lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

සමස්ත ලංකා තුන්පිම්ම ශූරියට පුහුණුවට තැනක් නෑ

2016 වසරේ නුවර බෝගම්බර ක්‍රීඩාපිටියේ පැවැති සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී එම තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසත් තුන්පිම්ම තරග ඉසව්වේ සමස්ත ලංකා ශූරිය ලෙසත් තේරීපත්වෙමින් මීටර් 12 සෙ-මී-66ක් දුර පනිමින් වාර්තාවක් තැබූ වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල නැ/කිරිමැටියාන පාසල් මාවත ලිපිනයේ පදිංචි හෂිනි ප්‍රබෝධා බාලසූරිය ක්‍රීඩිකාවට තම පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩාපිටියක් නොමැතිව පීඩාවට පත්ව සිටින්නීය.
වෙන්නප්පුව ශුද්ධවූ පවු‍ලේ කන්‍යාරාමයේ දැනට උසස් පෙළ ඉගෙනුම ලබන ඇය ලුණුවිල අනුරුද්ධ මධ්‍යමහා විදුහලින් මූලික අධ්‍යාපනය ලැබ 2014 වසරේදී ඉන් ඉවත්ව යනවිට බාස්කට්බෝල් හා මලලක්‍රීඩා තරගවලින් දස්කම්පාමින් සිටි අතර ජෝන් ටාබට් කුසලානය සඳහා වූ 2014 වසරේ පැවැති සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම තරග ඉසව්වෙන් මීටර් 11 සෙ-මී-98ක් දුර පනිමින් ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදී.
ඉන්දියාවේ පැවැති දකුණු ආසියා මලලක්‍රීඩා විවෘත තරගාවලියට සහභාගි වූ ඇය තුන්පිම්ම ඉසව්වෙන් සිව්වන ස්ථානයත් වියට්නාමයේ පැවැති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී හත්වන ස්ථානයත් දිනාගත් අතර පසුගිය වසරේදී ජාතික තරුණසේවා සභාවේ මෙහෙයවීමෙන් බදුල්‍ලේ පැවැති මලලක්‍රීඩා තරගාවලියේදී එම තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් තරගාවලියේ කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් තේරුණි.

ලුණුවිල අනුරුද්ධ විදුහ‍ලේ ක්‍රීඩා පුහුණුවීම්වලදී තමාට අතදුන් ජනත් කාංචන මහතා හා ආර්-ඒ-නිමාලි මහත්මියවත් වෙන්නප්පුව ශුද්ධවූ පවු‍ලේ කන්‍යාරාමයේ මලල ක්‍රීඩා පුහුණුවීම්වලදී උපදෙස් ලබාදෙන පිලිප් රංජිත් මහතා සහ ප්‍රියංගනී සේනානායක මහත්මියවත් ඇය ඉතා ආදරයෙන් සිහිපත් කරයි.
තමාගේ ඉදිරි පුහුණුවීම් කටයුතු සඳහා දැනට තමන් වෙන්නප්පුව ඇල්බට් ඇප්-පීරිස් ක්‍රීඩාපිටිය තෝරාගෙන ඇතත් එහි ඇති අඩුපාඩු සපුරා නොමැතිකම තම ඉදිරිගමනට බලවත් බාධාවක්ව ඇති බව කියන මෙම ක්‍රීඩිකාව තරුණසේවා සභාව භාර රාජ්‍ය අමාත්‍යවරයා වන නිරෝෂන් පෙරේරා මහතාගේ අවධානය ඒ සඳහා යොමුකරවන ලෙසද කාරුණිකව ඉල්ලීමක් කර සිටින්නීය.
විදේශ රටක පැවැත්වෙන සාප් මලලක්‍රීඩා තරගාවලියකට සහභාගි වී ඇති එකම පාසල් ක්‍රීඩිකාව ලෙස පාසල් ක්‍රීඩා ඉතිහාසයට එක්වී සිටින ඇයගේ ඉදිරිගමනට අතදීම අප සැමගේ යුතුකමක් වනුයේ ඇය අප මව්බිමේ සම්පතක්ද වන හෙයිනි.

ජෝන් ඇන්ටනි - වෙන්නප්පුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 160

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 897

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5036

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3196

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5010

Please publish modules in offcanvas position.