lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ජාතික මහා ක්‍රීඩා උළෙල රත්නපුරෙන් මාතරට

ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර මාතර කොටවිල නව ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර සිටී.
ක්‍රීඩා 33ක් ඇතුළත් ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රීඩා කිහිපයක අවසන් තරග සහ මලල ක්‍රීඩා ඇතුළු ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මාසයේදී රත්නපුරය නව ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කලින් තීරණය කර තිබුණි.
යෝජිත රත්නපුර ක්‍රීඩාංගණයේ ධාවන පථය සැකසීමේ ප්‍රමාදතාවයක් මත මලල ඉඩා ඇතුළුව ක්‍රීඩා කිහිපයක් සමග 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ලබන සැප්තැම්බර් 15, 16, 17 සහ 18 දිනවලදී පැවැත්වීමට තීරණයට එළැඹුණු බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.
මේ අනුව 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ මැරතන්, තරග ඇවිදීම සහ පාපැදි තරග මේ මස 27, 28 දිනවලදී ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අනෙකුත් ක්‍රීඩා තරග ජාතික මට්ටමින් මැයි 8 වැනි දින සිට පැවැත්වෙන අතර, ජූඩෝ, කැරම්, හොකී, රග්බි තරග ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමටද, වෙරළ කබඩි, සහ වෙරළ වොලිබෝල් තරග මීගමුවේදීද පැවැත්වෙන බවනියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා සඳහන් කර සිටියේය.
බර ඉසිලීමේ තරග ජූලි 20, 21 සහ 22 දිනවලද, කඹ ඇදීමේ තරග ජූලි 27, 28 සහ 29 දිනවල ටොරින්ටන්  ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර, තුන් ප්‍රයාම තරග ජූලි 28 වැනි දින ඇඹිලිපිටිය්දී පැවැත්වේ.
බැඩ්මින්ටන්, තයිකොන්ඩෝ, චෙස් සහ එල්‍ලේ තරග ජූලි 27, 28 දිනවලදී කොළඹ ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මල්ලව‍පොර, සැහැල්ලු පන්දු ක්‍රිකට් සැප්තැම්බර් 1, 2 දිනවල ටොරින්ටන් පිටියේද, පිහිනුම් තරග සුගතදාස පිහිනුම් තටාකයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජිම්නාස්ටික් සහ කැරම් තරග සැප්තැම්බර් 8 වැනි දින ටොරින්ටන්  ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර, රත්නපුරයේදී පැවැත්වීමට යෝජනා කර තිබූ ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු, බොක්සිං, බර ඉසිලීම, කබඩි සහ පැසිපන්දු තරග මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් මාතර නගර සීමාව තුළදී පැවැත්වේ.
 
සුනිල් අභයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1943

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1592

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2331

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1573

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6117

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3925

Please publish modules in offcanvas position.