමතක නොකළ යුතුවේ. 
මෙවන් තත්ත්වයක තිබෙන මලල ක්‍රීඩාව යළි ගොඩනැංවීමට නව සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට දැඩි කැපවීමකින් කටයුතු කිරීමට සිදුවී තිබේ. 
සුගත් තිලකරත්න දක්ෂ මලල ක්‍රීඩකයකු බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා නමුත් දක්ෂ පරිපාලකයකු නොවන බව ඔප්පු කර තිබේ. අත්දැකීම් පිරි පින්නවලලා සමග කනිෂ්ඨ නිලධාරියකු ලෙස වසර 7ක් 8ක් වැඩ කොට ඉහළ තනතුරකට පත්වීමට සුගත්ලාට හැකියාවක් තිබුණි. එසේ නොකර කෙළින්ම සභාපති වීමෙන් තමන්ට කළ හැකි යමක් නොමැති බව දැන් සුගත් තිලකරත්නටද තේරී ඇතුවාට සැක නැත.
හිටපු නිලධාරීන්ද වත්මන් පරිපාලනයට සම්බන්ධ කරගන්නා බව මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජයග්‍රහණයෙන් පසු පවසා තිබේ. එහෙත් සුගත්ලා සම්බන්ධ කර ගත යුත්තේ මලල ක්‍රීඩකයන් සොයාගෙන ඔවුන්ගේ දස්කම් ඉදිරියට ගෙනයාමට පුහුණු උපදෙස් ලබා ගැනීමට මිස පරිපාලනය සඳහා නොවන බව නව සභාපතිවරයා තේරුම් ගත යුතුවේ.
එළැඹෙන ආසියානු ශූරතා තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම තම පළමු අභියෝගය බව පාලිත ප්‍රනාන්දු පවසා තිබේ. 
එහෙත් සත්‍ය වශයෙන්ම ඔහුගේ පළමු අභියෝගය වන්නේ 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සාර්ථක කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමයි.
ළඟ ඇති තරගාවලි ගැන වැඩි අවධානයක් යොමු නොකර මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණු සංචිත පිහිටුවීමට කටයුතු කිරීමත් ඊට සුදුසු පුහුණුකරුවන් සහ අවශ්‍ය පහසුකම් ලබා දීමත් නව සභාපතිවරයාට පැවැරෙන පළමු රාජකාරියයි.
සුසන්තිකා ජයසිංහගේ වාර්තා බිඳ දැමිය හැකි රොමේෂිකා රත්නායක වැනි ක්‍රීඩිකාවක් කෑගල්ලන් බිහිවී තිබේ. ඔවුන් රැකබලාගෙන ඉදිරිය සඳහා රැගෙන යාමට වහාම වැඩපිළිවෙළක් සකස් කිරීම පාලිත-පින්නවල යුගලයේ වගකීමයි.
ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් මලල ක්‍රීඩා පුහුණු සංචිතය පිහිටුවීම වහාම කළ යුතු අතර, ඔවුන්ට දීර්ඝකාලීන පුහුණුවක් සහ ජයග්‍රාහී මානසිකත්වයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කාර්යයක් වී තිබේ.
මෙම කටයුතු සඳහා නිසි උපදෙස් හා අවශ්‍ය පහසුකම් ලබාදීමට වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාද සූදානමින් සිටින බැවින් මලල ක්‍රීඩාව නිවැරදි මාවතට ගෙන යාමට මෙය හොඳම අවස්ථාවයි.
මලල ක්‍රීඩාවට දැන් අවශ්‍ය වන්නේ කයිවාරුකාරයන් නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන්නන් පිරිසකි. ඇල්මැරුණු කිසිදු ජවයක් නොතිබූ වසර කිහිපයකින් පසු යළිත් නැවුම් බලා‍පොරොත්තුවක් ඇතිවී තිබේ. මලල ක්‍රීඩාව යළිත් අළුගසා දමා නැගිටිනු ඇතැයි ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා තුළ විශ්වාසයක් ඇතිවී තිබේ. සුගත් තිලකරත්නව වැඩි ඡන්ද 47කින් පරාජය කිරීමට පාලිත ප්‍රනාන්දුට හැකිවූයේ ක්‍ෂේත්‍රයේ එම බලා‍පොරොත්තුව නිසයි. පින්නවල නිතරගයෙන් පත්වූයේද එම බලා‍පොරොත්තු හේතුවෙනි. 
දැන් සියල්ලන් බලා සිටින්නේ පාලිත ප්‍රනාන්දු - ප්‍රේමා පින්නවලගේ වැඩ ගැනයි. මෙය මලල ක්‍රීඩාව ගොඩගැනීමට ඔබලාට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය. 
 
මලල ක්‍රීඩා නව නිලධාරී මණ්ඩලය
 
සභාපති - මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු
 
‍ලේකම් - ප්‍රේමා පින්නවල
 
උප සභාපතිවරු (7) 
ලාල් චන්ද්‍රකුමාර, ජී.එල්.එස්. පෙරේරා, එච්.ඩබ්ලිව්. නිමල්සිරි, අනිල් වීරසිංහ, ඒ.එච්.එම්. අක්මාල්, නයන්ති කුමාරි චන්ද්‍රසේන, අයිරාංගනී රූපසිංහ
 
භාණ්ඩාගාරික - ශාන්ත ද සිල්වා
උප ‍ලේකම්  - බර්නාඩ් පෙරේරා
උප භාණ්ඩාගාරික  - එච්.ඒ. උපාලි
 
 මංගල ධර්මප්‍රේම 
 
ඡායාරූපය - මලිත් ගමගේ{jcomments on}
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2463

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click